9 වැනි පාර්ලිමේන්තුව රැස්වෙයි – කතානායක, විපක්ෂ නායක , සභා නායක පත්කරයි

නවවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහින්ද යාපා පත්කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරිණි.

ඉන්පසු නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සිදු කෙරිණි. ඒ අනුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් නියෝජ්‍ය කතානායක තනතුර සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පත් විය.

එසේම පාර්ලිමේන්තු සභා නායක ධූරයට දිනේෂ් ගුණවර්ධන ද ආණ්ඩු පක්ෂ සංවිධායක ධූරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු ද පත්ව තිබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කර තිබේ.

නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුර සඳහා යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අංගජන් රාමනාදන් නම යෝජනා වූ අතර එයද ඒකමතිකව සම්මත කෙරිණි.

මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු කල්තබා ඇති අතර නැවත පස්වරු 03 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...