සමාජ ජාල ඔස්සේ වන සංහාරය ගැන තොරතුරු පළකිරීම නිසා අත්අඩංගුවට ගත් චමිල් ජයසිංහ ඇප මත මුදා හරියි

ඊයේ අත්අඩංගුවට ගැනුනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කොත්මලේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු වන චමිල් ජයසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

පොලීසිය විසින් සිංහරාජයේ වන සංහාරයක් ගැන අසත්‍ය ඡායාරූප ඇතුලත් පෝස්ටුවක් සිය ෆේස් බුක් ගිණුමේ පළ කරමින් ජනතාව කුපිත කිරීමට උත්සහ කලේ යැයි යන චෝදනාව මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඔහුට විරුද්ධව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි.

අධිකරණයේදී චමිල් ජයසිංහ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ප්‍රකාශ කර ඇති පරිදි පොලීසිය විසින් චමිල් ජයසිංහ පොලිස් විමර්ශකයන්ට පිහියකින් ඇනීමට තැත් කරමින් විමර්ශකයන්ට තර්ජනය කල බවට අසත්‍ය කරුණු අධිකරණයේ ප්‍රකාශ කරමින් චමිල් ජයසිිංහව රක්ෂිත බන්ධනාාරගත කිරීමට ඉල්ලුම් කල බවයි. කෙසේ වෙතත් පොලීසියේ මෙම කරුණු දැක්වීම් පිළි නොගත් අධිකරණය චමිල් ජයසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...