ගෝලීය ප්‍රාග්ධනයට, අධිරාජ්‍යවාදී බල පොරයට ජනතාව බිලිදෙන වරාය නගර පනතට එරෙහිව පෙ.ස.ප. විරෝධතාවයක

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (19) කොළඹ උපරිමාධිකරණ සංකීරණය අසල විරෝධතාවයක නිරත විය.

එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ වෙරළ තීරයට දැඩි හානි සිදු කරමින්, සියලු පාර්ශ්වවල විරෝධයද නොසලකා වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ බවයි. එසේ ගොඩනැගූ වරාය නගරය තුළ ලෝක බලවතුන්ට, කලාපීය බලවතුන්ට, ගෝලීය ප්‍රාග්ධනයට රිසි සේ කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම පනත් කෙටුම්පත හරහා සිදුවන බවට ඔහු චෝදනා කර තිබේ. එසේම මෙරට තුල ක්‍රියාත්මක අන පනත් උදාහරණයක් ලෙස මූලික කම්කරු නීති පවා මේ පනත හරහා කප්පාදු කරන බව පුබුදු ජයගොඩ පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...