Tag: poem

  • බෙනඩික්ගේ ” මල්ලිකා ” වෙන්කර ගත යුතුයි.

    බෙනඩික්ගේ ” මල්ලිකා ” වෙන්කර ගත යුතුයි.

    නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් මේ දවස් වල ඔහුගේ අලුත්ම කවි පොතේ ප්‍රචාරණ කටයුතු කරමින් ඉන්නවා. ” මල්ලිකා ” නමින් ජනගත කිරීමට නියමිතයි . මෙම අලුත් කවි පොත ඇනවුම් කිරීමෙන් ලබා ගත හැකි බව ඔහු පවසා තිබුණා. සිමිත පොත් ප්‍රමාණයක් මුද්‍රණය කරන හෙයින් ඔබත් ඔබගේ පිටපත වෙන් නොකළ හොත් පසුතැවීමකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඔබට පොතක් අවශ්‍ය නම් මේ දුරකථන අංකයට අමතා ඔබ ඔබගේ පොත වෙන්කර ගන්න . ඔබගේ පොත වෙන්කිරීමට ගමගේ ප්‍රකාශන අමිල චින්තක ගමගේ මහතාට දුරකතන අංකය 077 555 4365 අමතන්න .

    ” මල්ලිකා ” ගැන ඔහු කිවු කතාව

    පූර්වාපර සන්ධි ගැලපීම……..!!!

    ගිං පොල් කිරළ
    කටු ඉකිළිය කඩොලාන
    කරු මුල් කයිරු මුල්
    බහුලය සකියාන
    අනේ ඕං මං
    එක හිත් දුගියාන
    එහෙම උන්ට
    දැඩිමුණ්ඩත් ඔරවාන………..!

    මං මේක ලියන දැන් හරියටම වේලාව රාත්‍රී 12.00 යි.
    මේක සත්‍ය කතාවක්. මට ගම මොකක්ද කියල ඔබට කියන්න බෑ. මල්ලිකාගෙ ස්වාමිපුරුෂය හරිම හොඳ මනුස්සයෙක් . උදේ කුළී වැඩට යනව. රෑට රෑවෙලා ගෙදර එනව. මල්ලිකාට පණ ඇරල ආදරෙයි ……

    මල්ලිකා ඔය අතර අනියම් සම්බන්ධයක පැටලෙනව. මම මේ කතාව බොහොම කෙටියෙන් ඔබට කියන්නෙ. මතක තියාගන්න මේක සත්‍ය කතාවක්.මම දැක්ක දෙයක්. මං ලියල තියෙන්නෙම මේ වගේ පතොක් කටු ඇනෙන හා ගල්වල හැප්පිලා කකුල් තුවාල වෙච්ච සත්‍ය සිද්ධි පාදක වෙච්චි කවි…………!
    මල්ලිකා තම සැමියා සාමෙල්ට වැඩිය අනියම් පුරුෂයා වන රාළට ආදරෙයි . ඉතාම කුරිරු විදියට දවසක් මල්ලිකා තීරණයක් ගන්නව. මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගමක සිදුවුණු සිදුවීමක් ……………………..!

    මල්ලිකා කලින් දා රාත්‍රියේ අගුළු කරවල බැදපු තෙල් තාච්චිය අරන් ඒකෙ ඉතුරුවෙච්ච තෙල්වලට අල කපල දාල අල බැදුමක් හදනව. අල තරමක් කරවෙන්න ඇරල ඒකට කබර තෙල් දාල හැඳිගානව.දැන් වැඩේ සම්පූර්ණයි,එච්චරයි ………….!

    නමුත් දැන් මේ කබරතෙල් විෂට සාමෙල් මැරෙයිද කියන එක ගැන මල්ලිකාට සැකයක් එනව. ඒ නිසා එයා සාමෙල් හවස වැඩ ඇරිල ගෙදර එන්න ඉස්සරවෙලා වස මිශ්‍රණය පරීක්ෂා කරන්න ගෙදර ඉන්න බැල්ලිට බත් එක්ක කලවම් කරල මේක කන්න දෙනව. සුළු මොහොතකින් බැල්ල කටින් සෙම හලාගෙන මැරිල ඇදගෙන වැටෙනව…………..!

    ගම්වල ඉන්න , නැත්නම් වන්නියෙ ඉන්න අපි , එහෙම නැත්නම් ඩොටේ අපි මේ කබරතෙල් ඒ වාගේම ළියැදි පෙන , නියඟලා, කණේරු සහ මෙකී නොකී වස විස ගැන හොඳාකාරවම දන්නව .නගරයේ ඔබට දැනගන්නත් ඒත් එක්කම මෙහි කෲර බව හා අනුවේදනීය පැත්ත ඔබට පෙන්නන්නත් එක්ක මම මේ කවිය මගෙ අළුත් කවි පොතට ඇතුළත් කළා. පොතේ නම යොදන්නෙත් මේ කවිය ආශිුතව………..!

    කබරතෙල් ගිරියට වැටිල විනාඩි ගනනකින් මිනිසෙකුගෙ පපුවෙ සියළු අවයව බොක්කට කඩාගෙන පාත්වෙනව.එවැනි මිණියක් වැඩිවෙලාවක් තබා නොගෙන ඉක්මනින්ම වළලා දැමිය යුතුයි.මෙය වස දීමකින් සිදුකළ මරණයක් බවට තීන්දු වුවහොත් නීතිමය කටයුතු සඳහා යම් ප්‍රමාදයක් සිදුකළ යුතු සේම එය තදබල දුර්ගන්ධයන් යටතේ සිදුවන්නක්ද වෙයි.ඔබ කබරතෙල් ජලය සමඟ මිශ්‍රකර භාජනයකට හැලුවොතින් එහි කොතනක හෝ කබරයකුගේ රුව පිහිටන ආකාරයද දැක බලාගත හැකියි.මේ පිළිබඳව බොහෝ කරුණු කාරණා ගම්වල මිනිසුන් දන්නා බව ඔබට කිව යුතුයි .මා මෙහිදී කියන්නේද ඉතාමත් ස්වල්පයයි………….!

    මැරිල මැරිල වැඩ ඇරිල ආව සාමෙල්ට මල්ලිකා කබරතෙල් සමග පිසගත් අල බැදුම බෙදල දෙනව. වල කපන තැන රාළ බොරුවට අඬ අඬත් ඉන්නව ………!

    දැනට මාස හතරකට උඩදි මල්ලිකා පිස්සු හැදිල මැරුණ . එයාට සාමෙල්ගෙ මරණෙන් පස්සෙ කවදාවත් රෑට නිදාගන්න බැරිවුණා .මහ රෑ දොළහට එක⁣ට හීනෙන් කවුද ඇවිත් එයාගෙ බෙල්ල මිරිකනව කියල මල්ලිකා ගමේ හැමෝටම කියල තිබුන ………..!

    ඔබේ අදහස මම දන්නෙ නෑ. නමුත් මම මල්ලිකාට නිවන් සුවය ප්‍රාර්ථනය කරනව.
    මොන රෙද්දක්ද මන්ද මට කාටවත් වෛර කරන්න බෑ……….!!

    එතනින් පස්සෙ සිදුවීම් ඔබට කවිපොතෙන් කියවාගත හැකියි ……
    එළිවෙන්ඩ ළඟයි දැන් . ගම් තුලානෙ මිනීපිටිය පැත්තෙන් තනි නරියෙක් හූ කිව්ව . බඩා මාමගෙ ක⁣ඩේ ළඟ බල්ලො උඩුබුරනව. මේ කාලකණ්ණි බළල්ලු මෙතන පොරකනව. අනිවාර්යයෙන්ම දවස් හතක් යන්න කළින් කවුරු හරි මැරෙයි. කණ කොක්කු මහ ලියද්දට උඩින් ඊයෙ හැන්දෑවෙ සුදු ඇඳන් ගියෙ ඒකයි………!!

    මතකයිනෙ පොතේ නම……………!

    ” මල්ලිකා “
    කරමූඩියෙ එකට අනං
    කාපු පිලේ
    මුරවාඩියෙ රා පොල්කටු
    ගාපු තොලේ
    මටත් හොරෙන් ගෑණිට
    උල තියපු වෙලේ
    මාව මතක් වුනේ නැද්ද
    රාළ මලේ………….?

    ධර්මසිරි බෙනඩික්
  • ඒ සොඳුරු මොහොත

    ඒ සොඳුරු මොහොත

    වේලාව හවස පහයි දහය යි
    ඒ මුහුදු මාවතේ
    මා දකින්නට කැමති ම වේලාව යි
    මාවත අයිනේ එක පෙලට
    උස් උස් සෙවණැලි රූ ඇඳෙන වේලාවයි

    ගැහැණුන් හා මිනිසුන්
    බස් වේලා කෝච්චි වේලා
    ගැන කතාවෙන මොහොතයි
    කතා සියොතුන් තටු ලබන වේලාවයි

    ඉක්මන් ගමන් ඇරඹෙන මොහොතයි
    මාවත අයිනේ කරත්තේ කඩල ඇට
    පොඩි එවුන්ගේ මුහුණු දකින්නට
    සන්තෝසෙන් හිනාවෙයි

    දහඩිය මලු අතැඟිල්ලෙන් ගෙන
    ගෙට වදින දන පපුවල සීනු නාද කොට
    සිනා මල් පිරි මල් කලඹින්
    කිචි බිචි කතා නාදෙන්
    සංග්‍රහ ලබන වේලාවයි

    උනුන් උන්ගේ සැබෑ ලෝකයට
    පිවිසෙනා මොහොතයි
    නළල් ඩා බිඳක් ඇඟිලි තුඩින් ගෙන
    අහසට ඉසින වේලාවයි

    මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය
  • රංසි, ඉතිං සුබ ගමන්!

    රංසි, ඉතිං සුබ ගමන්!

    පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ
    කිව්වට කොහොමද හිත සැනසෙන්නේ
    ලස්සන ලොවකට හීන පුරපු උන්
    ඉක්මන් ගමනින් අප හැර යන්නේ

    නොමිනිස් ලොවක මිනිසත් කම රැඳුණු එවුන්
    මිනිසත් ලොවක් වෙනුවෙන් හඬ නගපු එවුන්
    මම ගැන නෙමෙයි ‘අපි’ ගැන නිති හිතපු එවුන්
    විරලයි ලොවට, ලොවකට පෙම් බැඳපු එවුන්

    පැතූ ලොවේ රන් අරුණළු නැගෙන දින
    හිනා මලක් වී පසෙකින් හිඳිනු මැන
    සටන් සගය, අත් නොහරින එඩිය ගෙන
    බලාපොරොත්තුව වී හද පිපෙනු මැන

     

  • විලවුන් සුවඳ

    විලවුන් සුවඳ

    ඉඳ හිට මසකට දෙතුන් වතාවක් ආවා අමුතු විලවුන් සුවඳක්
    මං ගිනි ගත්තත් ඒ දවස් වලට එයා නිදාගත්ත හැරී සුව නින්දක්
    දැන් නොමැත එහි වෙනසක් නිතරම අරන් එනවා ඒ සුවඳත්
    බදාගැනීම නොවේ නම් ප්‍රේමය අත්හැරීමයි දැන් ඇති එකම සැනසුමත්

    හිල්මි සුපුන්
  • උඹ තවමත් මට  පොඩී

    උඹ තවමත් මට පොඩී

    මං කරපු වැරදි හැමදාම
    සුසුමකින් යටකර ඉවසා දරාම
    ජෙනී නුඹයි මට හැමදාම
    කවදාවත්ම මාක්ස් කෙනෙක් වෙන්නට බැරි මට

    සිප් ගහේ මුදුනකම දරුවන් රැන්දුවට
    කියා දෙන්න උන්ට බිම ඉන්න උන් දිහා බලන්නට හැමදාම
    නුඹ හිටවපු පිච්ච වැල් දෙකක් වගෙයි මටනම් උන්තාම
    මම නම් කිව්වෙ උන්හට ජෙම්මාමයි වෙන්ට හැමදාම

    නුඹටත් කිව්වෙ මම නුඹෙ අම්මවගේ වෙන්ට හැමදාම
    දුවලව විතරයි වඩාගන්නටත් හැකි උනෙ නුඹෙ අම්මාට
    හොඳ තැනක ඉදන් අම්මත් බලන් ඇති දරුවන්ව
    හිටියනම් අද ලබනව සෙනෙහස ආදරය දරුවන් හැමෝම

    මා දුරු රටකට යන්න ගියා ඔබ තනිකර තිදෙනාම
    ගිනි අගුරක් වී පිලිස්සෙමින් දැවෙමින් ඔබ මුහුන දුන්නා තනිවම ජීවිතයට
    දන්නවා මම කිරි එරුනෙ දුවල දෙන්නටම විතරක් නොවන බව
    පතනෙමි තව තවත් ධෛර්‍ය මහා වනස්පතියක් සේ මිනිස්සුන්ට සෙවන දෙන්නට

    ජූඩ් විශ්වජිත්
  • බොහෝ ගී රසවින්දන වැඩසටහන් වල දී උත්කර්ෂයට නංවන්නේ ගීතයට අදාළ ගොසිප් කෑල්ල

    බොහෝ ගී රසවින්දන වැඩසටහන් වල දී උත්කර්ෂයට නංවන්නේ ගීතයට අදාළ ගොසිප් කෑල්ල

    ජන රැඟුම් මණ්ඩපයේ සංවිධාන මෙහෙයවීම යටතේ ජුනි මස 14 වැනි දා සංවිධානය කළ ගී රස වින්දන වැඩ සටහනට ගීත විචාරය සඳහා සහභාගි වුණේ සේනාධී ගුරුගේ.

  • කොන්ද රිදෙනවා ආනන්ද

    කොන්ද රිදෙනවා ආනන්ද

    කලාන්තයි ආනන්ද
    කොන්ද රිදෙනවා ආනන්ද
    මේ දවස්වල මං වැඩ වසන්නේ
    V.P.ගෙ කාරෙකේ ඩෑෂ් ⁣බෝඩය මත

    මල් අඞ අඞා පරවෙනවා
    පස්සෙ ෂීට් එක මත
    ඇහැක් උස්සන්නෙ කොහොමද
    බෙල්ල කකියන කොට

    වැටෙන හැම වළක් ගානෙම
    කොන්ද වදිනවා වින්ස්ක්‍රිනය මත

    ” ආරෝග්‍යා පරමා ලාභා”
    බෝඩි එක
    ඡීවකගෙ චැනල් සෙන්ටරේ
    දොර උඩ

    සල්ලි බෑගය දානකොට ඩිකියට
    ගැස්සෙනවා තෙවළා දහම් බණ පද

    ක්ලාන්තයි ආනන්ද
    කොන්ද රිදෙනවා ආනන්ද

    ඍධියෙන් වුව වඩින්නේ කොහොමද
    ගමි ගා අලවා අැත පස්ස පැත්තම
    හෙළවෙන රිදී බෝ කොළේ
    වදිනවා නළලට
    හැම බ්රේක් පාරටම

    සුනීත සෝපාකලා
    බේත් අරගෙන
    ඔහේ යනවා
    කාරෙක දිහා බලාගෙන

    හම්බ වුනොත්
    යසෝදරාවට කියනවද
    කිරිපිඩු ටිකක්
    පැන් සුමුගක්
    කාටත් හොරෙන්
    වඩම්මන ලෙස කාර් එකටම

    දිලීප් කුමාර ලියනගේ
  • ගී රස වින්දන වැඩසටහන 2

    ගී රස වින්දන වැඩසටහන 2

    සුදු නෙලුම කෝ සොරබොර වැවේ. අමරදේව , රෑ මැදියම මත්වූ තොටියෝ. ඉන්දිකා උපමාලි , දියවන්නා කුමාරියේ. නාද , මාත් මගෙ හිත හදා ගන්නම්. පසන් ලියනගේ ,හමාර බණවර. රොයිස් රොයිස්ටර් ගයන ගීත පිළිබඳව සිරවීම් ලිහිල් කරගෙන google meet තාක්ෂණය ඔස්සේ ගීත රසවිඳින්න කතා කරන්න ඔබත් එකතු වෙන්න .

    ජුනි මස 14 වන ඉරිදා ඉතාලි වේලාවෙන් පෙරවරු 5.00 ට (ලංකාවේ වේලාවෙන් 20 .30 ට) ගීත විචාරය සේනාධි ගුරුගේ සහෘදයාගේ දායකත්වයෙන්.

    මෙය ජනරැගුම් රසවින්දන කවයේ සංවිධාන වැඩකි .වැඩි විස්තර සඳහා විමසීම් 3209529723 ,331 9518186, 3357432985 හෝ 3357432986

  • කවිය මගේ පෙම්වතිය අලුත් කෙනාගේ නම “වැහි වැටෙන දවස්”

    කවිය මගේ පෙම්වතිය අලුත් කෙනාගේ නම “වැහි වැටෙන දවස්”

    2018 වසරේ ගොඩගේ අත් පිටපත් තරඟයේ කාව්‍ය අංශයේ ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහයක් ලෙස ඇගයීමට ලක්වූ “හිතාදර දළඹුවනි” කාව්‍ය සංග්‍රහය චින්තක සමන් හේරත්ගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහයයි. ඉතා කෙටි කලකින් පුවත්පත් කවි පිටුත්, කවියට උචිත අන්තර්ජාලයේ සියලුම අස්සක් මුල්ලක්මත් තමන්ගේ කවියට වෙන්කර ගන්න මේ තරුණ කවියා සමත් වෙනවා. ඔහුගේ හැකියාවයි නිර්මාණ අපූර්වත්වයයි මේ ඉඩකඩ ඔහුට නිරායාසයෙන්ම ලබාදෙන්න සූදානමින් සිටිනවා. ඉතින් වසර දෙකක පමණ ඇවෑමෙන් පසුව ඔහු දැන් සුදානම් වෙනවා දෙවන කාව්‍ය සංග්‍රහය එළි දක්වන්න. ” වැහි  වැටෙන දවස් “ ඔබ අතට පත් වන්නට තිබුණු කාලය කොරෝනා වසංගතය නිසා ප්‍රමාද වුනත් , තව සති කීපයකින් චින්තක සමන් හේරත් වැසි වට්ටවා ඔබව තෙතබරිත කරවී.

    අද අපි විවරෙන් ඉඩක් වෙන් කළා චින්තක සමන් හේරත්ගේ කලා ජීවිතයත් ” වැහි  වැටෙන දවස් “ පිළිබඳවත් කතා බහ කරන්න.

    • හැම මිනිහෙක්ගේම හිතේ කවි තියෙන්න පුළුවන්, හැබැයි හිතේ තියෙන හැමදේම වචන ගලපල කවියක් කරගන්න හැමෝටම බැහැ. ඒකට හැකියාවක් පුහුණුවක් තියෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා ඔබට මේ හැකියාවයි පුහුණුවයි දෙකම තියනවා. ඔබේ මේ කවි ජිවිතේ කොතනින්ද ඇරබුනේ, අපි ඒක පොඩ්ඩක් කතා කරමු.

    නිශ්චිත කාල වකවානුවක කවිය යන්න මා තුලින් පැන නැගුනා යැයි මට කියන්නට අපහසුයි. කවිය හා සාහිත්‍ය සමග බද්ද වූ කුඩා – ළමා- තුරුණු සමයක්ද මට නැහැ. ඇත්තටම කවිය කියන දේ මා සොයාගෙන ගියා කියනවාට වඩා කවිය මා සොයාගෙන පැමිණි බවක් තමයි මට අද සිතෙන්නේ. මගේ කවිය මින් වසර තුන හතරකට වඩා ඈතට දිවයන්නේ නැහැ. ඒ නිසාම කවියෙක් කියා පිළිගන්න මගේ අභ්‍යන්තරික ඉන්ද්‍රීයන් වලට මම දනවන්නෙත් නැහැ. එහෙම දැනුන දවසක තමයි මං එය පිළිගන්නේ. හැබැයි මම කවිය පිළිබදව පසුගිය වසර කිහිපය තුල යම් කියවීමක් හැදෑරීමක් ඉවසීමෙන් සිදුකලායැයි සතුටක් මට තියෙනවා. මම කවියට ආදරෙයි. එය මාව හරි හැටි අවබෝධකරගත් පෙම්වතියක් වගේ. මගේ ජීවනාලිය වගේ. ඉතිං උතුම් කවියක් සොයා යාමේ අභ්‍යාස අවධිය තමයි මම තාම පසුකරමින් සිටින්නේ.

    • අපි ලෝක සාහිත්‍යයෙන් අරගෙන කවි පරිහරණය කරනවා, ඒවා පිළිබඳව කතාබහ කරනවා, කවි කියවලා අපි උපදේශයන් ගන්න. ඔබ හිතනවද ලාංකීය කවිය ලෝකයට හිතන්න දෙයක් කතාබහ කරන්න දෙයක් ලබා දීලා තියනව කියලා,

    ලෝකය අපේ කවිය දිහා විමසිල්ලෙන් බලන් ඉන්නවා කියලා , ඒ සඳහා අපි අවස්ථාව සලසා තියනවා කියලා . කවිය දේශසීමා ජාතිකත්ව වැනි කරුණු මත කොටු කිරීම වැරදියි කියා මා සිතනවා. මෙය අනෙක් කලා මාධ්‍යන්ට වඩා යමි සුවිශේෂී උතුම් කලාවක්. අතීතයේ අපේම කාව්‍ය සම්ප්‍රදායක් තිබී ඇති බව අපට පෙනෙනවා. පැරණි සෙල් ලිපිවල, ජනකවියේ මෙන්ම සීගිරි ගී වල ඊට උදාහරණ බොහොමයි. නමුත් සංස්කෘත වැනි අලංකාරවත් කාව්‍ය සම්ප්‍රදායක් රිංගා ගැනීමත් සමග එම කවිමග වෙනතකට යොමුවී තිබෙනවා. සීගිරි කවියේදී අපට හමුවන කවි මග දියුණුවට පත්වූවානම් චීන ජපන් කවි මග පසුකරගෙන යාමට හැකියාවක් තිබුනායැයි මගේ කල්පනාවයි. සිංහල කවි වෙනත් භාෂාවන්ට පරිවර්තනය වූ අවස්ථා අප ඉදහිට දැක ඇතත් සිංහල කවිය පිළිබදව ලෝකය වැඩි අවධානයක් යොමුකරන බවක් මා නම් සිතන්නේ නැහැ. වරක් ඉන්දියාවේ මහා කවි තාගෝර් මෙහෙම කියනවා. “මානව වර්ගයක් ලෙස බ්‍රිතාන්‍ය ජන සමාජය ගැන මගේ මහත් ගෞරවයක් තිබෙනවා. සුදු ජාතිය ගැන ආණ්ඩුව ගැන නොවෙයි. ඒ ජනයා මහා මානව වාදයක් ගොඩනඟා තිබෙනවා. මහා සාහිත්‍ය කලා උරුමයක් නිපදවා තිබෙනවා. හිරු රශ්මිය වගේ ඔවුන් අපට දැනෙනවා” ඉති අපේ කවිය ගැනත් අපට ලොකු අධිතක්සේරුවක් තිබෙනවා. එයම තමයි අපේ කවියේ පසුගාමීත්වය. මෙරට කවිය පිළිබදව ලෝක අවධානය වැඩි වශයෙන් ලක්නොවීමට හේතුව අපි විවිධ සංස්කෘතික කලාප වල කවිය පිළිබදව දක්වන උනන්දුවේ අඩුකම. මෙම තත්වය වටහාගත් ඇතැම් ප්‍රවීණ කවීන් අතලොස්ස පවා අද එම කාරණය යම් පමනකට අත්හැර ඇතැයි මට සිතෙනවා.

    • නව කතාව කෙටි කතාවට වඩා කවි ලියන්න පෙළඹෙන පිරිස වැඩිවෙලා , පසුගිය වසරේ කවි පොත් දෙතුන් සීයක්වත් එළිදකින් ඇතැයි කියලා අපි හිතනවා .මේ ප්‍රවණතාව පිළිබඳව ඔබගේ අදහස කුමක් ද ?

    එම ප්‍රවනතාව ඉතා සතුටට කාරණයක්. නමුත් කවිය වැනි කලා මාධ්‍යයක් ප්‍රමාණවත් ලෙස වැඩිවන විට ඊට සමාන්තරව විචාරය සහ මගපෙන්වීමද වැඩිවිය යුතුයි. නැතිනම් ප්‍රමාණාත්මකව සිදුවන වැඩිවීම ගුණාත්මක වැඩිවීමක් බවට පත්වන්නේ නැහැ. එසේ නොවීමෙන් සිදුවන්නේ බොහෝ දෙනා ජනප්‍රියත්වයේ ගොදුරු බවට පත්ව තමන් තුල ඇති කුඩා හැකියාව පවා විනාශ කරගැනීමයි.

    • බොහෝවිට අපිට ඇහෙනවා අර පොත හොඳයි මේ කවිපොත හොඳයි අරක හොඳයි මේක අපි හොඳයි වගේ වචන .කුමන හෝ සාහිත්‍ය නිර්මාණයක හොඳ නරක ඔබ තීරණය කර ගන්නේ කොහොමද ?

    හොද නරක කියන වචනයට වඩා අපි එය සාර්ථක අසාර්ථක වැනි තැනක තබා කතා කලහොත් මගේ පිළිතුර ඔව් කියන එකයි. එයින් අදහස් වෙන්නේ නෑ මම සාර්ථක කවියෙක් කියන එක. මම අද වනතෙක් එක සාර්ථක කවියක්වත් ලියලා නැතිවෙන්න පුළුවන්. “නමුත් කවියට සීමා උවමනා නැහැ. දැනෙනවනම් කවිය ඒක තමයි කවිය. කවියනම් කෝකත් කවිය ” වගේ තැනක හිටියොත් අපි මේ සයිබර් අවකාශය ඇතුලෙම දවසක අතුරුදන් වෙලා යනවා. කවිය සූක්‍ෂම මානසික අභ්‍යාසයක්. අප ඉතා ප්‍රියකරන නූතනම කවියෙක් මෑතක කවිය පිළිබදව දැක්වූ අදහසක් තමයි ” කවිය යනු වචන අතර ඇඟවෙන සියුම් වචනාර්ථවල බුද්ධිමය අකුණු පහරක්; කුණාටුවක්; රළ පහරක්” යන්න. එහි ද්වනිතාර්ථ, සංකේතාර්ථ, රූපකාර්ථ, සියල්ලම අන්තර්ගතයි. අනෙකුත් සාහිත්‍ය නිර්මාණ කෙසේ වුවත් නූතන කවියේ මූලිකාංග ලෙස පවත්වාගෙන යා යුතු ස්පර්ශ කල යුතු දෑ තිබෙනවා. ඉතිං සාර්ථක කවියක් අසාර්ථක කවියක් තීරණය කිරීමට මේ පිළිබදව හැදෑරිමක් කියවීමක් ඇති රසිකයාට වැඩි අපහසුවක් දැනෙන්නේ නැහැ.

    • වර්තමාන සමාජයේ කියවීම පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන් ද ?

    මං ඇසුරුකරන සමාජ ස්ථරයන්වල කියවන පිරිස් තරමක් අඩුයි. ඊට නූතන ආර්ථික පරිභෝජන රටාව ලොකු බලපෑමක් එල්ල කරල තියෙනවා. ඒ අතර ඉදහිට හෝ කියවන කිහිප දෙනා වුවත් කියවීමක් සිදුකරන්නේ තමන්ගේ වෘත්තිය ජීවිතයට යම් වැදගත්කමක් දැණුමක් ලබාදෙන දෙයක් මිස ආධ්‍යාත්මික ස්පර්ශයකට හෝ බාහිර දැනුවත්වීමකට අදාල පොතක් පතක් ලේඛණයක් නොවෙයි. නමුත් අපේ පරම්පරාවේ ඇතැම් පිරිස් දහසකුත් වැඩ අතරතුර වුවත් කියවීම සිදුකරනවා. එය ජාතික පුස්තකාලයට ගොස් සතියකට පොත් දෙකක් අරං කියවීමකට වඩා එහා ගිය දෙයක්. වර්තමාන සමාජයේ කියවීම පිළිබද මට සෑහිමකට පත්විය හැක්කේ පෙර කී සමාජ වටපිටාව පිළිබදවත් මට යම් අවබෝධයක් ඇති නිසයි. සිත්ගත් නවකතා පොතක් කෙටිකතා පොතක් කියවීමට ඉතා කැමැත්තක් ඇති නමුත් ඒ සදහා විරාමයක් සොයාගන්නට අපොහොසත් බොහෝ පිරිසක් සිටිනවා මා මෙන්ම.

    • ඉතින් දැන් ඔබ සූදානමින් සිටින්නේ දෙවන කාව්‍ය සංග්‍රහය එළි දක්වන්න. හිතාදර දලබුවනි කාව්‍ය සංග්‍රහය වැහි වැටෙන දවස් වලට මොන තරම් බලපෑමක් එල්ල කරල තියනවද ?

    මං පෙර කී පරිදිම මම කවියේ යම් අභ්‍යාස අවධියක් ගෙවමින් සිටින්නේ. “හිතාදර දළඹුවනි” කෘතිය 2018 වර්ෂයේ ගොඩගේ අත්පිටපත් තරගාවලියේ ප්‍රශස්ථ අත්පිටපත් ලෙස තේරී පත්වී මුද්‍රණය වූවා. බොහෝ දෙනෙක් එය කියවා නැහැ. මමත් ඒ කාව්‍ය සංග්‍රහය බොහෝ දෙනා අතට පත්කරන්නට උනන්දුවූයේ නැහැ. ඉතිං ඒ නිසා මගේම මැදිහත්වීමකින් තෝරාගත් කවි කිහිපයක් පලමු වතාවට තමයි කාව්‍ය සංග්‍රහයක් ලෙස මෙවර එලියට එන්නේ. “හිතාදර දළඹුවනි” කාව්‍ය සංග්‍රහයෙදිත් සයිබර් අවකාශයේ මෙන්ම පුවත්පත් කවි පිටු වලදිත් මගේ කවියට ප්‍රවීණ සමකාලීන කවි කිවිදියන්ගෙන් ලැබුනු ඇගයුම් මෙන්ම පෙන්වා දුන් අඩුපාඩුද හැකිතාක් මගහරවාගෙන තමයි වැහි වැටෙන දවස් උපදින්නේ. මේ කාව්‍ය අභ්‍යාසයේදී මම මගේ කවිය අනාගතයේ ප්‍රවිශ්ඨ කල යුතු මාවත කුමක්දැයි මා තුලම පාදාගෙන තිබෙනවා. ඒ වගේම මා පිළිගන්නා තවත් කරුණක් තමයි වසර 03 ක් වගේ කාලයක් කවි පොතකින් තවත් කවි පොතකට ගෙවන අභ්‍යාස කාලය මදි කියන එක. එවිට මට නිතැනින්ම සිහිවන ආරිවංශ රණවීරයන්ගේ කවියක් මා ඉදිරිපත් කරන්නේ මට මේ කවියේ සදහන් අනාගතය පිළිබදව බියකරු හැගීමද නිතර දැනෙන නිසා.

    ඇයි කුරුල්ලෝ
    උඹ කෙටි ගීත ගයන්නේ
    මට බොහෝ දේ කියන්න තිබෙන නිසා
    මගේ කාලය කෙටි නිසා

    • “වැහි වැටෙන දවස්” ජනතාව අතට පත්වන්නේ කොහොමද? කවදද?

    කවියට උවමනා තැනට කවියට යන්නට ඉඩහැර කවියා නිහඩව සිටීම තමයි වැදගත් කියලා මට සිතෙනවා. කවි පොත ලබන සති දෙක ඇතුලත සියළු මුද්‍රණ කටයුතු අවසන්. කවිපොත ජනගතකරන්නට තැනක් වේලාවක් උත්සවයක් සංවිධානය කිරීම පලමු වතාවට වෛරසයකට භාරදෙන්න සිදුවෙලා තිබෙනවා. අපි බලමු කොරෝනා වෛරසය ඊට අවස්ථාවක් දේවිද කියලා. එසේ නොහැකිවුවත් මට ලොකු කනගාටුවක් දැනෙන්නේ නැහැ. එසේ වුවහොත් මේ කාව්‍ය සංග්‍රහය හැමෝම අතට යන්න පුළුවන් විදිහේ වැඩ පිලිවෙලක් ගැන බලනවා.

    හිල්මි සුපුන්
  • ස්නයිපර් සෙබළාගේ පුහුණු සැසිය

    ස්නයිපර් සෙබළාගේ පුහුණු සැසිය

    අම්මගේ පපුව උඩ කියල හිතපං
    පොළව මත සෙමින් අඩි තියපං
    තන පුඩුව මත වුණත් වැතිරී
    නොදැනෙන්න ඉන්න උගනිව්
    අදින් පසු ජීවිතේ ඉරියව්
    මේ පාඩමේ විදියට ගෙනියව්

    ගෑනිගේ පපුව උඩ වගේ දඟලන්
    හති අරින්නේ නැතිව හිටපං
    හුස්මක් වුණත් ගන්න ඉස්සර
    සිය දහස් වාරයක් හිතපං
    ඉක්මනට නිවාඩු යන්න ඕන්නං
    හරියට ඉලක්කෙට වැඩේ දීපං

    බිමේ පාට ම මූණෙ ගාපං
    කටුසු වෙස් ගෙන නොපෙනි හිටපං
    යකඩ හෙල්මට් පොත්ත දුරකට
    හත්ත සේ බිම තියං ඉඳපං
    බිජ්ජ පැළිලා හුජ්ජ ආවත්
    ඉන්න විදියට ඔහොම ඉඳපං

    දෙකක් නැතුව ම එකක් තියපං
    එකෙක් ගානෙ ම ගණං කරපං
    ඇද වැටෙන උන් ගණන වැඩි නං
    නැගිටින්න හැකි වෙන්න පුළුවං
    එහෙම නැත්නං උඹේ බොඩියත්
    ගණං කර ගෙන යන්න පුළුවං

    නිරපරාදේ අහකෙ අපතේ
    බුලට් වැය කරනු නොහැකියි
    උණ්ඩයක් උණ්ඩයක් ගානේ
    ප්‍රීතිමත් පණිවිඩ ම පතපං
    නළල,හදවත,බෙල්ල පමණක්
    එල්ල කරලා කොකා ගහපං

    ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න