Category: corona

  • ඉදිරිය එතරම් හොඳ නෑ – වෛද්‍ය නලින් විජේසේකර

    ඉදිරිය එතරම් හොඳ නෑ – වෛද්‍ය නලින් විජේසේකර

    අම්බලන්ගොඩට ඊයෙ ආපු positive ගාන 28ක්…
    හුස්ම ගන්න අමාරු ලෙඩෙක් ඉන්නව කියල දුරකතන ඇමතුමක් ආවා… එතකොටත් ambulance සොයන්න පටන් අරන්..
    1990 ගන්න කියල එයාලටත් කිව්වා…
    අපිට ලෙඩෙක් ඉන්නව කියල ambulance යවනව කියන එක ලේසි වැඩක් නොවෙයි…
    1990ත් නෑ… 1990 ට එන්න බැරිවෙලා.. ප්‍රතිඵල ඇවිත් විනාඩී 45ක් තුල රෝගියා ගෙදරම මියගියා…
    ගෙදර මිනිස්සු විලාප,දෙනවා කෑ ගසනවා කවුරුත් උදව්වට නෑ…
    උදව් කල හැක්කේ සීමා සහිතව… අපි පිටත් උනා.. මහ රෑ කෝමද මේ වැඩ ටික කරන්නෙ….
    යන ගමන් සහෝදර වෛද්‍ය වරුන්ගෙන් උපදෙස් පැතුවා…
    මටත් පලමු අත් දැකීම… පවුලේ ලඟම නෑදෑයෝ වෛද්‍යවරයකු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉන්නවා මට කතා කරල ඇයි අපි මිනිස්සුන්ට උදව් කරල මෙහෙම,වෙන්නෙ අහනවා.. PHI මහත්වරු බටපොල පොලිසිය හා කොර්නෙල් මහතා සම්බන්ධ කරගන්න අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන් ඇමතුවා.. මම,ඉල්ලා සිටියා මහ රෑම මේ කටයුත්ත කරගන්න උදව් කරන්න කියලා.. පුදුම උදව්වක් ලැබුණේ .
    අපි කණ්ඩායම එක්ක නින්දානෙ ගෙදරට ගියා.. ඒ අසරන කමක තරම…
    ගෙදර අයත් එයාලගෙ දුකත් එක්ක කාටත් කෑ ගඩනවා.. දැන් ආවට වැඩක් නෑ කියනව…
    අපි කල හැකි එකමදේ අවසන් කටයුතු මාර්ගෝපදේශක අනුව ක්‍රියාත්මක කිරීම…
    බටපොල රෝහලට මේ අතර කතා කලා වෙන කවුරුත් මේ body එක ගෙනියන්න වාහන දෙන්නෙ නැ කියල දන්න නිසා.. එම කාර්‍යමංඩලය පුදුම කැපවීමක් කලා… ගෙදර අයගෙන් අහුවා මොනවද ඔයාලා තම ආදරණීය ස්වාමිපුරුශයා පියා වෙනුවෙන් කරන්න ඕනි කියලා..
    පෙට්ටියක තබන්න කියන ඉල්ලිමත්… පාංශකූලය දීමත් තමයි අසරණ ඉල්ලීම් උනේ… තිසර මල්ශාලාවට කතා කලා .. පෙට්ටියක් ඉල්ලුවා කාතාව කියල පස්සෙ මුදල් දෙන්නම් කියල. ඒ වෙලවෙම ඔවුන් ඒ උදව්ව කලා.. පවුලේ අය හාමුදුරුවෝ සම්බන්ධ කලා අදාහනාගාරයට … ඉතින් තම ස්වාමිපුරුශයා ගේ මල ගමට යන්න ඉල්ලුවා.. ඒක අපිට කරන්න දෙන්න බැරි උනා… ගෙදර අය කෑගසද්දි අපි මෙලෙස අරන් ආවා… රාතී එකට කිට්ටුයි…පාංශකූලය දුන්නා. නීරෝධායනය නොවන එක් පවුලේ නෑදෑකෙනෙක් පමනක් සහභාගී උනා…
    මේ මරණය ඉක්මන් වීමට කොවිඩ් හේතු උනා කිව්වොත් නිවැරදියි… ඔවුන් අවුරුදුකාලේ පොදු ප්‍රවාහනයෙන් ත්‍රිකුණාමලය හා බුත්තල ගිහින් තියෙනවා…
    ආවට පස්සෙ වෛද්‍ය රුවන් මහතා තමයි pcr සඳහා යොමු කලේ…
    නමුත් ප්‍රතිඵල එනකොටම… කිසිම උදව්වක් කරගන්න බැරිව හුස්ම ගැනීමේ අපහසුවෙන්ම ඔහු මිය ගියා…
    අපි හැමෝම කොච්චර අසරණ ද කියන්නයි කොවිඩ් එක්ක මේ කතාව ලිව්වේ..
    කොර්නෙල් මහතා ඉතා ඉක්මනින් සියලු රාජකාරි කරල දුන්නා. JMO මැඩම් අවශ්‍ය උපදෙස් දුන්නා.. මහ,රෑ අදාහනාගාරයේ මෙවැනි කටයුත්තක් කලේ පලමුව ඊයෙ.. ඔවුන් කල කැපවීම ප්‍රශංසනීයයි. බටපොල පොලිසියේ නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ රාජකාරි කටයුතු ඉක්මනින්ම කරලදුන්නා..සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාමණ්ඩලය ලොකු උදව්වක් දුන්නා..
    මහ රැ උදව් කල සියලුම දෙනාට තුති.
    තවත් මෙවැනි කතා ලියන්න නොලැබේවා..
    කවුරුත් පුලුහන් හැමවිටම නිවසට වෙලා ඉන්න බලන්න

     


  • අද දිනයේත් කොවිඩ් රෝගීන් 892ක්  – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

    අද දිනයේත් කොවිඩ් රෝගීන් 892ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

    කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 892 දෙනෙකු අද (26) දිනයේ ද හඳුනාගෙන තිබේ.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 102,271 කි.

    මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් පවසයි.

    කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් එලෙස මෙම සතියේ පාසල් වසා තැබෙන බව ද අමාත්‍යවරයා කියයි.

    එම පළාත්වල පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීන්දුවක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම් අද දින රාත්‍රී 8.00 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අද(26) රාත්‍රී 8.00 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා (Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මිට පෙර ප්‍රකාශ කර තිබුණි.

    ඒ අනුව

    ගම්පහ දිස්ත්‍රික්කය –

    කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලු ගෙදර සහ කලුඅග්ගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ,

    මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ, අස්වෙන්නවත්ත නැගෙනහිර.

    කළුතර දිස්ත්‍රික්කය –

    මීගහතැන්න පොලිස් වසමේ, මිරිස්වත්ත, පැලවත්ත නැගෙනහිර, පැලවත්ත උතුර යන ග්‍රාමසේවා වසම්,

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය –

    ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ බූම්බුහාර් ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.

  • ධනවාදය

    ධනවාදය

    දිගින් දිගටම හමුවෙන නිමිති – ගත වූ පැය 24 තුළ මහාරාෂ්ට ප්රාන්තයෙන් කොවිඩ් අසාදිතයින් 66,836 දෙනෙකු වාර්තා වී ඇති අතර 773 දෙනෙකු එම කාලය තුළ මිය ගොස් ඇත. ඉන් බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ, ඔක්සිජන් පහසුකම් නොමැති වීමෙනි. සමස්ත ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 3 32,730 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්යාව 2,263 කි.

    ධනවාදය

    යුද ටැංකි ද
    ඈතට විදිය හැකි මිසයිල ද
    වෙඩි උණ්ඩ ද
    පුහුණු කළ සොල්දාදුවන් ද
    රටවල් අල්ලා ගැනීම සඳහා හොඳ සැලසුම් ද
    නිර්මාණය කර
    යුද උපකරණ
    ගොඩ ගසා ගත්හ
    ඔවුන්
    හදිසි අවස්ථාවක පාවිච්චිය සඳහා
    එකම ගිලන් ඇඳක් වත් ගොඩ ගසා නොගත්හ

  • ඉංදියානු රෝහල් Covid රෝගීන් බාර නොගනී !

    ඉංදියානු රෝහල් Covid රෝගීන් බාර නොගනී !

    පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව කොරෝනා වෛරස් රෝගීන් 314,835 වාර්තා කල අතර එය ලොව ඉහළම දෛනික රෝගීන්ගේ වාර්තාව වූ ඡනවාරියේ එක්සත් ඡනපදයේ දෛනික වාර්තාව ඛෙිදඡනක ලෙස පරාඡය කලේය.
    දිල්ලියේ පමණක් බ්‍රහස්පතින්දා රෝගීන් 22,000 ක් ලෙස ඉන්දීය මධ්‍යම රඡය කියා සිටී . වෛරසයේ පහර දීම කොතරමි ප්‍රචන්ඩද යත් එය සෑම මිනිත්තු 5 කටම ආසාදිතයෙක් උපදවයි මිලියන 29 ක් මිනිසුන් ඡිවත්වන දිල්ලියේ එහි වෛරස් රෝගීන්ට දීමට වෛද්යවරුන්ට තවත් ඇඳන් ඉතිරි වී නොමැති අතර, ඔවුහු දැඩි ඔක්සිජන් හිගයකට මුහුණ දෙමින් සිටී. ඔක්සිඡන් කොල්ලකෑම වැළැක්වීම සඳහා පොලිසිය සීරුවෙන් තබා ඇත. Covid 19 හි නව ප්රභේදයක් වන මෙය ඉන්දියාව තුල වේගයෙන් පැතිරීම නිස බ්රිතාන්යය සිය රටවැසියන්ට ඉන්දියාවේ සංචාරය තහනමි කළේය.

    ඊයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙය ඡාතික හදිසි අවස්ථාවක් සේ සලකා වහා ඔක්සිඡන් සැපයුමට ඇති බාධා සියල්ල ඉවත්කරන්නැයි මධ්‍යම ආණ්ඩුවට උපදෙස් දී තිබිනි. ඔක්සිජන් නොමැතිකම මෙන්ම මූලික ඖෂධ ද හා ඇඳන් හිඟ වී ඇති අතර ප්‍රධාන රෝහල් විසින් තවත් රෝගීන්ට ඉඩක් නොමැති බව පවසමින් නොතීසි නිකුත් කර ඇති අතර ඔක්සිජන් සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා පොලීසිය යොදවා ඇත.

    එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්යාලයේ ජෛව ස්ථරීකරණ හා වසංගත රෝග විද්යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන භූමුර් මුකර්ජි මහතා ඩෙිලිමෙිල් වෙත පැවසුවේ දැන් ඉන්දියානුවන් සඳහා සමාජ ආරක්ෂණ දැලක් නොමැති බවයි.සෑම කෙනෙකුම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සටන් කරන අතර තම ආදරණීයයන් ආරක්ෂා කිරීමට උත්සාහ කරති. මෙය නැරඹීම දුෂ්කර ය, ‘ඔහු පැවසීය.

    කැනඩාව ඉන්දියාවෙන් ගුවන් ගමන් තහනම් කර ඇති අතර බ්‍රිතාන්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ නවසීලන්තය සිය රටවැසියන්ට ඉන්දියාව තහනමි කලාපයක් කර තිබෙි .

  • කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් – ආණ්ඩුව ජනතාවට වරද පටවන සුපුරුදු ප්‍රතිපත්තියේ

    කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් – ආණ්ඩුව ජනතාවට වරද පටවන සුපුරුදු ප්‍රතිපත්තියේ

    අලුත් අවුරුදු උත්සවයෙන් අනතුරුව රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව වගබලා ගතයුතු බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.

    ඔහු පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මෙන්ම කාර්යාලවල රාජකාරී කටයුතු සිදුකිරිමේදී සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

    එසේ නොවුනහොත් ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යෑමේ අවදානමක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර ඇත.

    නමුත් අලුත් අවුරුදු සමය යනු ජනතාව විවිධ ප්‍රදේශවල සංචාරය කරන සහ සාමූහික වශයෙන් එකතුවීම් වැඩි උත්සව අවස්ථාවක් වුවත් රජයේ පාර්ශවයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. අලුත් අවුරුදු සමයෙන් පසු රෝගීන් වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ සති කිහිපයක සිට අනතුරු අඟවා තිබුණි.

    දැන් ආණ්ඩුව සූදානම් වන්නේ වෙනද කරන ලෙසම ජනතාවට වරද පටවා තම තමන්ගේ ආරක්ෂාව තම තමන් බලාගන්නා ලෙස දැනුම් දී පැත්තකට වීමයි.

    කුරුණෑගල ගම්මානයකට සංචරණ සීමා

    කොවිඩ් ආසාදිතයන් 29 දෙනකු හඳුනාගැනීමෙන් කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානය අද ( 18) සිට හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගනු ලැබීය.

    තිත්තවැල්ගාල ගම්මානයට ප්‍රවේශ වන සහ ඉන් පිට වන මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා වසා දමා ඇති අතර පවුල් 540 කට වැඩි ප්‍රමාණයකට අයත් පිරිසක් මෙම ගම්මානය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්

    මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

    විශේෂයෙන් බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වයන් දැකගත හැකි බව උපුල් රෝහණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    “ඉතාම පැහැදිලිව ලංකාවේ මේ වෙද්දි අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම කරන්නේ නෑ. ඇතැම් පළාත් සභාවල ඊයේ දිනයේත් අපි දැක්කා අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා නොගන්නා ලෙස පණිවුඩ හුවමාරු වෙනවා. අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත්තොත් අපි විශ්වාස කරනවා මීට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි. මේ වනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන්ගේ යම් යම් වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ පළාත, උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ රෝගීන් වැඩිවීම වාර්තා වෙනවා. ඒ වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියක රෝගීන් වාර්තා වෙනවා අපිට පේන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික රසායනාගාරවල පරීක්ෂණ සිදුකර වාර්තාවන රෝගීන් දැනුම්දීමේ ක්‍රියාවලියේ ගැටලු නිසා එම රෝගීන් නිවෙස් තුළත් රැඳී ඉන්නවා.” ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කර සිටියා.

    විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අතර කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන හෙයින් එසේ පැමිණෙන පිරිස් සීමා කිරීමට හෝ පාලනය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර පවසයි.

    එසේම විදේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නිරෝධායන නීතී දැඩි කිරීමට ද සිදුවිය හැකි යැයි හෙතෙම කීය.

    ලෝකයේ වෙනත් රටවල කොවිඩ් තුන්වැනි හා හතරවැනි රැලි මතුවී ඇති තත්ත්වයක ශ්‍රී ලංකාවට දැඩි පරිස්සම් විය යුතු යැයිද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

    මෙවර සින්හල හින්දු අලුත් අවුරුදු සමයේදී ඇතැම් පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බවද සෞඛ්‍ය බලධාරීන් චෝදනා කර තිබේ.

  • ඉන්දියාවේ දහස් ගනණින් මිය යද්දිත් ආගමික ඇදහිලිවලට මිනිසුන් පොරකකා පැමිණෙති

    ඉන්දියාවේ දහස් ගනණින් මිය යද්දිත් ආගමික ඇදහිලිවලට මිනිසුන් පොරකකා පැමිණෙති

    දිනපතා ඉන්දියාවෙන් නව කොරෝනා රෝගීන් හඳුනා ගැනීම වාර්තා ගත ලෙස ඉහළ යමින් පවතිනවා. ගෙවුනු පැය 24 තුල මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වී තිබේ.එම සංඛ්‍යාව 217 353 කි. පසුගිය අප්‍රියෙල් 4 වන දා සිට ගෙවී ගිය සෑම දිනකම ලක්ෂය ඉක්මවූ නව ආසාදිතයන් හමුවීම ඉන්දියාව තුළ වසංගත ව්‍යාප්තියේ ස්වභාවයේ බරපතළකම පැහැදිලි කෙරේ.

    දිළිඳු දුප්පතුන් වැඩි, විවිධ වූ ඇදහිලි මත්තේ ජීවත්වෙන බහුතරයක් ඉන්දියානුවන්ට සෞඛ්‍ය නීතිරීති පිළිපැදීම තරම් වූ දුරස්ථභාවයක් තබා ගෙන ජීවත්වීම අපහසුය. එදිනෙදා ජීවිත ගැටගහගන්න මේ මිනිස්සුන්ට කොරෝනා වසංගතයේන් වැළකී සිටිනවාට පෙර බඩගින්නේ මිය යෑමෙන් වැලකී සිටින්නට කුමක් හෝ කිරීමට සිදුවී තිබේ. ඒ වගේම අන්තර් ආගමික ඇදහිලි හේතුවෙන්ද මොවුන්ව යම් පාලනයකට නතු කර ගැනීම පහසු නොවේ. ඊට හොඳම උදාහරණය පසුගිය අප්‍රියෙල් 12 වන දා Kumbh Mela ආගමික උත්සවය සැමරීම සඳහා ගංගා නම් ගං අසබඩට මිලියන දෙකකට වඩා වැඩි ජනකායක් ඒකරාශී වී තිබේ. එහිදී ඇදහිල්ලේ උවමනාව මිස මේ මොහොතේ බලපවත්නා මේ මාරාන්තික කොරෝනා වසංගතයේ බේරී සිටීමට තරම් උවමනාවක් ඔවුන්ට නොතිබුණු බව ඒ දර්ශන නැරඹීමේ දී අපට පැහැදිලි වේ.

  • COVIED-19 බිලිගත් බ්‍රසීලය

    COVIED-19 බිලිගත් බ්‍රසීලය

    කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්වී තිබුණු බොහෝ රටවල් මේ වන විට ඉන් මිදී පාලනය කිරීමේ දිසාවට ගමන් කරමින් තිබේ .COVIED-19 වෛරස් ව්‍යාප්තිය වැඩිම රටවල් ලෙස ඇමෙරිකා එක්සත්, ජනපදය, බ්‍රසිලය, ඉන්දියාව, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, ඉතාලිය ,තුර්කිය, ස්පාඤ්ඤ, යන රටවල් පිලිවෙලින් මෙම ලයිස්තුවේ ස්ථානගතවී සිටීයි. මෙම රටවල් අතර තවමත් දිනපතා අලුතින් එකතු වන නව ආසාදිතයින් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින අතර බොහෝ රටවල් මරණ ප්‍රතිශතය අවම කරගැනීමට සමත් වී තිබේ. ගෙවුනු පැය 24 තුල ලෝකයෙන් වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 13.825 වේ.

    තවමත් දිනපතා විශාල මරණ ප්‍රමාණයක් වාර්තා කරන රට බ්‍රසිලය වන අතර ගෙවුනු පැය 24 තුල එරටින් මරණ 4200 වැඩි ප්‍රමාණයක් වාර්තා වීම කනගාටුවට කරුණකි. බ්‍රසිලයතුල එන්නත්කරණය සිදුවී තිබෙන්නේ එරට ජනගහනයෙන් 2.51% පමණි. එන්නත් කරන ක්‍රියාවලියේ මන්දගාමිත්වය පිළිබඳව ජනතාවගෙන් ආණ්ඩුවට විශාල විවේචනයක් එල්ල වී තිබෙනවා. එරට දුගී දුප්පත් ජනතාව මගහැර තෝරාගත් විශේෂ පිරිස් වලට එන්නත් ලබාදෙන බවට පැන නැගුණු විවේචනය හමුවේ බ්‍රසිලය සෞඛ්‍ය අමාත්‍යවරයා තවකාලිකව තනතුරෙන් ඉවත් කිරීමට ද සිදුවුණා. කොවිඩ් -19 හා සම්බන්ධ සංකූලතා වලින් අවම වශයෙන් මරණ 336,947 ක් වාර්තා වී ඇති අතර ආසාදන 13,100,580 කි. මිලියන 211 ක ජනගහනයක් සිටින බ්‍රසීලය එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ දෙවන ස්ථානයට පත්ව ඇත.

     

  • කොවිඩ් -19 හේතුවෙන් මියගිය අය සැමරීමේ ජාතික දිනයක් ඉතාලියට

    කොවිඩ් -19 හේතුවෙන් මියගිය අය සැමරීමේ ජාතික දිනයක් ඉතාලියට

    මාර්තු මාසේ 18 වනදා කොවිඩ් -19 වසංගතයට ගොදුරුව මියගිය වූවන් සිහිපත් කිරීමේ ජාතික දිනය ලෙස නම් කිරීමට ඉතාලි රජය කටයුතු කර තිබේ. 2021 මාර්තු 18 වනදා සිට එළැඹෙන සෑම වර්ෂයකම මෙදින පෙරවරු 11 ට කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය අය සිහිපත් කිරීමේ දිනය ලෙස (ඊයේ මාර්තු 17 වනදා) ඉතාලි රජය මාර්තු 18 වනදා නම් කර තිබෙන අතර කොරෝනා වසංගතයේ හේතුවෙන් මියගිය අය සිහිපත් කිරීමේ ජාතික දිනයක් නම් කළ පළමු රට ඉතාලියවේ. මෙම සිහිපත් කිරීමේ සංකේතාත්මක නගරය ලෙස නම් කර තිබෙන්නේ Bergamo නගරයයි.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසරක් අවසන් වන විට ඉතාලිය තුළ මියගිය ප්‍රමාණය එක්ලක්ෂ හාරදහක් ඉක්මවා තිබේ.

    මාර්තු 18 ජාතික දිනයක් ලෙස නම් කිරීමට හේතු වූයේ කුමක්ද?

    කොවිඩ් -19 වසංගතය ආරම්භ වූ මුල් අවධියේ දී එහි වැඩිම බලපෑම එල්ල වූ සහ වැඩිම මරණ ප්‍රමාණයක් සිදුවු ප්‍රදේශය වන්නේ Lombarda ය . එහි දී Bergamo නගරය සුවිශේෂී වූයේ වසංගතයේ දැඩි බලපෑමට ලක්වූ නගරය බවට පත් වී තිබීමත් සමඟ දිනපතා මිය යන්නන්ගේ ප්‍රමාණය සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙන් ඉහළ ගිය නගරය බවට පත්වීමෙණි. දීනපතා මිය යන ප්‍රමාණය ඉහළ යෑමත් සමග එම මළ සිරුරු ආදාහනය කිරීම සඳහා අවශ්‍ය කරන ආදාහනාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් Bergamo නගරයේ මියයන මළසිරුරු වෙනත් නගරවලට අර ගෙන යෑම සඳහා හමුදා ට්‍රක්රථ පාවිච්චි කරන්නට සිද්ධ වෙනවා. මෙම සිදුවීම එවකට සමාජය කම්පනයටත් ලෝකය තිගැස්මටත් පත් කරන්න මුල් වෙච්ච සිද්ධියක්. සිරුරු 60 ක් හමුදා ට්‍රක් රථ පෙරහරකින් නගරයෙන් පිටතට රැගෙන යෑම සිදු වූ දිනය වෙන්නේ මාර්තු මාසේ 18 වෙනිදා. මාර්තු මාසේ 18 වනදා කොවිඩ් -19 වසංගතයට ගොදුරු වුවන් සහ මියගිය වූවන් සිහිපත් කිරීමේ ජාතික දිනය ලෙස නම් කිරීමට ඉවහල් වෙන්නේ එම සිදුවීමයි .

     

  • බ්‍රසීලයේ කොවිඩ් -19 දීනක මරණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළට

    බ්‍රසීලයේ කොවිඩ් -19 දීනක මරණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළට

    ගෙවීගිය පැය 24 තුළ කොවිඩ් -19 ආසාධිත වාර්තා ගත මරණ ප්‍රමාණයක් බ්‍රසීලයේන් වාර්තා වී තිබේ . මරණ 2,340 ක් සිදුවී ඇති අතර නව ආසාදන 74,595ක් එදින සොයාගත්බව ජාතික සෞඛ්‍ය ලේකම් කාර්යාලය (කොනස්) අනාවරණය කළේය. වසංගතය ආරම්භයේ සිටම මියගිය සංඛ්‍යාව 281,626 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර බ්‍රසීලයේ රෝගීන් 11,594,204 වාර්තා වී තිබේ .

    ජාතික ප්‍රතිශක්තිකරණ සැලැස්ම ආරම්භ වී මාස දෙකකට පසු අද දක්වා කොරොන වයිරසයට එරෙහිව එන්නත් ජනගහනයෙන් 4.76% ට එනම් පුද්ගලයන් 10,081,771 ට ලබාදීමට එරට කටයුතු කර තිබේ .

    එරට ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ප්‍රමුඛත්වය ලැබී තිබෙන්නේ වැඩි ජනගහනයක් මෙන්ම ධනවතුන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන සාඕ පවුලෝ ප්‍රාන්තයටය . ප්‍රතිශක්තිකරණය වැඩපිළිවල යටතේ එම ප්‍රාන්තයේ මිලියන 2.89 පමණ ජනතාවකට එන්නත් ලබාදීමට කටයුතු කර තිබේ. ඒ අතර රියෝ ද ජැනෙයිරෝ එන්නත් වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටවන්න  සිදුවී ඇති බවත් ඊට හේතුව ලෙස  දක්වන්නේ දැනට ප්‍රමාණවත් එන්නත් ඔවුන් සතුව නොමැති බවයි. මේ අතර පවතින විරෝධතා හමුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යය එඩ්වාඩෝ පැසුවෙලෝ මහතාගේ ධූරය තාවකාලිකව අත්හිටුවන්න ට එරට රජය තීරණය කර තිබේ. පු රප්පාඩු වෙන සෞඛ්‍ය අමාත්‍යාංශ ධූරය සඳහා වෛද්‍යවරයෙකු වූ මාර්සෙලෝ ක්වීරෝගා පත් කරන ලදී.

     

     

  • ඉතාලිය ජර්මනිය ප්‍රංශය ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනතාවට ලබාදීම අත්හිටවයි

    ඉතාලිය ජර්මනිය ප්‍රංශය ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනතාවට ලබාදීම අත්හිටවයි

    වැඩිවෙමින් පවතින අතුරු ආබාධ සහ මරණ හේතු කරගෙන අද වන විට ඉතාලිය ප්‍රංශය ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත තාවකාලිකව එම රටවල එන්නත් කරන ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද සිට ඉතාලිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත එන්නත් ව්‍යාපෘතියෙන් නවතන අතර දැනට මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන අයට පමණක් දෙවන මාත්‍රාව ලබා දීමට වැඩපිළිවෙළක් සකසන බව ඉතාලි සෞඛ්‍ය අංශ පවසනවා.

    ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ පැහැදිලි කිරීමක් යුරෝපා රටවලට යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා, ඒ අනුව එක්සත් රාජධානිය සහ යුරෝපා රටවල් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මිලියන 17 වැඩි ප්‍රමාණයකට එන්නත් කර තිබෙන බවත් ඉන් අතුරු ආබාධ පෙන්නුම් කර තිබෙන්නේ සුළු ප්‍රමාණයක් හෙයින් එන්නත පිළිබඳව මෙවන් තීරණයක් ගැනීම ඔවුන් විමතියට පත්කරන බව සමාගම ප්‍රකාශ කර තිබෙනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අය අතරින් 15 දෙනෙකු රුධිර නාල අවහිර වීමේ අනතුරට මුහුණ දී ඇති බවත්, 22 පෙනහලු ආබාධ වලට ලක් වී ඇති බවත් වාර්ථාවෙනවා. ඒ වගේම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු 275 දෙනෙක් මරණයට පත්වී ඇති බව වාර්ථාවෙනවා.

    ෆයිසර්-බයෝ එන්ටෙක්, මෝඩර්නා ඉන්කෝපරේටඩ් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන ආයතනවල එන්නත් භාවිතා කළ පසුව මාර්තු 8 වන විට මරණ 1,637 ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබේ. මීට අමතරව ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත ලබා ගැනීමෙන් පසුව යුරෝපයේ 227 ක් මියගොස් තිබේ.

    කෙසේ වෙතත් මේ එන්නත් ලබා ගැනීමෙන් පසුව සිදුවන අතුරු ආබාධ හෝ මරණ සම්බන්ධයෙන් වගකීම භාර ගැනීමට එන්නත් නිෂ්පාදනය කරන සමාගම් මැලි වෙන බව වුන්ගේ ප්‍රකාශ හරහා ගම්‍ය වෙමින් තිබේ. ඔවුන් තම තමන්ගේ එන්නතේ සාර්ථකත්වය පෙන්වීම සඳහා අනෙකාගේ එන්නතෙන් සිදුවන මරණ හෝ අතුරු ආබාධ පිළිබඳ කතා කරනවා විනා මේ එන්නත් සමාගම් වගකීම් භාරගැනීමට කිසිසේත්ම ඉදිරිපත් නොවන තැනට කටයුතු කරමින් සිටී.