Breaking News

සුජීව අමරසේන නවකවදය නැති කරා ද?

සුජීව අමරසේන පන්නා දැම්ම අරගලයේ උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික ගැන සිද්ධ වෙන වාද විවාද අස්සෙ හැමෝටම මඟ හැරිලා යන මාතෘකාවක් සහ අමරසේනට ගොඩ යන්න තියෙන පාරක් තමයි මේක. අමරසේන පහුගිය කාලයක් තිස්සෙ මාධ්‍ය සංදර්ශන තිය තිය තහවුරු කරපු මතයක් තියෙනවා “නවකවදය අවසන් කළ උපකුලපති” කියලා. ඒ ගැන කවි ගීත ලියැවෙන්නෙ, ඔය පහළ එල්ලලා තියෙනවා වගේ පෝස්ට් පලවෙන්නෙ ඒ නිසා.

නවකවදය නැති කරන්න සුජීව අම⁣රසේන කරපු ලබ්බක් නෑ. උසස් අධ්‍යාපන ආයතන තුළ නවකවදය නැති කරන්න ලිබරල් මධ්‍යම පාංතික රොමාන්තික අදහස්වලටයි, ඒකටම සෙට් වෙන සුජීව අමරසේන වගේ යට කලිසම උඩින් ඇඳගත්ත සුපර් මෑන්ලටයි කරන්න පුළුවන් ගස් ලබ්බකුත් නෑ. එහෙම පුළුවන් නම් ඉන්දියාවෙ ෆිල්ම්වල ඉන්න සුපිරි වීරයෝ් මහපොලොවෙ ඇත්තටම ඉන්න ඕනි.

‘විශ්වවිද්‍යාලවල නවකවදය’ ගැන කියනව නම් දැන් වයස අවරුදු 40ට 50ට කිට්ටු ආදි කාලෙ හිටපු විද්‍යාර්ථියෝ විඳපු නවකවදය වර්තමාන විශ්වවිද්‍යාලවල නෑ. (විශ්වවිද්‍යාලවල නවකවදය කියලා විශේෂ කරේ නවකවදය තියෙන්නෙ විශ්වවිද්‍යාලවල විතරක් නොවන නිසා) ඒවා ඉතුරු වෙලා තියෙන්නෙ ටියුෂන් මාස්ටර්ලා රස කතා කියන තැන්වල විතරයි. හැබැයි ඒ පැරණි සංස්කෘතියෙ නෂ්ඨාවශේෂ විශ්වවිද්‍යාල තුළ තවමත් ඉතුරු වෙලා තියෙනවා. ඉඳහිට තැන් තැන්වල වාර්තාවන හුදෙකලා සිදුවීම් අන්න ඒවගෙ ප්‍රතිඵල.

මෙතනදි තව දෙයක් කියාගෙනම යන්න ඕනි. විශ්වවිද්‍යාලයක උප සංස්කෘතියක් කියන්නෙ නවකවදයට නෙමෙයි. උපසංස්‍කෘතියක් කියන්නෙ අමුතුවෙන් හදන්න ඕනි දේකුත් නෙමෙයි. පිරිසක් යම් කාලයක් සාමූහිකව එකට ජීවත් වෙද්දි ඒ ඒ සමාජ පරිසරයට අනුව උපසංස්කෘති බිහි වෙනවා. හිරගෙවල්වල, පාසල්වල, ගාමන්ට්වල, පොලීසි හමුදාවල, රාජ්‍ය ආයතනවල, දේශපාලන පක්ෂවල, සංවිධානවල පවා උපසංස්කෘති හැදිල තියෙන්නෙ ඒ නිසා. ඒ ඒ සමාජ කණ්ඩායම් සහ තත්ත්වයන් අනුව ඒ ඒ උපසංස්කෘතිවලට එකතු වෙච්ච වටිනාකම් පද්ධතියක් තියෙනවා. විශ්වවිද්‍යාලවලත් එහෙමයි.

අනික විශ්වවිද්‍යාලවල සිදුවන සියලුම සිදුවීම් නවකවද සිදුවීම් විදිහට වර නගන දේශපාලන මෙහෙයුමක් තියෙනවා. උදාහරණයක් විදිහට පහුගිය කාලෙක මාධ්‍යවල, සමාජ මාධ්‍යවල විකුණගෙන කාපු ජපුරෙ ටයර් සිද්ධිය නවකවද සිදුවීමක් නෙමෙයි, ඒක හදිසි අනතුරක්. සිදුවීමට සම්බන්ධ අයව සමාජ මාධ්‍යවල, මාධ්‍යවල එල්ලලා මැරුවත් උසාවියෙන් ඇප දීලා තියෙන්නෙ ඒ නිසා.

ඒකෙන් කියවෙන්නෙ නෑ විශ්වවිද්‍යාලවල නවකවද සිදුවීම් සිද්ධ වෙන්නෙ නෑ කියලා. විශ්වවිද්‍යාලවලත් නවකවද සිදුවීම් වාර්තා වෙනවා. ඒකට මූලික හේතු කීපයක් පෙළගස්වන්න පුළුවන්.

  1. විශ්වවිද්‍යාල තුළ තවමත් ශේෂ වී පවතින පැරණි, යල්පිනූ සංස්කෘතික අගතීන්.

  2. හිංසනයට පැලවෙන්න, පවතින්න, වර්ධනය වෙන්න ඉඩකඩ හදන පීඩාකාරී අධ්‍යාපන ක්‍රමය.

  3. හිංසනය, ප්‍රචණ්ඩත්වය සුපෝෂණය කරන අපේ අති උතුම් සමාජ ක්‍රමය.

වත්ත හතරකොණෙන් නාය යද්දි හිටගෙන ඉන්න තැන බේරගනින් කියලා විශ්වවිද්‍යාලවල උන්ට විතරක් බණ කියල නවකවදය නැති කරන්න බෑ. ඒක තමයි ඇත්ත.

එතකොට සුජීව අමරසේන මොකද කරේ?

සුජීව අමරසේන කාලයක් රනිල්ට, ආයෙත් මහින්දට, ඊටපස්⁣සෙ ආයෙත් මෛත්‍රී – රනිල් ඩබලට, ඒ විතරක් යැ ගෝටට මාරුවෙන් මාරුවට ගොට්ට බාලා තනතුරු හිඟාකෑව පාදඩයෙක්. සුජීව අමරසේනට ශිෂ්‍ය සංගම් එක්ක හැදිලා තිබ්බා පිරිමහගන්න බැරි වුණ ඇරියස් එකක්. ඒ මිනිහා 2002 මෙඩිකල් ෆැකල්‍ටියේ මව්කිරි කළමනාකරණ පාඨමාලාවක් විකුණන්න ගිහින් ශිෂ්‍යයෝ විරුද්ධ වෙලා ඒක අකුළගන්න සිද්ධ කරපු අරගලයක් නිසා. උපකුලපති වෙච්ච ගමන් අමරසේන කරේ ශිෂ්‍ය සංගම් එක්ක, අන්තරේ එක්ක තිබ්බ පරණ ඇරියස් එක කවර් කරගත්ත එක.

සුජීව අමරසේනට තිබ්බා තමන්ට කාගෙන්හරි මදිපුංචිකමක් වුණොත්, කවුරුහරි විරුද්ධ වුණොත්‍, නැත්තං විරුද්ධ වෙයි කියල හිතුණොත්, කවුරුහරි තමන්ට වඩා කැපී පේනවා කියල හිතුණොත් ඒක දිරවගන්න බැරි රෝගයක්. සමහරවිට හීනමාන තත්ත්වයක් වෙන්න ඇති. මනෝ වෛද්‍යවරු මිසක් අපි ඕවා කියන්න දන්නවයැ. අපි දන්නෙ අපේ අත්දැකීම් එක්ක මිනිහට එහෙම පෞරුෂ ලක්ෂණයක් තිබ්බා කියලා විතරයි. ශිෂ්‍යයෝ විතරක් නෙමෙයි ආචාර්යවරු, අනධ්‍යයන සේවකයෝ පවා සුජීවගෙ මර්දනයට ලක් වුණේ ඒ නිසා.

2019 ශිෂ්‍ය සංගමය අධ්‍යයන සුබසාධන ගැටලුවලට විසඳුම් ඉල්ලලා අරගලයක් ආරම්භ කරාම සුජීවගේ භින්න පෞරුෂයට ඒක දරාගන්න පුළුවන් වුණේ නෑ. පුදනකොටම කාපි යකා කියලා 2019 පාස්කු බෝම්බෙ හින්දා විශ්වවිද්‍යාල වහලා දැම්මා. මාස තුනකින් ආයෙ විවෘත කරද්දි ආරක්ෂක ක්‍රියාමාර්ග කියලා ඕන මගුලක් කරන්න පරිපාලනයට අවස්ථාවක් ආවා. සුජීව අමරසේන කරේ මෙන්න මේ අවස්ථාව පාවිච්චි කරලා ශිෂ්‍ය සංගමයට මර්දනය ගෙනාපු එක. ජාතිවාදී කලකෝලාහල ඇති වෙන්න රට පුරාම මතුවෙලා තිබ්බ තත්ත්වය නිසා විශ්වවිද්‍යාල තුළ එවැනි දෑ සිදු නොවන්න අන්තරේ හැම විශ්වවිද්‍යාලයකම දැනුවත් කිරීම් කරා. අන්න ඒ දැනුවත් කිරීම්වලට රුහුණට ආව අන්තරේ නියෝජිතයා ගෙන්නගත්තා කියල ශිෂ්‍ය සංගමේ සභාපති, ලේකම් ජීවිතාන්තය දක්වා ශිෂ්‍ය භාවය අහෝසි කිරීම්වලට ලක් කරා.

ඊටපස්සෙ කරළියට ගෙනාවා සුජීවගේ අහර කුක්කා, මිස්ට වැටමාර. ඌට කිසිම නවකවද සිදුවීමක් වෙලා නෑ කියලා වෛද්‍ය වාර්තාවලින් ඔප්පු වෙද්දි සුජීව කරේ වියදම් කරලා, ලොකු මාධ්‍ය සංදර්ශන හදලා වැඩේ උස්සලා ගත්ත එක. අර මී හරකත් සුජීවටම සෙට් වෙන ඩයල් එකක් නිසා වැටමාර පොල්ලක් බස්සගත්තා කියලා රටට ලෝකෙටම කෑගහලා කිව්වා. මාධ්‍ය සාකච්ඡාව ගත්තෙත් සුජීවගේ නිල නිවසේ. අන්තිමේදි මේ සංදර්ශන නිසා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ක්‍රියාකාරීන් සෙට් එකක්ම මාස ගාණක් හිරගත කරන්න සුජීව අමරසේනට පුළුවන් වුණා.

ඊටපස්සෙ ආවා කොණ්ඩම් සන්දර්ශනය. යකෝ කොණ්ඩම් පාවිච්චි කරපු එකෙක් ඒවා එකතු කරලා බාල්දි පුරවං ඉන්නෙ මොන රටේ ද? හැබැයි ඒ කාලෙ සුජීවගේ රටේ එහෙම වුණා. ඔන්න මෑතක හෙළිදරව් වුණා සුජීව අමරසේන ආරක්ෂක නිලධාරියෙක් ලවා කොණ්ඩම් පැකට් ගෙන්නගෙන, ඒවා කඩලා, ඇතුළට කෙල ගහලා බාස්කට් එකක් පුරවන්න කිව්වා කියලා. ඒ ආරක්ෂක නිලධාරියාගෙ ජොබ් එකටත් පස්සෙ සුජීව අමරසේන කොණ්ඩම් නැතිවම ඇරපු හින්දා මිනිහා ඇත්ත සිදුවීම ශිෂ්‍යයෝ ඉස්සරහ වමාරලා තිබ්බා.

මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඔය දෙක ඇති. ඔය විදිහට අවුරුදු දෙකක් යද්දි රුහුණෙ ශිෂ්‍යයන්ට විතරක් මර්දන සිදුවීම් 250කට අධික ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ද වුණා. සුජීව අමරසේන රුහුණෙ ශිෂ්‍යයෙක්ට පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති කරා. විශේෂයෙන්ම ශිෂ්‍යාවො තමන් රුහුණේ කියල ප්‍රසිද්ධියේ කියන්න බය වුණා. මොකද අර මරි මොංගල් පරපීඩකයා රුහුණෙ හැම ගැහැණු ළමයෙක්ම දූෂණය කරනවා කියලා ප්‍රසිද්ධ මාධ්‍යවල කියන්න පටන්ගෙන තිබ්බා. වෙනදා හවසට ගිටාර් එකක් අරන් සමනල පාලමේ සිංදුවක් කියන්න තිබ්බ නිදහස නැති කරා. කැටපත් පවුර මකල දැම්මා. කොල්ලෙක්ට කෙල්ලෙක්ට ආදරය කරන්න තිබ්බ නිදහස නැති කරලා දැම්මා. ලස්සනට වවපු කොණ්ඩෙ රැවුල කැප්පෙව්වා. ජෙන්ටා කිට් ගහගෙන යන්න වුණා. හොස්ටල් එකකින් හවස හය හත වෙද්දි කෑම එකක් ගන්නවත් එලියට බහින්‍න බැරි වුණා. හොස්ටල්වල උයාගෙන කාපු චමරි සංස්කෘතිය නැති කරා. හොස්‍ටල් එකක සිංදුවක් කියන්න බැරි වුණා. AHS හොස්‍ටල් ඇතුළෙ සිංදු කියන්න තියා හයියෙන් කතා කරන්නවත් බැරි වෙන්න මයික් එක්ක කැමරා ගැහුවා. අන්තිම FIFA world cup එකේ අන්තිම මැච් එක ටීවි එකෙන් බලලා සතුටට කෑගහපු කොල්ලො ටිකක් නවකවද පනත යටතෙ නඩු දාලා රිමාන්ඩ් කරා. මේවා මාතර උසාවියේ කාලෙ කාපු ගෙන්පාට් නඩු. ආරක්ෂක නිලධාරීන් විදිහට කාලයක් තිස්සෙ කැම්පස් එකත් එක්ක වලි දාගත්ත ගමේ මැරයෝ බඳවගත්තා. ඉතිං අමරසේන මේවා කරේ නවකවදය නැති කරන්න ද?

සුජීව අමරසේන කියන්නෙ තවත් පීඩකයෙක් විතරයි. ඒ වගේ නාම්බෙක්ට නවකවදය නැති කරන්න තියා එහෙම එකක් හිතන්නවත් බෑ. කොහොමත් හිංසනය හිංසනයෙන් නවත්වන්න බෑ. ඒක තියරියක්. හැබැයි අමරසේන උපකුලපති නිසා ශිෂ්‍යයන්ගෙ හඬට වඩා මිනිහගෙ හඬ රටට ඇහුණා. පිළිගත්තා. හොඳයි කිව්වා. මාධ්‍යවල ඉඩ වෙන් වුණා. UGC චෙයාර්මන්කම ගන්න හිතාගෙන ආණ්ඩුව ඉස්සරහ දණගස්සපු කැම්පස් එකක් හදල දෙන්න ගෝටාභය රාජපක්ෂටත් බැලමෙහෙකම් කරන්න පටන් ගත්තා. ඒ නිසා සුජීව⁣ අමරසේනට සොහොන් ලකුණු පහළ වුණේ ගෝටා පැනල ගිය දවසෙමයි. අද ඒ උම්මන්තකයා රුහුණෙන් පන්නලා දාලා. ඉතිං ඔය කේප්ප හරකට ආයෙත් නවකවදය විකුණලා පොරක් වෙන්න දෙන්න එපා.

නවකවදය කියන්නෙ සමාජ ප්‍රශ්නයක්. සමාජ ප්‍රශ්න විසඳන්න සමාජ එකමුතුවකට මිසක් තනි තනි වීරයන්ට පුළුවන් කමක් නෑ. ගුත්තිලට සක්කරයා දුන්නා වගේ ගුලියක් කාලා හරි පුළුවන්කමක් තිබ්බම කියමුකො, ඒත් මේ වගේ තක්කඩියෙක්ට කොහොමත් ඒක කරන්න බෑ.

රත්කරව්වේ ජිනරතන හිමි

leave a reply