Breaking News

ඉතාලියේ වෙසෙන සංක‍්‍රමණිකයින්ට තවත් ජයක්

තීමස් විජිත්

ඉතාලියේ නීත්‍යානුකූලව පදිංචිව සිටින යුරෝපා සංගම් නොවන සංක‍්‍රමණිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට විදේශයක පදිංචිව සිටියද පවුල් දීමනා සඳහා හිමිකම් ඇති බව පසුගිය නොවැම්බර් 26 දින යුරෝපා සංගමයේ අධිකරණය විසින් තීන්දු කර තිබේ. මෙම තීන්දුව ලැබුණේ ශ‍්‍රී ලංකීය පුරවැසියෙකු සහ පාකිස්තාන පුරවැසියකු යුරෝපා අධිකරණයට කල පැමිනිල්ල විභාගයේ අවසන ප‍්‍රකාෂයට පත්කල තීන්දුව සමගිනි. මොවුන් දෙදෙනා අධිකරණයට පැමිනිලි කිරීමට හේතු වූයේ ඔවුන් විසින් ජාතික සමාජ ආරක්ෂණ ආයතනය (INPS) වෙත ඉදිරිපත් කල ඉල්ලූම්පත් ප‍්‍රතික්ෂේප වීම හේතුවෙනි.

මෙතෙක් පවුල් දීමනාව ගෙවීම් කලේ අදාල ඉල්ලූම් කරුගේ පවුලේ සාමාජිකයින් ඉතාලියේ නේවාසිකව සිටින අවස්ථා වලදී පමනි. එම සාමාජිකයින් යැපෙන්නේ තමන්ගෙන් වුවත් ඔවුන් ඉතාලියේ පදිංචිවී නොමැති නම් ඒ සඳහා ගෙවීම් ප‍්‍රතික්ෂේප කල අතර යම් හෙයකින් ඔවුන්ගේ රාජ්‍ය මූල්‍ය කේතය (CODICE FISCALE)සකස් කර ඉල්ලූම්පත් ඉදිරිපත්කර එම සාමාජිකයින් ඉතාලියේ රැඳී සිටින්නා සේ හගවමින් එම මුදල් ලබාගත් අයවලූන්ටද පසුව කල සෝදිසි වලදී ඒ බව අනාවරණය වීමෙන් දඩ සහිතව එම ලබාගත් මුදල ආපසු ගෙවීමට සිදුවූ අවස්ථාද අප දනිමු.

එබැවින් යුරෝපා සංගමයේ අධිකරණයට අනුව, කෙටිකාලීන හෝ දිගුකාලීන වීසා බලපත‍්‍රයක් සහිතව ඉතාලියේ රැඳී සිටින යුරෝපා සංගම් නොවන පුරවැසියන්ට, සමාජ ආරක්ෂණ ප‍්‍රතිලාභයන් ප‍්‍රතික්ෂේප කරන හෝ අඩු කරන ඉතාලි ව්‍යවස්ථාව යුරෝපා සංගම් නීතියට පටහැනිය. ජාතික සමාජ ආරක්ෂණ ආයතනය (INPS) සෑම විටම ගෙවීම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ අදාල පවුලේ සාමාජිකයින් යුරෝපා සංගම් නොවන වෙනත් තුන්වන රටක වාසය කරන බව පවසමිනි. ඒ හේතුවෙන් එම දීමනා ලැබුනේ ඉතාලියේ වාසය කරන්නන්ට පමණි. එම නිසා යුරෝපා අධිකරණයේ නිගමනය වූයේ අදාල ඉල්ලූම් කරුගේ උපන් රට සහ ඉතාලිය අතර ගිවිසුමකට එළැඹ ඇති අවස්ථා හැර එම යැපෙන්නන්ට ගෙවීම් කල යුතු බවයි.

නමුත් ඉතාලි පුරවැසියන් සඳහා පවතින නීති බෙහෙවින් වෙනස් ය. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඉතාලියේ පදිංචිව නොසිටියද දීමනාවට ඇති අයිතිය පිළිගනී. අභියාචනයයේ අවසාන අවස්ථාව වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවයි. එය යුරෝපා සංගම් අධිකරණය වෙත යොමු වීමෙන් පසු ලැබෙන තීන්දුව ආපසු හැරවීම අසීරුය. එබැවින් මෙම තීන්දුව ජාතික සමාජ ආරක්ෂණ (INPS) ආයතනයේ ක‍්‍රියාකාරිත්වය මුළුමනින්ම වෙනස් කරයි. විනිසුරුවන්ට අනුව, ඇත්ත වශයෙන්ම, ඉතාලි නීති සම්පාදනය යුරෝපා සංගම් නීතිය සම්පූර්ණයෙන්ම උල්ලං කර ඇති බවයි.

සමාජ ආරක්ෂණ පද්ධතිවල සමානාත්මතාවය පිළිබඳ වගවීම එකගතා මට්ටමින් ක‍්‍රියාත්මක නොවන විට, එක් එක් සාමාජික රටවලට සමාජ ආරක්ෂණ ප‍්‍රතිලාභ ලබා දීම සඳහා කොන්දේසි ස්ථාපිත කිරීම අවශ්‍ය වේ. එසේම මෙම ප‍්‍රතිලාභවල ප‍්‍රමාණය සහ ඒවා ලබා දෙන කාල සීමාව පිළිබඳව සමානාතාවය යන මූලික මූලධර්මය ආරක්ෂා කිරීමට සාමාජික රටවල් වගබලා ගත යුතු බව අධිකරණය අනතුරු අගවයි. මෙම අයිතිය ක‍්‍රියාත්මක කිරීමේදී, සාමාජික රටවල් එහි දිගු කාලීනව වෙසෙන පදිංචිකරුවන් හෝ රැකියාවන් සඳහා ඇතුළත් කර ගන්නා යුරෝපා සංගම් නොවන පුරවැසියන් හා අනෙක් පැත්තෙන් තම රටේ පුරවැසියන් අතර විශේෂයෙන් සමාජ ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් සමාන සැලකිලි තහවුරු කිරීමේ මූලධර්මයට ගරු කළ යුතුයැයි යුරෝපා අධිකරණය අනතුරු අගවයි.

මෙවන් අධිකරණ තීන්දුවක් ප‍්‍රකාෂයට පත්වූ පසු ඊට අදාල පනත් සංසෝධනය කර නීතියක් බවට අදාල රට විසින් පත්කල යුතුය. ඒ අනුව ඉතාලි පාර්ලිමේන්තුව ඊට අදාල කටයුතු අවසන් කර ඉතාලියේ වෙසෙන යුරෝපා සංගම් නොවන පුරවැසියන්ගේ මෙතෙක් උල්ලංගනය කල අයිතිය ලබාදීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ලැබෙන ආරංචි අනුව මෙම අයිතිය වසර පහක අතීත කාලයකට යටත්ව ක‍්‍රියාත්මක කිරීමට ඉඩ ඇතැයි පැවසේ. කෙසේ වෙතත් මීට පෙර පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝව අලූත් කිරීමේ ගාස්තු අයකිරීම් සම්බන්ද ඉතාලියට ලබාදුන් නියෝග කෙටි කලකින් වෙනත් මාර්ගයකින් අත්හිටවීමට සල්වීනි ආණ්ඩුව කටයුතු කල බවද සිහියේ තබා ගනිමු.

තීමස් විජිත්

leave a reply