බලහත්කාරී වැටුප් කප්පාදුවට ගුරු සංගම්වල විරෝධය!

රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් අඩක් හෝ ලබාදී කොරෝනා වසංගතය මැඩීමේ අරමුදලට දායකවන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම්දීම ජනාධිපති ලේකම්වරයාගේ නිල චක්‍රලේඛයක් බවට පත්වීමෙන් පසුව ඒය බලහත්කාය මුසු වැටුප් කොල්ලයක් බවට පත්ව ඇතැයි රාජ්‍ය සේවකයෝ කියති.
මෙම තත්වය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට බලපා ඇති ආකාරය නිසා විශේෂයෙන් ගුරු වැටුප් කපා දැමීමේ ප්‍රවණතාවක් ඇතිව තිබෙන බව ගුරු සේවයේ වෘත්තිය සමිති චෝදනා කරති.

ගුරුවරුන් හෝ අද්‍යාපන වෘත්තිකයන්ට හිමි වැටුප් හෝ දීමනා කිසිදු වෙනත් කාර්යයකට අයකර ගැනීමට නීතිමය ඉඩක් නොමැති බව ඒ්කාබද්ධ ගුරුසේවා සංගමය පවසයි. ගුරුවරුන්ට වැටුප් ගෙවීමේදී ‘කොරෝනා අරමුදලට දායකවීම’ සලඳහා ඒකඟදැයි වාචිකව විමසා වැටුප් කැපීමේ උත්සාහයක් ඇතැම් ස්ථානවලදී සිදුකර ඇති බවට ඒ්කාබද්ධ ගුරුසේවා සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඒහෙත් ඒය සපුරාම නීති විරෝධී බලහත්කාරයක් වන අතර, නියමිත වැටුපෙන් කොටසක් ගෙවන අවස්ථාවල වැටුප් ගෙවීම් ලේඛනයට අත්සන් කිරීමෙන් වළකින ලෙස ඒම සංගමය ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී. අධ්‍යාපන වෘත්තකයන් යනු මෙරට රාජ්‍ය සේවයේද අවම වැටුප් හිමිකර ගන්නා ශ්‍රමිකයන් බව පෙන්වා දෙන ඒම සංගමය මෙම වැටුප් කප්පාදුවට විරෝධය පළකර ඇත.
මේ අතර ලංකා ගුරු සංගමය පවසන්නේ රාජ්‍ය බලහත්කාරය පාවිච්චි කරමින් වැටුප් කපාදැමීමක් ක්‍රියාත්මකවන බවය. නැගෙනහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල අධ්‍යාපන කාර්යාල කොවිඩ්-19 අරමුදලට ලබාදීම සදහා ගුරු සහ විදුහල්පතිවරුන්ගේ දිනක වැටුප කැපීමට තීරණය කර ඇති බව ඒම සංගමයේ සාමාජිකයන් හරහා වාර්තා වී ඇත. ඒසේ වැටුප් කැපීමට කැමැත්ත පළ කරන ලෙස විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට දැනුම් දී ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි. ඔහු පැවසුවේ දිනෙක වැටුප් කපා හැරීමට කැමැත්ත ඉල්ලා ඇති නමුත් විවිධ ස්ථානවලදී කැමැත්ත නොවිමසාම දිනෙක වැටුප් කපා හැර ඇති බවකි.

සබරගමුව පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවද කොවිඩ් 19 අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කර තිබුණි. ඒසේම ඔහු තම බලය අවභාවිත කරමින් ගුරුවරුන්ගේ ජුනි මාසයේ දිනෙක වැටුප් කපා හරින ලෙස නියෝග කර ඇති බවත් කිසිදු ගුරුවරයෙකුගෙන් කැමැත්ත ඉල්ලා නැති බවත් ඔහු පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...