මහින්දට චීනයෙන් එකපිට එක සුබ පැතුම්

චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය මණ්ඩල ප්‍රධානී ලී කෙකියැන්ග් විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත එවන ලද සුබ පැතුම් පණිවිඩය චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිවරයා විසින් කැළණිය රජමහා විහාරයේදී බාර දී තිබේ. චීන තානාපති කාර්යාලය පවසන පරිදි ලී කෙකියැන්ග් අභිනව අගමැතිවරයාට සුබ පතමින් රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට කැමැත්ත පළ කර තිබේ.

මේ අතර වරාය නගරයේ වැඩ කටයුතු කඩිනම් කරන ලෙසත් පානීය ජලය හා වාරිමාර්ග ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව සලකා බලන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ චීනයේ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිවරයා ඊයේ සවස හමුවූ අවස්ථාවේ ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

වැඩබලන තානාපති හූ වී ඊයේ සවස අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් අගමැතිවරයාට එවන ලද සුබ පැතුම් පණිවිඩය වැඩබලන තානාපතිවරයා එහිදී ඉදිරිපත් කර තිබේ.

ඡායාරූපය උපුටාගැනීම – අසාම් අමීන්ගේ facebook පිටුවෙනි

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...