කිරි දෙන්න ඉඩ දෙන්න ! යන මැයෙන් අලුතින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුව එරෙහිව කොළඹ – රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිට අද (09/28) ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
මෙම විරෝධතාවය සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් සහ සහ දේශපාලන ක්‍රියාකාරීන් සහභාගී වී තිබුණි. මෙහිදී උද්ඝෝෂණයෙන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ඇමතිවරයා හමුවී මේ ගැන සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යංශය වෙත ගියද ඇමතිවරයා හමුවීමට අවස්ථාව ලබාදී නැත. ඒ වෙනුවට අමාත්‍යංශ ලේකම්වරයා ඔවුන් හමුවී ඇති අතර නීතියට පටහැනිව ප්‍රසූති නිවාඩු සති 6 ලබාදීමේ පදනම විමසු වෘත්තීය සමිති නියෝජිතයන්ට ලේකම්වරයා කිසිදු පිළිතුරක් ලබා දී නොමැති අතර සාකච්ඡාවෙන්ද නැගිට ගොස් තිබේ.
 
  
  
  
  
  
  
  
 


 
							 
															 
															 
															 
															 
															 
															 
															 
															 
															




 
																	 
																	