සේරුවිල රත්‍රං නිධියක් ගැන පළවූ වාර්තා අතිශෝක්තියක් – පරිසර අමාත්‍යංශය කරුණු දක්වයි

ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයෙන් රත්‍රං නිධියක් හමුවූ බව පවසමින් පළකරන ලද මාධ්‍ය වාර්තා අතිශයෝක්තියෙන් වාර්තා කරන ලද ඒවා බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසා තිබේ. ඔහු පවසා ඇත්තේ එම ප්‍රදේශයේ තුළ කොපමණ ප්‍රමාණයෙන් තඹ , රත්තරන් අඩංගු ද යන්න තීරණය කළ හැකි වන්නේ කැණීම් කිරීමෙන් පමණක් බවයි. ඒ සඳහා විවිධ පියවර රැසක් අනුගමනය කලා යුතු බවද ලේකම්වරයා පෙන්වා දී ඇත.

වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් පවසා ඇත්තේ,

“ මෙම රත්‍රං නිධිය සම්බන්ධයෙන් වාර්තා වී තිබෙන මාධ්‍ය වාර්තා අතිශෝක්තියෙන් යුක්ත ඒවා. මේ සම්බන්ධයෙන් ඇමතිවරයා හෝ අමාත්‍යාංශය විසින් මේ දක්වා කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ. මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අපි අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ජාවක් පැවැත්වුවා. ඒ සඳහා භූවිද්‍යා කාර්යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ වූනා.

සේරුවිල ඔය කියන ප්‍රදේශය ගත්විට. ඔය කින ග්‍රිඩ් ගත්තාහම. ඒ ග්‍රිඩ්වලින් සියයට 95ක් අදාළ වන්නේ වනජීව කලාපය තුළට. පළමු පියවර ලෙස භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අපට ලබාදෙනවා මේ අපි කියන exploration කිරීම සඳහා ඒ ක්‍රමවේදය කුමක්ද කියලා. මෙය වනජීවි දෙපාර්මේන්තුවට සහ ඒ රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම්දීමක් කරනවා. මෙය explore කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දෙන ලෙස. එහිදි ඇත්ත වශයෙන්ම අපි කියන පාරිසරික ඇගයීම. ඒ අනුව ඔය කියන ප්‍රදේශවල කැණීම් කරලා එවැනි තත්ත්වයකින් පසුව පමණයි මොන ප්‍රමාණයකට රත්‍රං තියෙනවාද? මොන ප්‍රමාණයකට පස් තියෙනවාද කියන එක දැන ගැනීමට හැකි වන්නේ.“

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...