ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර වසර 11ක් – අතුරුදහන්වූවන්ගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් එළිදක්වයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර වසර 11ක් ගතවීම නිමිත්තෙන් www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් එළිදක්වා තිබේ.

“ප්‍රගීත් එක්නැලිගොඩ නම් ඒ මානව ප්‍රේමියා අපෙන් උදුරාගෙන වසර 11යි!” එම වෙබ් අඩවියේ තේමාවයි.

එකොලොස් වසරක් පුරා අතුරුදහන් ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය සොයා තමන් කළ ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ ජීවත්ව සිටියදී ලිඛිත හා චිත්‍රයට නගන ලද සියල්ල එක්තැන් කරමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන බව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ පවසා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීමට ලක්ව සිටින සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා පිළිබද තොරතුරුද එම වෙබ් අඩවියේ ඇතුලත් කර ඇති බව සන්ධ්‍යා එක්නැලිගොඩ වැඩි දුරටත් සදහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...