ආසාදිතයින් වාර්තා වෙන ප්‍රදේශවල සෞඛ්‍ය සේවකයන්ටවත් අවශ්‍ය ආරක්‍ෂිත පහසුකම් නැහැ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

වසංගතයට මුහුණ දීමට නම් සෞඛ්‍ය සේවකයන් ජනතාව අවදානමට නොදමා සෞඛ්‍ය සේවය පවත්වා ගත යුතු බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසයි. අද පැවති මධ්‍ය හමුවකදී හිමියන් පැවසුවේ රෝහල්වල කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල ඉතාම අවම මට්ටමක පවතින බවත් කොව්ඩ් රෝගීන් වාර්තාවෙන කුලියාපිටිය වැනි ප්‍රදේශයක ඇති රෝහල්වලත් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි. ඊට අමතරව එම රෝහල් කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇත්තේ කිසිදු පහසුකමක් ලබා නොදීමෙන් බව ද ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් හිමියන් මෙහිදී පැවසීය. වසංගත තත්ත්වය තුළවත් සෞඛ්‍ය සේවකයින් කණ්ඩායම් වශයෙන් සේවයේ යෙදිය යුතු වුවත් මේවන විටත් එවැන්නක් දක්නට නොලැබෙන බව ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...