ලුසීගේ නිදහස වෙනුවෙන් හෙට කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

කැනඩාවේ, එඩ්මන්ටන් සත්ව උද්‍යානයේ සිටින අවුරුදු 46 ක් වයසැති ශ්‍රී ලාංකික ලුසී නම් ඇතින්න නිදහස් අලි රැදවුමකට යොමු කරන ලෙස ඉල්ලමින් කෙරෙන විරෝධතාවයක් මාර්තු මාසෙ 26 වන දින පස්වරු 3.00 ට ,5 වන පටුමඟ , කොළඹ 3 , කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වේ . මේ විරෝධතාවය සඳහා පෙරමුණ ගෙන වැඩ කරන්නේ සත්ව අයිතිවාසිකම් හා පරිසරය වෙනුවෙන් පෙළ ගැසෙමු සංවිධානය (RARE) සහ කැනඩාවේ සත්ව ක්‍රියාකාරී සංවිධානයක් වන LEAP සංවිධාන ඒකාබද්ධවයි .

විරෝධතාවය අවසානයේදී (RARE) සංවිධානය, ඔටාරා ගුණවර්ධන , ලක් සොබා සුරකින්නෝ සංවිධානය ඇතුළු ARPF , ROH සංවිධාන කීපයක් ලුසී වෙනුවෙන් ඉල්ලීම් සහිත ලිපි ගොනුවක් කැනේඩියානු අගමැතිට භාර දීම පිණිස කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයට භාර දීමට නියමිතයි

වැඩි විස්තර සඳහා එසංක 0775191038, පාංචාලි 0766405745 සම්බන්ද කර ගත හැක

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...