ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර වසර 11ක් – අතුරුදහන්වූවන්ගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් එළිදක්වයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර වසර 11ක් ගතවීම නිමිත්තෙන් www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් එළිදක්වා තිබේ.

“ප්‍රගීත් එක්නැලිගොඩ නම් ඒ මානව ප්‍රේමියා අපෙන් උදුරාගෙන වසර 11යි!” එම වෙබ් අඩවියේ තේමාවයි.

එකොලොස් වසරක් පුරා අතුරුදහන් ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය සොයා තමන් කළ ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ ජීවත්ව සිටියදී ලිඛිත හා චිත්‍රයට නගන ලද සියල්ල එක්තැන් කරමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන බව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ පවසා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීමට ලක්ව සිටින සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා පිළිබද තොරතුරුද එම වෙබ් අඩවියේ ඇතුලත් කර ඇති බව සන්ධ්‍යා එක්නැලිගොඩ වැඩි දුරටත් සදහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...