බ්‍රසීලයේ කොවිඩ් -19 දීනක මරණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළට

ගෙවීගිය පැය 24 තුළ කොවිඩ් -19 ආසාධිත වාර්තා ගත මරණ ප්‍රමාණයක් බ්‍රසීලයේන් වාර්තා වී තිබේ . මරණ 2,340 ක් සිදුවී ඇති අතර නව ආසාදන 74,595ක් එදින සොයාගත්බව ජාතික සෞඛ්‍ය ලේකම් කාර්යාලය (කොනස්) අනාවරණය කළේය. වසංගතය ආරම්භයේ සිටම මියගිය සංඛ්‍යාව 281,626 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර බ්‍රසීලයේ රෝගීන් 11,594,204 වාර්තා වී තිබේ .

ජාතික ප්‍රතිශක්තිකරණ සැලැස්ම ආරම්භ වී මාස දෙකකට පසු අද දක්වා කොරොන වයිරසයට එරෙහිව එන්නත් ජනගහනයෙන් 4.76% ට එනම් පුද්ගලයන් 10,081,771 ට ලබාදීමට එරට කටයුතු කර තිබේ .

එරට ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ප්‍රමුඛත්වය ලැබී තිබෙන්නේ වැඩි ජනගහනයක් මෙන්ම ධනවතුන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන සාඕ පවුලෝ ප්‍රාන්තයටය . ප්‍රතිශක්තිකරණය වැඩපිළිවල යටතේ එම ප්‍රාන්තයේ මිලියන 2.89 පමණ ජනතාවකට එන්නත් ලබාදීමට කටයුතු කර තිබේ. ඒ අතර රියෝ ද ජැනෙයිරෝ එන්නත් වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටවන්න  සිදුවී ඇති බවත් ඊට හේතුව ලෙස  දක්වන්නේ දැනට ප්‍රමාණවත් එන්නත් ඔවුන් සතුව නොමැති බවයි. මේ අතර පවතින විරෝධතා හමුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යය එඩ්වාඩෝ පැසුවෙලෝ මහතාගේ ධූරය තාවකාලිකව අත්හිටුවන්න ට එරට රජය තීරණය කර තිබේ. පු රප්පාඩු වෙන සෞඛ්‍ය අමාත්‍යාංශ ධූරය සඳහා වෛද්‍යවරයෙකු වූ මාර්සෙලෝ ක්වීරෝගා පත් කරන ලදී.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...