මිනිසාගේ ළඟම නෑයන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හි පිහිටි සැන් ඩියාගෝ සත්ව උද්‍යානයේ සිටින ගොරිල්ලන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම සතුන් රැක බලා ගැනීමට යොදා සිටි සේවකයෙකු හරහා ඔවුන්ට වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බවට අනුමාන කෙරේ. කෙසේවෙතත් බලධාරීන් පවසන්නේ සේවකයන් සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳ සිට ඇති බවයි.

මිට පෙර සිංහයින්, සුනඛයින් සහ බළලුන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අවස්ථා කිහිපයක් දක්නට ලැබුනත් වානරයකෙට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ බවට තහවුරු වූ පළමු අවස්ථාව මෙය බව සැළකේ.

දැනට ගෝරිල්ලන් සාමාන්‍ය තත්ත්වයේ පසුවන නමුත් ගොරිල්ලන් කිහිපදෙනෙකුට කැස්සක් දක්නට ලැබෙන බවද සත්වෝද්‍යාන පාලකයින් සඳහන් කර ඇත.

කෙසේවෙතත් වන ජීවි විශේෂඥයින් පවසා ඇත්තේ දැනටමත් වඳවීමේ තර්ජනයට ලක්වී සිටින මිනිසුන්ට ලඟින්ම නෑකම් කියන මෙම සතුන්ට වෛරසය බෝ වීම කණගාටුදායක කාරණයක් බවයි.

ලෝක වනජීවී අරමුදලට අනුව සැන් ඩියාගෝ සෆාරි උද්‍යානයේ ආසාදිත ගෝරිල්ලන් බටහිර පහත්බිම් ගෝරිල්ලන් වන අතර පසුගිය දශක දෙක තුළ ජනගහනය 60% කට වඩා අඩුවී ඇති වර්ගයකි.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...