Tag: රසිකා මුහන්දිරමිගේ

  • නිල් කට්රොල් උපුලී හා ද්‍රව්පදි

    නිල් කට්රොල් උපුලී හා ද්‍රව්පදි

    මෑතක කියවූ අපූර්ව පොතකි මොහාන් රාජ්ගේ නිල් කට්රොල්.

    “යථාව ප්‍රබන්ධයක් ද ප්‍රබන්ධය යථාවක් ද ”
    අවසානයේ මා අතරමං වුනේ එතැනයි.

    නිල් කට්රොල්හි උපුලී මා සිත්ගත් ඉතිහාස ලියයි.

    කුලයෙන් හීන,පැහැයෙන් හීන උපුලී මාලිගා සැප විඳින්නට සමත් වුව කුලය හා රුව ඇයව සම තැනින් විසම තැනට ගෙනෙයි.

    නමුදු උපුලීට ගැහැණියක ලෙස ඇගේ ස්වභිමානය ගොඩ නගා ගැනීමට මුල් වන්නේද අවසන එකී සාධකම වීම ආශ්චර්යජනක ය.

    අඩුතැන් පිරවීම ජීවිතය යි.

    උපුලිගේ පුත් කාශ්‍යප මවට තුනුවියේ අහිමි වී ගිය සංතෘප්තිය සීගිරි කළුගල මත විචිත්‍රවත් කරන්නේ…..

    කළු සුදු,උස් පහත් ,කුලවත්,කුලහීන සෑම තලයකටම අයත් ස්ත්‍රී රූප සඳහා සමාන අවස්ථා ලබාදෙමිනි.

    කළුගල මත නිල් කට්රොල් මල් පැහැයෙන් ,දඹරන් පහැයෙන් සිටියත් හැම ස්ත්‍රියම එකම රුවින් එකම ස්වරූපයෙන් යුක්තය.

    මොහාන් රාජ් ප්‍රබන්ධයක් හරහා මතුකරන යථාව මනරම්‍ ය.

    මානව ප්‍රේමය පමණක් නොව දේශපාලනය,ආගම පිළිබඳ සියුම්වූත්,ගැඹුරුවූත් නව මානයන් නිල්කට්රොල් හි අන්තර්ගතය.

    දැන් ද්‍රව්පදි නිල් කට්රොල්වලට එන්නේ කොහොමද ?

    උපුලී මෙන්ම ද්‍රව්පදි ද නියෝජනය කරන්නේ සමජයේ එක් ආන්තික පැතිකඩකි.

    ස්ත්‍රිය,කුලය ,පංතිය,ගෝත්‍රය මේ සියල්ල වාසිදායක ලෙස භාවිත කරන්නට දක්ෂයාට හැක.

    එහිදී ධාතුසේන රජු උපුලී භාවිත කළ අයුරින්ම නොවුනත් අගමැති මෝදිට ද ද්‍රව්පදි භාවිත කළ හැකි ආකාර තිබිය හැක.

    එහෙත් ඊට වඩා අපට සතුටු විය හැකි කරුණු ඇත.

    උපුලී නිසා උපන් කාශ්‍යප ලංකා ඉතිහාසයේ අප හඳුනාගත් උත්තුංග පෞරුෂයකි.

    ද්‍රව්පදි නිසා ඉන්දියාව තුළ අක්මුල් අහිමි වී ගිය,අයිතීන් අහිමි වී ගිය සමස්ත ජනගහනයෙන් සියයට අටයි දශම හයක ආදිවාසි ජනයාගෙන් දශමයකට හෝ සේවක් වුවහොත් එය ඉතිහාසගත පිම්මක් වනු ඇත.

    ඉතින් ඉඩක් තියෙන වෙලාවක ඉතිහාසය අපූර්ව ලෙස ප්‍රබන්ධය හරහා කියවීමට නිල් කට්රොල් කියවන්න !

  • “ආලෝකමත් ශාලාවේ හිඳ ලියූ විභාග සිසු ජීවිත අඳුරු කළා” – සුරත් ද මෙල්

    “ආලෝකමත් ශාලාවේ හිඳ ලියූ විභාග සිසු ජීවිත අඳුරු කළා” – සුරත් ද මෙල්

    ඔහුගේ තී හා තා නිදහස් ලේඛන හැඩය.
    මාව ඇදගෙන ගියා සී ප්ල්ස් ගැනීම දක්වාම.
    පොතේ හිතගත් වැකි ගොඩ අස්සේ මේ වැකිය සුවිශේෂයි.

    “ආලෝකමත් ශාලාවේ හිඳ ලියූ විභාග සිසු ජීවිත අඳුරු කළා”

    මාව මේ වැකිය අරන් ගියේ මගේ ප්‍රාථමික පාසල් වියට.
    ඒක අන්තිම පටලැවිල්ලක්.
    අදටත් මට මැරිල ඉපදෙන්න තියෙන ලොකුම බය ආයෙත් ඉස්කෝලේ යන්න වීම.
    හිතාගන්න කොච්චර අවුල්ද කියලා .

    මම ජනවාරි තිස් එක ඉපදුනු කෙනෙක් .පන්තියේ ලාබාලයා.හැබැයි ඒකම නෙවි මගේ දුර්වලකමට හේතුව.
    මම උපතින්ම ගණිතය දුර්වලයි.
    හැබැයි ඒ උගන්නපු ක්‍රමය වෙනස් වෙනකං විතරයි.

    ගණිතය දුර්වලවීම මගෙ ජීවිතයේ නව යොවුන්විය දක්වාම මාව පීඩාවට පත්කළා.හැමදාම මම පංතියේ අන්තිම ගොඩේ.

    ඒ දවස්වල හයෙන් ඉහළ පංති බෙදුවේ හැකියා නොහැකියා මත.

    මම හැමදාම නොහැකියා පංති ගොඩේ.
    පංති බෙදන දවසේ උදේට මගේ බඩ දඟලනව.ඇඟ වෙව්ලනව .ඒත් ඒ නොහැකියාවම පහුකාලීනව මාව දිරිගැන්නුව.

    ළමයි මල් කියන්නේ නිකම් නෙවි.ගහක් ඉන්දපු ගමන් මල් එන්නේ නැහැ .නිසි පොහොර ,වතුර,එළිය ඕන.ඉවසීමෙන් පොහොට්ටුව මලක් වෙනකං රකින්න ඕන.පරිසරය දෙන්න ඕන.

    ඇත්තටම මගේ ඉගෙනීම පටන් ගත්තේ මට දැනුම් තේරුම් කාලේ.මටම හිතිල.ස්ව උනන්දුව මත.හැබැයි උදව් දුන් පරිසරයක් හා ගණිතය රසකර ඉගැන්වූ ඉගෙනුමේ තිලක් සර් සම්පූර්ණයෙන්ම මගේ තත්වයට වග කියන්න ඕන.

    දැන් මම යනව අපේ විද්‍යා පීඨ ළමයින්ගේ පාඩම් බලන්න .රසිකලා මට ඕන තරම් හමුවෙනව.කතා අඩු,පසුපස පේළිවල,ඉදිරියට නේන,හුදකලා ළමයි .

    මම පාඩම් බලද්දී ලකුණු වැඩිපුර දෙන්නේ මේ අය එක්ක කොච්චර ගුරුවරයා සම්බන්ධද බලලා.

    මගේ එක් අදහසක් තමයි කොපිකරලා හරි ළමයි ට වැඩ කරන්න දෙන්න .

    ළමා රසිකා ලැජ්ජාවෙන් බේරෙන්න පොඩි කාලේ කොපි කළා.ඒත් ගුරුවරු ඒක වැළකුව.ආත්ම කේන්ද්‍රීය වයසේ පොඩි යාළුවෝ පොත් වහන් හිටිය.

    මේ ඔක්කොම අවසානයට ගළපන්නම්.පාසල් වහා අරින්න කියලා හා හූව අස්සේ මම හැමදාම හිතන දෙයක් තමයි පාසල් දහස් ගාණක් ඇරුනත් වැඩක් නැහැ ළමයා තේරුම් නොගනීනම්.

    ඉගෙන ගන්න ක්‍රම ගොඩයි.ඒත් අවශ්‍ය දරුවා තේරුම් අරන් එයාව ගොඩදාන පාසලක්.

    එහෙම නැත්තං පාසල් දිගටම වහල තිබුනත් ගැටලුවක් නැහැ !!