වීසා ලබා දීමට ඉතාලි රජයේන් නව නීතියක්, ලාංකිකයන් බොහෝ පිරිසකට වීසා ලබාගැනීමේ අවස්ථාව

කොරෝනා  වසංගත තත්වය හමුවේ පසෙක දමා තිබුණු ඉතාලියේ වීසා නොමැතිව සිටින ලක්ෂ හයකට වැඩි  පිරිසකට වීසා ලබා දීමේ සැළසුම නැවත ක්‍රියාත්මක කරන්න ඉතාලි ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.ඉතාලිය තුළ ජීවත්වෙන විදේශිකයන්ට පොදු සමා කාලයක් යටතේ වීසා ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳව පසුගිය වසරේ අග භාගයේ දී ඉතාලි පාර්ලිමේන්තුව තුළ කතාබහට ලක් වෙමින් තිබුණා.නමුත් කොරෝනා  වසංගත තත්වය හමුවේ එම සාකච්ඡාව යටගියා.  අලුතෙන් මතුවී තිබෙන ප්‍රශ්න හමුවේ ඉතාලි ආණ්ඩුවට මෙම සනතොරියාව  ඉක්මන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී තිබෙනවා.

මේ නව නීතිය කඩිනම් කිරීමට ඉවහල් වී තිබෙන්නේ  යුරෝපය පුරා සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතයේ බලපෑම සහ ඉදිරියේ එන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  ඵල නෙලීම සඳහා විශාල සේවකයන් පිරිසක් අවශ්‍ය වීමත් ඒ සඳහා මෙතෙක් යුරෝපයෙන් තාවකාලික කොන්ත්‍රාත් පදනම යටතේ ගෙන්වාගත් සේවකයන්ව ගෙන්වා ගැනීමට මේ අවස්ථාවේ දී නොහැකිවීමත් මීට බලපාන කරුණු බවට පත්වෙලා තියෙනවා.

නීතිය පිළිබඳ ක්‍රියාවලිය කෙසේ සිදුවන්නේද යන්න පහත හඬ පටයට සවන් දීමෙන් ඔබට වටහාගත හැකි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...