Category: corona

  • ඉතාලියේ අලුත් රෝගීන්ද මරණ ද අඩුවේ, සැනසුම් සුසුමක ආරම්භයද?

    ඉතාලියේ අලුත් රෝගීන්ද මරණ ද අඩුවේ, සැනසුම් සුසුමක ආරම්භයද?

    ගෙවුණු දින කීපය තුළ සීඝ්‍ර ලෙස ඉහළ ගිය මරණ අනුපාතය අද වන විට යම් ප්‍රමාණයකට පහත වැටී තියෙනවා. එවගේම අද දිනයේ අලුතෙන් එකතු වුණු රෝගීන් ප්‍රමාණය ද අඩුවක් දකින්න තියෙනවා. අද සිදුවී ඇති මරණ ප්‍රමාණය 651 කි , අලුතින් එකතු වී ඇති රෝගීන් 3957 කි . කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් ඉන්න පිරිස 46 638 යි .

    මාර්තු 22 ඉරිදා වන විට චීනය 81.397 ඉතාලිය 59.138 ඇමෙරිකාව 31.057 කොරෝනා වෛරස් ආසාදිතඉන් හමුවී තිබෙනවා. ලෝකයේ සිදුවී ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 14 366යි . සුවය ලබා ඇති සංඛ්‍යාව 95.656 යි.

    සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය නිසා මැඩ පවත්වන්නට දිවා රාත්‍රී වෙහෙසවී සේවයේ නියුතුව සිටි ඉතාලි වෛද්‍යවරුන් 18 දෙනෙක්ද කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිහින් තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ඉතාලියට වෛද්‍ය ආධාර ද වෛද්‍ය සේවය ද හෙද සේවය ද සපයන්නට චීනය, රුසියාව කියුබාව සහ වෙනිසුයිලාව ඇතුළු තවත් රටවල් ගණනාවකින් ම ඉදිරිපත් තියෙනවා.

    ප්‍රාන්ත මට්ටමින් කොරෝනා වෛරසය පැතිරී ඇති ආකාරය

    යුරෝපය තුල කොරෝනා වෛරසය පැතිරී තිබෙන ආකාරය

    ලෝකය තුළ කොරෝනා වෛරසය පැතිරී තිබෙන ආකාරය

    වයස අනුපාතය තුළ ඉතාලිය තුළ මරණ සිදුවී තිබෙන ආකාරය

  • පාප්වහන්සේද වතිකානුවේ තනිවිය

    පාප්වහන්සේද වතිකානුවේ තනිවිය

    අද මාර්තු 22 ඉරිදා වතිකානුව පාලුවට ගිහින්. පාප්වහන්සේ තනියම යාඥාව. රටපුරාම දේවස්ථාන දෙවියන් යදිනවා. මිනිස්සු තැන තැන යාඥාව. කොරෝනාව තාමත් ශීඝ්‍රයෙන් පැතිරෙනවා. මිනිස්සු හැමෝම බියෙන්. මුළු ඉතාලියම පාලුවට ගිහින්. අද වෙනකොට 53578 කට කොරෝනා වෛරසය ආසාදනය වෙලා. මරණ සංඛ්‍යාව පන් දාහකට ආසන්නයි. 4825. රෝහල් කාර්ය මණ්ඩල ඔවුනුත් දැන් උපරිමයට ඇවිල්ලා. ඉතාලිය හෙට වෙනකොට තවත් ක්ෂේත්‍ර ගණනාවක් වසා දමන්නට තීරණය කරලා. වෛද්‍ය කණ්ඩායම් ඉල්ලා දැන් දැන්වීම් පළ වෙනවා. ඒ අතර චිනයේ කටයුතු කළ කියුබානු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඉතාලියේ lombardia කලාපයට ඊයේ පැමිණියා. අත්‍යවශ්‍ය කටයුතු හැර අනෙකුත් ක්ෂේත්‍ර වසා දමන්නැයි ඉල්ලා සිටියත් තවමත් ඉතාලිය ඒ සඳහා සූදානම් නැහැ. හේතුව ආර්ථික තත්වය.

    කොටසක් තර්ක කරන්නේ කෙසේ වුවත් මේ තත්ත්වය උපරිමයකට ගොස් නැවත අඩු වී යා හැකි බව ස්ථිර නිසා ආර්ථිකය ආරක්ෂා කරගැනීමත් වැදගත් බවයි. වැඩකරන ජනයා ගේ පැත්තෙන් කියවෙන්නේ ආර්ථිකයට පෙර ජීවිතය බවයි. ඒ නිසා ඉදිරි පිම්මක් සඳහා දැන් වැඩ නවතා ආරක්ෂා විය යුතු බවයි.

    කෙසේ වුවත් මාර්තු 25 වනවිට මේ තත්ත්වය උපරිමයටම ගොස් ඉන්පසු තත්ත්වය යහපත් වේ යැයි ඔවුන් අනුමාන කරනවා. ඊට හේතුව මුලු ඉතාලියේ ම ආරක්ෂක තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ මාර්තු 10 සිට බැවින් එතැන් සිට ගතවන දින දාහතරකට පසු එළැඹෙන කාලය ඔවුන්ගේ ගණන් බැලීමයි.

    මිනිසුන් අතර ගැවසීම බොහෝ අඩු වන්නට පටන් ගත්තේ මාර්තු 10 සිට බැවින් මාර්තු 25 න් පසු මෙම තත්ත්වය අඩු වීමක් අපි ද කරමු අපේක්ෂා කරමු. එසේ නොවුණහොත් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය පැතිරීම සිදු වන්නේය යන මතය බිඳී යනු ඇත. පරිසරය මගින් ද මෙය පැතිරෙන්නේය යන නව සොයාගැනීමක් ලෙස ඉතාලියෙන් පිළිතුරු ලැබෙනු ඇත.
    ඉතාලියේ වෙසෙන ලාංකිකයින් හට මෙය වැළඳී ඇතැයි වාර්තා වන්නේ නැත. යම් යම් අසනීප තත්ත්වයන් තිබුණත් එතරම් බැරෑරුම් තත්වයන් වාර්තා වන්නේ නැත.

    එහෙත් සොයාබැලිය යුතු වැදගත් කාරණය වන්නේ ඉතාලියේ සිට ලංකාවට පැමිණි සියලු දෙනා වෙත corona ආසාදනය වී ඇත්නම් ඒ කෙසේ ද යන්නයි. එසේත් නැත්නම් ඉතාලියේ සිටින අයට ද corona ආසාධනීය වී ඇති නමුත් එය තවමත් කිසිවෙකු නොදන්නා බවයි. කෙසේ නමුත් මේ යන ආකාරයට ඉදිරියට ගියහොත් රෝගියා වැලඳීමෙන් බේරීමට කිසිවෙකු සමත් නොවන අතර ඊළඟ අභියෝගය වන්නේ මරණයෙන් ගැළවී සිටින්නේ කෙසේද යන්නයි.

  • අපිට ඉටුකරන්න විප්ලවාදී කාර්ය භාරයක් තියෙනවා – ඉතාලිය බලා පිටත්ව යන කියුබානු වෛද්‍ය කණ්ඩායම කියයි

    අපිට ඉටුකරන්න විප්ලවාදී කාර්ය භාරයක් තියෙනවා – ඉතාලිය බලා පිටත්ව යන කියුබානු වෛද්‍ය කණ්ඩායම කියයි

    කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර යන ඉතාලියේ ලොම්බර්දී ප්‍රදේශයෙන් ලැබුණු ඉල්ලීමක් පරිදි තම රටේ වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් ඉතාලියට පිටත්කර හරි බව කියුබාව පවසයි.

    1959 වසරේ සිදුවූ කියුබානු විප්ලවයෙන් පසු ලොව පුරා රටවලට වෛද්‍යාධාර සැපයීම කියුබාව විසින් සිදුකරයි. හයිටියේ පැතිර ගිය කොලරා වසංගතය අවස්ථාවේ සහ බටහිර අප්‍රිකාවේ පැතිර ගිය එබෝලා වසංගතය අවස්ථාවේ ඒවාට එරෙහිව සටන් කිරීමට කියුබානු වෛද්‍ය කණ්ඩායම් විශාල දායකත්වයක් දක්වනු ලැබුණි.

    නමුත් ලෝකයේ ධනවත් රටක් ලෙස සැළකෙන ඉතාලියට, කියුබානු වෛද්‍ය කණ්ඩායමක් යන ප්‍රථම අවස්ථාව මෙය වේ.

    ඉතාලියට අමතරව වෙනිසුයිලාව, නිකරගුවා, ජැමෙයිකා, ග්‍රෙනඩා යන රටවලටත් වෛද්‍ය කණ්ඩායම් යැවීමට කියුබාව පියවර ගෙන ඇත.

    රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඉතාලිය බලා යන කණ්ඩායමේ කියුබානු වෛද්‍යවරයෙක් වන ලියනාඩෝ ෆර්ඩිනෑන්ඩ්ස් පවසා ඇත්තේ ” අපි හැමෝටම බියක් දැනෙනවා. ඒත් අපට ඉටු කරන්න විප්ලවවාදී කාර්යභාරයක් තියෙනවා, ඒ නිසා අපි බය ගැන සළකන්නේ නැහැ”

    කියුබාව පසුගිය සතියේ කිසිදු රටක් බාරගැනීමට අකමැතිවූ කොරෝනා ආසාදිතයින් රැගත් බ්‍රිතාන්‍ය නෞකාවක් තම රටට ගෙන්වාගෙන ඔවුන්ට සහන සලසා තිබුණි.

    එසේම කියුබාව තුල කොරෝනා අසාදිතන් සංඛ්‍යාව 25දක්වා ඉහළ ගොස් තිබුණා. කියුබා ජනාධිපති මිගෙල් ඩයස්-කැනල් සිකුරාදා රෑ නිවේදනය කළේ රටේ දේශසීමා අඟහරුවාදා සිට විදේශීකයන් සඳහා වසා තබන බවයි.

    එසේම කියුබානු වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන් දහස් ගණනක් ගෙයින් ගෙට ගොස් තම රටේ වැසියන් පරික්ෂාවට ලක් කරන බව වාර්තා වේ.

    http://www.radiorebelde.cu/noticia/medicos-cubanos-rumbo-italia-20200321/?fbclid=IwAR1nGrxUA2-LHy70tHAul58BI6t-_Rn9NbRcEC9FDqwfZX-GpRyWatlIlxM

  • මරණ සංඛ්‍යාව ඉහල යයි, ඉතාලිය කොරෝනා භීතියෙන් සසල වෙයි.

    මරණ සංඛ්‍යාව ඉහල යයි, ඉතාලිය කොරෝනා භීතියෙන් සසල වෙයි.

    අද දිනයේ ද ඉතාලියේ තත්ත්වය යහපත් අතට හැරී නොමැත, නවතම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 4821 වී, මරණ 793 වාර්ථාවෙනවා . මරණ අතරින් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ  546 ලොම්බර්දියා  ප්‍රාන්තයෙන්  වීම විශේෂත්වයකි. අද දිනය වන විට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව  53578  ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා.  වාර්තාවලට අනුව සුවය  ලබා ඇති සංඛ්‍යාව නමසිය හතළිස් තුනකි.

    කොරෝනා වෛරසය පැතිර යන ප්‍රධාන දිස්ත්රික්කයේ නගර මට්ටමින් තත්ත්වය

     වයස් මට්ටම් අනුව මරණ අනුපාතයක්  මාර්තු 17 වනදා දත්තයන්ට අනුව

  • කොරෝනා වෛරසය ඉතාලියේ සිටින ලාංකිකයන්ට බලපාන හැටි

    කොරෝනා වෛරසය ඉතාලියේ සිටින ලාංකිකයන්ට බලපාන හැටි

    ලාංකිකයන් දහස් ගණනක් ඉතාලියේ ජීවත් වන අතර කොරෝනා වෛරසය ඉතාලියේ ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. ඉතාලියේ සිට ලංකාවට පැමිණි ලාංකිකයන් කිහිප දෙනකුටද වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙන අතර ඔවුන්නගෙන් තවත් පිරිසකට එය පැතිර ගොස් ඇති බවට මේ වනවිට සැක කෙරේ.

    ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් කිහිප දෙනකුටද වෛරසය ආසාදනය වී ඇතැයි පැවසෙන අතර මුලින්ම ආසාදනය වූ ලාංකික කාන්තාව සුව වී නිවසට ගොස් තිබේ.

    ඉතාලියේ ජන ජීවිතය අඩාල වී තිබේ. ඇතැම් රැකියා පමණක් ක්‍රියාත්මක වන අතර ලාංකිකයන්ට ඊළගට මුහුණ දීමට සිදු වනු ඇත්තේ කෙබඳු අවදානමකටදැයි ඉතාලියේ සිට තීමුස් විජිත් Mass TV LK වෙත පැහැදිලි කරයි.

  • කොරෝනා හමුවේ ඇති වූ යහපත් ප්‍රතිඵල

    කොරෝනා හමුවේ ඇති වූ යහපත් ප්‍රතිඵල

    # පරිසර දූෂණය හා ගෝලීය උණුසුම පහළ බැසීම.

    # රට, ජාතිය හා ආගම බඳු සංකල්පයන්ට වඩා මිනිසුන් මෙහෙයවන්නේ අහාර,බෙහෙත් හා ණය පොලී ගෙවීම පිළිබඳ සාධක මඟින් බව හෙළිදරව් වීම.

    # නක්ෂත්‍ර ඇතුළු මිත්‍යා විශ්වාසයන්ගේ හරසුන් බව පසක් වීම.

    # පෞද්ගලික නිදහස බඳු ලිබරල් සංකල්පයන්ගේ දරිද්‍ර බව පැහැදිලි වීම.

    # සියල්ල විකිණීම සඳහා පවතින බව විශ්වාස කළ හා එය අතිනූතන අදහසක් සේ සලකා ප්‍රචාරය කළ සිවිල් සමාජ ක්‍රියාධරයින්ගේ හා බුද්ධිමතුන්ගේ මුග්ධ බව අනාවරණය වීම.

    # දුප්පත් මව්බිම අතහැර දියුණු සංවර්ධිත රාජ්‍යයන්හි ජීවිතය සෙවූ නමුදු එසේ තනි තනිව විමුක්තිය ලබා ගත නො හැකි බව අවබෝධ වීම.

    # මක්කම,වතිකානුව බඳු සිද්ධස්ථානයන්හි කිසිදු ප්‍රාතිහාර්යයක් නොමැති බව සනාථ වීම

    # ආධ්‍යාත්මික ශක්තියෙන් ලෙඩ සුව කිරීම යනු සම්පූර්ණයෙන් ම වාණිජ පරමාර්ථ මත සිදු වන ව්‍යාපාරයක් පමණක් බව තහවුරු වීම.

    # පන්සල්,පල්ලි,කෝවිල් හා අසපු ආදියෙහි වාසය කරන පූජකයන් සාමාන්‍යය ජනයාගෙන් කිසිසේත් වෙනස් නො වන බව අවබෝධ වීම.

    # මධ්‍යම පන්තිය විසින් ප්‍රදර්ශනය කරන ලද ශිෂ්ටත්වය තම කුටුම්භයේ පැවැත්ම පිළිබඳ කාරාණාව මත සීමා වන බව හෙළිදරව් වීම.

    # ද්‍රව්‍යයමය ලෝකය බිඳ වැටෙන විට ආධ්‍යාත්මික ශක්තියෙන් ඉන් මිදීමට නො හැකි බව තහවුරු වීම හෙවත් විඤ්ඤාණවාදයේ දිළිඳු බව යළිත් තහවුරු වීම.

    # ලොවෙන් උතුම් රට,ආගන්තුක සත්කාරයෙන් ඉහළ ම රට බඳු ග්‍රාම්‍ය ජාතිකවාදයේ නිසරු බව සාධනය වීම.

    # මුහුණ නිරාවරණය කරගෙන සිටීමෙන් ජාතික ආරක්ෂාව තහවුරු නො වන බව සමර්ථනය වීම.

    # වියදම් කිරීමට මුදල් නොමැතිව ලැබෙන නිවාඩුව,නිවාඩුවක් නො වන බව පසක් වීම.

    (මේ ලැයිස්තුව තවදුරටත් පිරවීමේ අයිතිය ඔබ සතු ය.)

  • කොරෝනා ඇමරිකාවත් බිමදාන ලකුණු

    කොරෝනා ඇමරිකාවත් බිමදාන ලකුණු

    මේ මොහොත වනවිට ඇමරිකාව කොරෝනා වෛරසය ආක්‍රමණය කරමින් සිටී. Los Angeles ,Cleveland ,New York නගරවල පිහිටි බන්ධනාගාර තුල වෛරසය පැතිර යාමේ අවදානමත් සමග සිරකරුවන් සිය ගනනක් මුදා හැරීමට එරට බලධාරින් පියවර ගනිමින් සිටී. මේ වනවිට ඇමරිකාව තුල ආසාදිත පිරිස 11,611 දක්වා ඉහළ නැග ඇත. එම රෝගීන් අතරින් 174 දෙනෙකු මියගියේය. මේ මොහොත වනවිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නගරයෙනි. එම නගරය තුල පමණක් රෝගීන් 4159 දෙනෙකු රෝහල් තුල ප්‍රතිකාර ගනිමින් පසුවේ. වොෂිංටන් ප්‍රාන්තයේ 1187 දෙනෙකු වාර්තා වී ඇත. අද දිනය තුල පමණක් නව රෝගීන් 2352 ක් ඇමරිකාවෙන් වාර්තා විය

    Russell CP Bandarawatta

  • වෛරසයෙන් ස්පාඤ්ඤ්යේ සාත්තු නිවාසයක 17 දෙනෙකු එකවර මියයාම පිළිබඳව පරීක්ෂණ

    වෛරසයෙන් ස්පාඤ්ඤ්යේ සාත්තු නිවාසයක 17 දෙනෙකු එකවර මියයාම පිළිබඳව පරීක්ෂණ

    ස්පාඤ්ඤ්යේ මැඩ්රීඩ් නගරයේ පිහිටි Monte Hermoso නමැති සාත්තු නිවාසයට ඇතුලත් කල 17 දෙනෙකු පමණ එකවර මිය ගොස් ඇති අතර , මේ වන විට එරට රෝගීන්ගේ අයිතීන් උදෙසා පිහිටවූ සංවිධානය ඒ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී. මෙම සාත්තු නිවාසය ඉතා අඩු පහසුකම් මධ්‍යයේ පවත්වාගෙන ගොස් ඇති අතර, දින ගණනක් කිසිදු පහසුකම් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කට යුතු කර ඇති බවත් දින කිහිපයක් අඳුරේ රෝගීන් ගත කල බවත් ඥාතීන් චෝදනා කරයි. යුරෝපයේ ඉතාලියෙන් පසුව වැඩිම හානියට පත්ව ඇති රට ස්පාඤඤයයි. එරට වෛද්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව අද (18) රාත්‍රීය වනවිට 17,361දෙනෙකු වෛරස් ආසාදිතයින් ලෙස රෝහල් ගත වී ඇති අතර, අද දිනය තුල පමණක් 2,943 දෙනෙකු ආසාදිතයින් අතරට එක්විය. මේ වන විට එරට දී සුවය ලැබූ සමස්ත පිරිස 1,081 ක් වන අතර මිය ගිය පිරිස 638 දක්වා ඉහල නැග්ගේය . අද දිනය තුල පමණක් 105 දෙනෙකු මරුමුවට පත් විය .
    උපුටා ගැනීම Russell CP Bandarawatta මුහුණු පොතේ   පිටුවෙන්

  • කොරෝනා වෛරස නිසා දිනකට නැතිවු වැඩිම ප්‍රමාණය අද  ඉතාලියෙන් වාර්තාවේ

    කොරෝනා වෛරස නිසා දිනකට නැතිවු වැඩිම ප්‍රමාණය අද  ඉතාලියෙන් වාර්තාවේ

    මාර්තු 18  වනදා වන විට සමස්ත කොරෝනා වෛරස්  ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35 713  දක්වා ඉහළ ගිහින් තිබේ. කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී තිබෙන  lombardia ප්‍රාන්තයෙන් 13 713 වර්තවෙනවා . ජනවාරි 18 වනදා  මරණ 475 ක් වී තිබෙනවා.වෛරසය ආසාදනය වී සුවය ලබපු  සංඛ්‍යාව  4025  වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වෙච්ච සංඛ්‍යාව 2978  යයි .

  • ඔබේ අතින්, නාසය මුඛය සහ අස් ඇල්ලීම අවම කරමු..

    ඔබේ අතින්, නාසය මුඛය සහ අස් ඇල්ලීම අවම කරමු..

    කොරෝනා වෛරසයෙන් එන්න ඔබට ආරක්ෂා විය හැක්කේ කෙසේද? ඒ සඳහා ගතයුතු පියවර  මොනවද?