පාලකයෝ 73වන නිදහස් දිනය සමරද්දී වතු කම්කරුවන්ට ඉඩමක් , නිවසක්, ඇඩ්රස් එකක්වත් නැහැ – වතු කම්කරු මධ්‍යස්ථානය

Date:

‘ඉඩමක් නෑ නිවසක් නෑ ඇඩ්රස් නෑ වතු කම්කරුවන්ට කෝ නිදහස’ යන සටන් පාඨය මූලික කරගනිමින් වතු කම්කරු මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(04) හපුතලේ නගරයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වසන්ත අබේකෝන් පැවසුවේ පාලකයන් නිදහස් චතුරශ්‍රයට වී 73වන නිදහස් දිනය සමරද්දී වතු කම්කරුවන්ට තමන්ට කියා ඉඩමක , නිවසක් තබා අඩුම වශයෙන් තමන්ට කියා ඇඩ්රස් එකක්වත් නැති බවයි. ඔවුන් තවමත් ඇති දුෂ්කර කොන්දේසි යටතේ රටේ ආර්ථිකයට සම්බන්ධ වෙමින් සිටින බව ඔහු පවසයි.

වසන්ත අබේකෝන් වැඩිදුරටත් පැවසුවේ,
” 2015 ඉදලා දැන් අවුරුදු 6ක් වෙනවා වතු කම්කරුවන්ට රු. 1000ක් දෙනවා කියලා. පසුගිය අවුරුදු 6 තිස්සේ වතු කමකරුවන්ව රවට්ටනවා. විටින් විට තමන්ගේ ආකර්ශනීය පොරොන්දු බවට පත්කරගත්තේ වතු කම්කරුවන්ගේ රු. 1000. යහපාලන ආණ්ඩුවෙන් රු 20ක සොච්චමකින් පඩි වැඩි කළා. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ඇවිල්ලා දැන් තුන් හතර වතාවක් කිව්වා වතු කම්කරුවන්ට රු 1000 දෙනවා කියලා. තාමත් ලබදුන්නේ නැහැ. පසුගිය අයවැයේදී කිව්වා ජනවාරි මාසෙ මුල ඉඳලා දෙනවා කියලා. ජනවාරි මාසෙ 28වැනිදාට සාමූහික ගිවිසුම අත්සන් කරන්න තිබුණා. දැන් ආණ්ඩුවයි, වතු වෘත්තීය සමිතියි, වතු හාම්පුත්තුයි කඹ ඇදිල්ලක ඉන්නවා. ආණ්ඩුව කියනවා මේක පඩි පාලක සභාවට දානවා කියලා. පඩිපාලක සභාවේ ඉන්නෙත් ආණ්ඩුවයි, වතු වෘත්තීය සමිතියි, වතු හාම්පුත්තුම තමයි. මේ බොරුවක් කරන්නේ. ජීවන් තොන්ඩමන්ලා හෙට ඉඳන් හර්තාල් පටන් ගන්නවලු. අපිට ආරංචියක් තියෙනවා රුපියල් 860ට වතු කම්කරුවන්ගේ පඩිය ලබාදෙන්න සූදානම් කියලා. කෑලි එල්ලලා රුපියල් 1000ක් දෙන්න. මේක තමයි හැමදාම කරේ. දැන් මේ බොරුව අරගෙන එන්න වතු කම්කරුවන්ව පාරට බස්සනවා කියලා කියනවා. අපි කැමතියි වතු කම්කරුවන්ව පාරට බස්සනවා නම්. නමුත් මේ බොරුවට ඉඩදෙන්න බැහැ. බේසික් එක රුපියල් 860 තියාගෙන වැටුපට කෑලි එල්ලන්න අපි ඉඩ තියන්නෙ නැහැ. ඒ නිසා වතු කම්කරු මධ්‍යස්ථානය ලෙස අපි සියලුම වතු වෘත්තීය සමිති එකතු කරලා මේ රටේ වතු වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන එකතු කරලා මේ අරගලය තවදුරටත් දියත් කරනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...