අධික රතිඤ්ඤා  ශබ්දය උහුලනු බැරිව දහස්ගණනක් කුරුල්ලෝ අවසන් ගමන් යයි

2020 වසර අවසන් කරමින් 2021 වර්ෂය ආරම්භ සනිටුහන් කරන්නට ලෝකේ හැම රටකම මිනිසුන් මධ්‍යම රාත්‍රියේ ගිණිකෙළි සංදර්ශන පැවැත්වීම සහ විවිධ උත්සව පැවැත්වීම සිරිතක්. මිනිසා යනු බුද්ධිමත්ම සතා ලෙස අපි හඳුන්වන මුත් සියලු පැවැත්මන්ගේ  විනාශ කරු බවට පත්ව ඇත්තේ මිනිසාමය.

2021 ජනවාරි පළමුවෙනිදා රාත්‍රියේ ඉතාලියේ ප්‍රධාන නගරය වන රෝමයේ දුම්රියපොළ ආසන්න මාර්ගයක කුරුල්ලන් දහස් ගණනක් මිය ගොස් බිම වැටී ඉන්න අයුරු දැකගන්නට හැකි වූ බව වාර්තා වෙනවා.මෙසේ කුරුල්ලන් මිය යෑමට හේතු වී තිබෙන්නේ අධික ශබ්දයෙන් යුතු රතිඤ්ඤා පත්තු කිරීමයි. කුරුල්ලන් මෙසේ මිය ගිහින් තිබෙන්නේ බැරල්  නමින් හඳුන්වන අධික ශබ්දයෙන් යුතු රතිඤ්ඤා විශේෂය හේතුවෙනි. පරිසරවේදීන් සහ සත්ව සංවිධාන මෙම රතිඤ්ඤා විශේෂය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබුණද  ක්‍රියාමාර්ග නොගැනීම තුළ මෙවැනි උත්සව අවස්ථාවලදී සත්ව ඝාතන සිදු වෙන බව පවසමින් රෝම්  නගරාධිපතිවරයාට එරෙහිව විරෝධතාවය දක්වමින් තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...