ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් නව වැඩසටහනක්

ඉතාලි බලධාරීන් විසින් ලබා දී ඇති පොදු සමාවෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව , 2020 ජුනි 01 වැනි දින සිට අගෝස්තු 15 වැනි දින දක්වා ‘සැනටෝරියා 2020’ යන වැඩසටහනට ක්‍රියාත්මක වේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමු වේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයන්ගෙන් ලියකියවිලි නොමැතිවීම හේතුවෙන් අය කර ගන්නා දඩ මුදල අඩු කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

එම මුදල යුරෝ 330 සහ යුරෝ 420 සිට, යුරෝ 140 දක්වා අඩු වන බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම වැඩපිළිවෙල මඟින් දැනට ඉතාලියේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000කට පමණ ප්‍රතිලාභ සැලසෙන බවත් , ඔවුන්ගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමෙන් පසුව, ඉතාලියේ සේවය කිරීම සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...