මහින්දට චීනයෙන් එකපිට එක සුබ පැතුම්

චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය මණ්ඩල ප්‍රධානී ලී කෙකියැන්ග් විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත එවන ලද සුබ පැතුම් පණිවිඩය චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිවරයා විසින් කැළණිය රජමහා විහාරයේදී බාර දී තිබේ. චීන තානාපති කාර්යාලය පවසන පරිදි ලී කෙකියැන්ග් අභිනව අගමැතිවරයාට සුබ පතමින් රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට කැමැත්ත පළ කර තිබේ.

මේ අතර වරාය නගරයේ වැඩ කටයුතු කඩිනම් කරන ලෙසත් පානීය ජලය හා වාරිමාර්ග ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව සලකා බලන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ චීනයේ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිවරයා ඊයේ සවස හමුවූ අවස්ථාවේ ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

වැඩබලන තානාපති හූ වී ඊයේ සවස අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් අගමැතිවරයාට එවන ලද සුබ පැතුම් පණිවිඩය වැඩබලන තානාපතිවරයා එහිදී ඉදිරිපත් කර තිබේ.

ඡායාරූපය උපුටාගැනීම – අසාම් අමීන්ගේ facebook පිටුවෙනි

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...