සමාජ ජාල ඔස්සේ වන සංහාරය ගැන තොරතුරු පළකිරීම නිසා අත්අඩංගුවට ගත් චමිල් ජයසිංහ ඇප මත මුදා හරියි

ඊයේ අත්අඩංගුවට ගැනුනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කොත්මලේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු වන චමිල් ජයසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

පොලීසිය විසින් සිංහරාජයේ වන සංහාරයක් ගැන අසත්‍ය ඡායාරූප ඇතුලත් පෝස්ටුවක් සිය ෆේස් බුක් ගිණුමේ පළ කරමින් ජනතාව කුපිත කිරීමට උත්සහ කලේ යැයි යන චෝදනාව මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඔහුට විරුද්ධව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි.

අධිකරණයේදී චමිල් ජයසිංහ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ප්‍රකාශ කර ඇති පරිදි පොලීසිය විසින් චමිල් ජයසිංහ පොලිස් විමර්ශකයන්ට පිහියකින් ඇනීමට තැත් කරමින් විමර්ශකයන්ට තර්ජනය කල බවට අසත්‍ය කරුණු අධිකරණයේ ප්‍රකාශ කරමින් චමිල් ජයසිිංහව රක්ෂිත බන්ධනාාරගත කිරීමට ඉල්ලුම් කල බවයි. කෙසේ වෙතත් පොලීසියේ මෙම කරුණු දැක්වීම් පිළි නොගත් අධිකරණය චමිල් ජයසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...