අධික රතිඤ්ඤා  ශබ්දය උහුලනු බැරිව දහස්ගණනක් කුරුල්ලෝ අවසන් ගමන් යයි

2020 වසර අවසන් කරමින් 2021 වර්ෂය ආරම්භ සනිටුහන් කරන්නට ලෝකේ හැම රටකම මිනිසුන් මධ්‍යම රාත්‍රියේ ගිණිකෙළි සංදර්ශන පැවැත්වීම සහ විවිධ උත්සව පැවැත්වීම සිරිතක්. මිනිසා යනු බුද්ධිමත්ම සතා ලෙස අපි හඳුන්වන මුත් සියලු පැවැත්මන්ගේ  විනාශ කරු බවට පත්ව ඇත්තේ මිනිසාමය.

2021 ජනවාරි පළමුවෙනිදා රාත්‍රියේ ඉතාලියේ ප්‍රධාන නගරය වන රෝමයේ දුම්රියපොළ ආසන්න මාර්ගයක කුරුල්ලන් දහස් ගණනක් මිය ගොස් බිම වැටී ඉන්න අයුරු දැකගන්නට හැකි වූ බව වාර්තා වෙනවා.මෙසේ කුරුල්ලන් මිය යෑමට හේතු වී තිබෙන්නේ අධික ශබ්දයෙන් යුතු රතිඤ්ඤා පත්තු කිරීමයි. කුරුල්ලන් මෙසේ මිය ගිහින් තිබෙන්නේ බැරල්  නමින් හඳුන්වන අධික ශබ්දයෙන් යුතු රතිඤ්ඤා විශේෂය හේතුවෙනි. පරිසරවේදීන් සහ සත්ව සංවිධාන මෙම රතිඤ්ඤා විශේෂය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබුණද  ක්‍රියාමාර්ග නොගැනීම තුළ මෙවැනි උත්සව අවස්ථාවලදී සත්ව ඝාතන සිදු වෙන බව පවසමින් රෝම්  නගරාධිපතිවරයාට එරෙහිව විරෝධතාවය දක්වමින් තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්