ආසාදිතයින් වාර්තා වෙන ප්‍රදේශවල සෞඛ්‍ය සේවකයන්ටවත් අවශ්‍ය ආරක්‍ෂිත පහසුකම් නැහැ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

වසංගතයට මුහුණ දීමට නම් සෞඛ්‍ය සේවකයන් ජනතාව අවදානමට නොදමා සෞඛ්‍ය සේවය පවත්වා ගත යුතු බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසයි. අද පැවති මධ්‍ය හමුවකදී හිමියන් පැවසුවේ රෝහල්වල කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල ඉතාම අවම මට්ටමක පවතින බවත් කොව්ඩ් රෝගීන් වාර්තාවෙන කුලියාපිටිය වැනි ප්‍රදේශයක ඇති රෝහල්වලත් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි. ඊට අමතරව එම රෝහල් කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇත්තේ කිසිදු පහසුකමක් ලබා නොදීමෙන් බව ද ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් හිමියන් මෙහිදී පැවසීය. වසංගත තත්ත්වය තුළවත් සෞඛ්‍ය සේවකයින් කණ්ඩායම් වශයෙන් සේවයේ යෙදිය යුතු වුවත් මේවන විටත් එවැන්නක් දක්නට නොලැබෙන බව ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...