Breaking News

සිංහරාජ විනාශ කතාව යටගහන්න යෝෂිත බේබිගෙ කතාවක් උඩට අරන්

අදාළ නැති යෝෂිත රාජපක්ෂගේ හෝටලයක් පිළිබඳ කතාවක් හුවා දක්වමින් සිංහරාජයේ අනාගත පැවැත්මට බලපෑම් ඇති කරන කි‍්‍රයාවලිය යටපත් කිරීමට උත්සාහ බව පරිසරවේදී සජීව චාමිකර පවසයි. සිය facebook ගිණුම හරහා සිංහරාජ මාර්ගය ඉදිකිරිම සහ එම මාර්ගය ඉදිකිරීමට හේතුව යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයක් එම ප්‍රදේශයේ පැවතීම යන මතය පිළිබඳ අදහස් ඇතුලත් වීඩියෝ පටයක් මුදා හරිමින් ඔහු මේ බව පවසා තිබේ.

සජීව චාමිකරගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහත දැක්වේ.

“සිංහරාජය මාර්ගයක් ඉදිකිරිම සහ ඒක පිටුපස තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් සිංහරාජයට පැවරීම මන්දගාමී කරලා මහා පරිමාණ සමාගම් සහ ආයෝජකයන් විසින් ඒවා අයිති කරගැනීම සඳහා සිංහරාජ ගැටලුව වෙනත් මගකට ගෙනයාමේ විශේෂ උත්සාහයක් පවතිනවා. යෝෂිත රාජපකෂට අයත් හොටලයක්ක් ඒ ප්‍රදේශයේ තියෙන නිසා තමයි මේ හෝටලය ඉදිකරන්නේ කියන වැරදි කරුණ සමාජ ගතකරමින් අප විසින් ගිය ක්‍රියාවලිය වෙනත් මගකට යොමු කිරීමේ උත්සාහයක් පවතිනවා. සිංහරාජ සීමාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ගණනාවක් තියෙනවා සිංහරාජ රක්ෂිතයට පවරන්න. එනසල් වත්ත, කුරුගල වත්ත, බෙවර්ලි වත්ත, හේමගිරි වත්ත, මොරකැලේ වත්ත, අබර්ෆොයිල් වත්ත, කැන්ටර් හිල් වත්ත, ඉලුඹ කන්ද, මෝනින්සයිඩ් වත්ත, ගොන්ගල, දඹහේනවත්ත, අබර්ෆොක් වත්ත, බ්ලැක්ගෙයා, කොඳුරුගල, හෝමදලු මූකලාන වශයෙන් හෙක්ටයාර් 2488. 8ක වනාන්තර ප්‍රමාණයක් සිංහරාජයට පවරන්න යෝජිත වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන විශ්‍රාම යන අවස්ථාවේ අත්සන් තබා ගැසට් නිවේදනයට අනුව යෝජිත රක්ෂිත විදිහට තියෙන රජයට අයිති වනාන්තර සියල්ලම සිංහරාජ රක්ෂිතයට පවරන්න. නමුත් ඒ ගැසට් නිවේදනය තවමත් ප්‍රකාශයට පත්වෙලා නැහැ. අපි විශේෂයෙන් අවධානයට ලක් කරේ කරුණු සියල්ලම පාදක කරගෙන සිංහරාජ මෙම මාර්ග ඉදිකිරීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න එපා කියන එකයි. ඒක පිටිපස්සේ පැහැදිලිවම තියෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය මන්දගාමී කරන්න සහ ඒවා වෙනත් කටයුතු සඳහා යොදාගැනීම ශක්තිමත් කිරීම සඳහා තමයි මේ පාර සකස් කරන්නේ කියන අනාවරණය තමයි අපි කළේ. එය වෙනත් පැත්තකට ගෙනියන්න ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කොල්ලකෑමේ නිරතව සිටින පිරිස් විසින් හිතාමතාම මෙම සිදුවීම වෙනත් පැත්තකට ගෙනයාම සඳහා යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයක් මේ ක්‍රියාවලියත් සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. ඒ හරහා අප ශක්තිමත්ව ගෙනගිය ක්‍රියාවලිය මන්දගාමී කරන්න එය වෙනත් පැත්තකට යොමුකරලා අපේ සමස්ත ක්‍රියාවලිය බිඳ වට්ටන්න කරපු දෙයක් ලෙස මෙය දකිනවා. අපි හෝටලය සම්බන්ධ අනාවරණය කරනවා නම් හෝටලේ පිහිටීම, නීතිමය තත්ත්වය එහි සිංහරාජයත් සම්බන්ධය යන සියලු දේවල් අනාවරණය කරනවා. එහෙම අනාවරණයක් නොකළේ අපිට එහි ගැටළුවක් නොතිබීම සහ මෙම ක්‍රියාවලියත් බද්ධ වීමක් සිදු නොවන නිසා.

එසේම මාධ්‍ය විසින් අපි විසින් ඉදිරිපත් කරන ලද ප්‍රාථමික මුලාශ්‍ර හැරෙන්නට ද්විතීයික මුලාශ්‍රවලින් තොරතුරු ලබාගෙන වැරදි කරනු සමාජගත කිරීම හරහා ගෙනයන පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය වෙනත් පැත්තකට යොමුකරලා පරිසර හානිකර තත්ත්වයක් ඇතිකිරීම.

සිංහරාජය සුරක්ෂිත කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රථමයෙන්ම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කරලා බලාත්මක කරන්න. ඒ බලාත්මක කරන අතරතුර නිවැරදි පරිදි පරිසර බලපෑම් වාර්තාවන් සකස් කර නිවැරදි ක්‍රමවේදයකට යටත්ව බලහත්කාරය පාවිච්චි නොකර මාර්ග ඉදිකිරිම ඇතුලු ක්‍රියාවලින් ක්‍රියාත්මක කරලා සිංහරාජය ආශ්‍රිතව ජිවත්වන ජනතාවගේ ජන ජීවිත සුරක්ෂිත කරන්න ඔවුන්ට අවශ්‍ය මාර්ග පහසුකම් ඇතුලු සංවර්ධනයට අවශ්‍ය ප්‍රවේශ ලබාදෙන්න ක්‍රියාත්මක වෙන්න. මේ සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ ලංකාවේ නීති පද්ධතියට එකඟව සහ සංරක්ෂණ ක්‍රියාවලිය මූලික කරගෙන. ”

leave a reply