රංග මිගාර වීරක්කොඩි උණ්ඩියල් ක්‍රමයට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සිදත් වීරක්කොඩිට මුදල් පොම්ප කරලා

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු පිලිබඳ විශේසඥ වෛද්‍යවරයෙකි. නමුත් ඔහු වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන්නෙකි. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු මාෆියාවේ විශාල පුරුකකි. ඔහුගේ අන්වර්ථ නාමය ‘වකුගඩු හන්ටර්’ ය. රංග මිගාර වීරක්කොඩිලා ගේ වකුගඩු මාෆියාව නිසා මේ වන විට වකුගඩුවක මිල රුපියල් මිලියන 3-4 පමණ වෙයි. මේ මුදලින් වකුගඩු දායකයාට ලැබෙන්නේ රුපියල් ලක්‍ෂ පහකටත් අඩු මුදලකි. ඉතිරි මුදල් යන්නේ මාෆියාවට සහ මාෆියාව ආරක්‍ෂා කරන ලොකු ලොකු පුද්ගලයන්ටය. ලංකාවේ කුඩු ජාවාරමට පසුව අධිකව මුදල් ලැබෙන ජාවාරම නීති විරෝධී වකුගඩු ජාවාරමය.

නීති විරෝධී වකුගඩු ජාවාරමේදී රෝගියාගෙන් ලක්‍ෂ 30 -40 ක පමණ මුදලක් අය කර ගන්නා අතර වකුගඩු දායකයාට ලක්‍ෂ 5ක මුදලක් දෙනු ලැබේ, ඉතිරි ලක්‍ෂ 25 ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු සහ රෝහල බෙදා ගනිති. ලංකාවේ 1987 අංක 48 දරන ශරීර අවයව බද්ධ කිරීමේ පනත ලිහිල් නිසා ඉන්දියාව, මලයාසියාව , තායිලන්තය යන රට වල රෝගීන් වකුගඩු බද්ධ කර ගැනීම සඳහා ලංකාවට පැමිනෙති. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් 2500 කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබේ. එහෙත් ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු කොට තිබෙන බව වාර්තා වෙයි. හොර වකුගඩු ජාවාරමට වෛද්‍යවරුන් කීප දෙනෙකු පිලිබඳව වාර්තා වන බව සිළුමිණ සුනිල් දයා අල්විස් පෙන්වා දුන්නේය. මොවුන් අතරින් වෛද්‍ය මොනික් අඹේපිටිය , වෛද්‍ය හබීබා සහීෆ් ,වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි , යන අය පිලිබඳව වාර්තා වී තිබේ.

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි පවසන ආකාරයට ඔහු පුද්ගලික සේවයේ නොයෙදෙයි. සාමාන්‍ය මධ්‍යම පන්තියකින් ආ රංග මිගාර වීරක්කොඩි මේ වන විට විශාල ධනස්කන්දයක් උපයාගෙන තිබේ. ඔහුගේ මුදල් ඔහු පොම්ප කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාවටය. ඔහුගේ සහෝදරයා වන සිදත් වීරක්කොඩි ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. මුලදී ඉන්දියානු අවන්හලක වේටර්වරයෙකු සහ කෝකියාගේ සහායකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ වැඩ කල සිදත් වීරක්කොඩි මේ වන විට ඕස්ට්‍රේලියාවේ එපාර්ට්මන්ට් දෙකක හිමිකරුවෙකි. තවද ඔහු තම බිරිඳගේ නමටද දේපළ මිලට ගෙන ඇත. මේ මුදල් සියල්ල රංග මිගාර වීරක්කොඩි ගේ බව පැවසේ.

රංග මිගාර වීරක්කොඩි වකුගඩු ජාවාරමෙන් උපයා ගත් මුදල් තම සහෝදරයා වෙතට පොම්ප කොට ඇත්තේ උණ්ඩියල් ක්‍රමයට බව වාර්තා වෙයි. උණ්ඩියල් ක්‍රමය යනු නීති විරෝධීව මුදල් රටකින් රටකට යවන එක් ක්‍රමයකි. උණ්ඩියල් ක්‍රමය භාවිතා කරන ලද්දේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූවද මේ වන විට නිති විරෝධී මිනිස් අවයව ජාවාරමේ නියැලෙන්නන් ද උණ්ඩියල් ක්‍රමය භවිතා භාවිතා කරන බව පෙනී යයි.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...