රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ වැඩ කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින් පවසා තිබේ.

වර්තමානයේ ජනතාවට ජීවත්වීම අසීරු වී තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා පැලවත්ත හැර අනෙක් සියලු පක්ෂ එකට වැඩ කළ යුතුව තිබෙන බව සඳහන් කර ඇත.

සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලු පක්ෂ එකඟතාවයකට පැමිණීමේ සාකච්ඡාවක් ඇතිකර ගත යුතුව තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කර තිබේ.

පසුගියදා පැවති උත්සවයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික පීඩනයෙන් මුදාගැනීම අරමුණු කරගනිමින්, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය පොදු ප්‍රතිපත්තිමය එකඟතාවක් ඔස්සේ ඉදිරියට ඒමට තීරණය කර ඇති බවයි.

මෙම කඩිමුඩිය සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව වී ඇත්තේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී වැලේ වැල් නැතුව සිටින පාර්ලිමේන්තු විපක්ෂය එකතුවී හෝ යමක් කළ හැකිදැයි බැලීමට තීරණය කර තිබීමයි. මේ පක්ෂ එකට එකතුවීම මහ අරුමයක් නොවන්නේ එකම ප්‍රතිපත්ති නියෝජනය කරන මොවුන් වෙන්ව සිටීමෙන් කිසිදු වෙනසක් ද නොපෙනෙන බැවිනි. ඇත්තටම මේ එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාට වඩා තමන්ට අමාරු නිසාවෙනි.

Share post:

Popular

වෙනත් පුවත්

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...

සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක්

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක් වන"...

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...