ලුසීගේ නිදහස වෙනුවෙන් හෙට කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

කැනඩාවේ, එඩ්මන්ටන් සත්ව උද්‍යානයේ සිටින අවුරුදු 46 ක් වයසැති ශ්‍රී ලාංකික ලුසී නම් ඇතින්න නිදහස් අලි රැදවුමකට යොමු කරන ලෙස ඉල්ලමින් කෙරෙන විරෝධතාවයක් මාර්තු මාසෙ 26 වන දින පස්වරු 3.00 ට ,5 වන පටුමඟ , කොළඹ 3 , කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වේ . මේ විරෝධතාවය සඳහා පෙරමුණ ගෙන වැඩ කරන්නේ සත්ව අයිතිවාසිකම් හා පරිසරය වෙනුවෙන් පෙළ ගැසෙමු සංවිධානය (RARE) සහ කැනඩාවේ සත්ව ක්‍රියාකාරී සංවිධානයක් වන LEAP සංවිධාන ඒකාබද්ධවයි .

විරෝධතාවය අවසානයේදී (RARE) සංවිධානය, ඔටාරා ගුණවර්ධන , ලක් සොබා සුරකින්නෝ සංවිධානය ඇතුළු ARPF , ROH සංවිධාන කීපයක් ලුසී වෙනුවෙන් ඉල්ලීම් සහිත ලිපි ගොනුවක් කැනේඩියානු අගමැතිට භාර දීම පිණිස කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයට භාර දීමට නියමිතයි

වැඩි විස්තර සඳහා එසංක 0775191038, පාංචාලි 0766405745 සම්බන්ද කර ගත හැක

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...