Category: corona

  • කැමූ ගේ මහමාරිය තුළින් ව්‍යසනය කියවීම – පුබුදු ජයගොඩ

    කැමූ ගේ මහමාරිය තුළින් ව්‍යසනය කියවීම – පුබුදු ජයගොඩ

    කැමු ගේ මහමාරිය කෘතිය මගින් කියවෙන්නේ යුරෝපය ව්‍යසනයක් තුළ ගත කළ කාල වකවානුවකි. එහි යටින් දිවෙන්නේ ෆැසිස්ට්වාදයේ කතාවයි. මේ වන විට ශ්‍රී ලංකාව ද ගෝලීය ව්‍යසනයට මුහුණ පා තිබේ. ව්‍යසනය තුළ ශ්‍රී ලංකාවේ විවිධ සමාජ කුලකයන් ගේ හැසිරීම මේ තුළ විග්‍රහ කෙරේ. මෙවර කටහඬ වැඩසටහන සඳහා දහස් දක්වන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා යි.

  • යුද්ධ කරනවා වගේ කොරෝනා වසංගතය මැඩ පවත්වන්න බෑ – දුමින්ද නාගමුව

    යුද්ධ කරනවා වගේ කොරෝනා වසංගතය මැඩ පවත්වන්න බෑ – දුමින්ද නාගමුව

    “කොරෝනා වසංගචතය සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන විකාර සහගත ආකාරය නිසා මේ වනවිට සංචරන සීමා නිසා ජනතාව විශාල පීඩාවකට පත් වෙලා ඉන්නවා. නමුත් අපි මේ ආකාරයේ සීමාවන් කරන්න, අවශ්‍ය නම් සති දෙකක් වහලා හෝ වසංගතය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය පියවර ගන්න කියලා අපේ සැලැස්මක්, යෝජනා කළා. ආණ්ඩුව කිසිදු සැලැස්මක් නැතිව මේ සංචරණ සීමා පනවනවා. ඒ සම්බන්ධයෙන් පිළිගත් විශේෂථයන් කැඳවලා සැලැස්මක් ඇතිව ජනතාව දැනුවත් කරලා නෙවෙයි මේ කරන්නෙ. හිටපු ගමන් සංචරන සීමා ක්‍රියාත්මහක කරන්නේ හිටපු ගමන් නිවේදන නිකුත් කරන්නෙ යුද්ධයක් කරනවා කියලා හිතාගෙන. මේක යුද්ධයක් නෙවෙයිනෙ.
    අපි කියනවා මේ විදියට ජනතාව පෙළලා සංචරණ සීමා කොයි තරම් කාලයක් දැම්මත් ලැබෙන ප්‍රතිඵලය ශුන්‍යයි. වසංගතය පාලනය කිරීමට කිසිම වාසියක් මෙකෙන් වෙන්නෙ නෑ. අන්තිමට ජනතාව පීඩාවට පත් වෙනවා විතරයි. ඇයි අපි ඒහෙම කියන්නෙ? මේ ප්‍රශ්නය සම්බන්ධ තක්සේරුවක් නෑ. එදිනෙදා තීරණ ගන්නෙ. සංචරන සීමා ක්‍රියාත්මහක කරන්නේ විකාර සහගත ක්‍රමයකට කියලා කිව්වෙ කිසිම පිළිවෙළක්, ඉලක්කයක් නැතිව ඒ්ක කරන නිසා. අප්‍රේල් මාසෙ කිව්වෙ ලොක් ඩවුන් ඒකක් නෑ, පාසල් වහන්නෙත් නෑ කියලා. දැන් පාසල් වහනවා, සංචරණය නවත්වනවා. දින තුනක් වහනවා කියලා දැන් දින ගණනාවක් වහනවා. සංචරණ සීමා දීර්ඝ කරනවා කිව්වෙ දවස් කීපයක් ගියාම. මේ ලොක්ඩවුන් කිරීම ගැන කලින් කිව්වොත් කොරෝනා වෛරසය දැන ගනී කියලා වගේ තමයි ආණ්ඩුව හැසිරෙන්නෙ. කොරෝනා දැනගන්නවා කල් ඇතිව කිව්වම. ඒ් නිසා හිටපු ගමන් කියනවා වහනවා, සංචරණය නවත්වනවා, අහවල් දාට අරිනවා කියලා. ඇත්තටම යුද්ධයක් කරනවා වගේ. කොරෝනා සතුරා, කලින් දැනගත්තම ක්‍රියාත්මක වෙයි වගේ, මේ වැඩ කරන්නෙ.

    යුද්ධයක් නම් එහෙම කරන්න පුලුවන්. නමුත් මේ වසංගතයෙදි ජනතාව දැනුවත්ව අවශ්‍ය පියවරයන්ට සහයෝගය ලබා දෙන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න ඔ්න. ජනතාවට අවම සතියකට කලින් කියලා මේ තත්වයට ජන ජීවිතය සූදානම් කරලා වහන්න කියලා අපි අපේ යෝජනාවලියෙන් කිව්වෙ මේ වගේ පීඩාවක් ජනතාවට ලබා දීලා කිසිම ප්‍රතිඵලයක් නැතිව කාලය කාදමන්න, නෙවෙයි. අපි වගේම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් ගණනාවක්, වෛද්‍ය සංගම් පවා ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කළා. නමුත් අද මොකද වෙලා තියෙන්නෙ? දැන් ඔන්න ආපහු ජනතාව පාරට ඇවිත්. මුලදි වාහනවලින් යන්න බෑ කිව්වා. ළඟම තැනින් බඩු ගන්න වගේ ඒවා කියලා හරියන්නෙ නෑ. අද කියනවා බඩු ගන්න විතරයි අරින්නෙ කියලා. ජනතාවට සූදානම් වෙන්න කාලයක් දීලා මේ සීමාවන් දිගට ක්‍රියාත්මක කරන්න තිබුණා. ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම ගැන පවා සැලසුමක් කරන්න තිබුණා.

    වෛද්‍යවරු ඉල්ලපු නිසා ක්‍රියාත්මක කරනවා කිව්වා. සතියක් කලින් දැනුම් දුන්නම ජනතාවට සූදානම් වෙන්න අවස්ථාව තිබුනා. දැන් මේ විදියට හදිසි තීරණ අරන් දවස් තුන තුන ඇරලා ඒදිනෙදා ආදායම් හොයන සාමාන්‍ය ජනතාව මොකද කරන්නෙ? තව දවස් කිපයක් ගියාම ජනතාවට සහන ඕන වෙනවා. එහෙම නම් කලින් සහන දෙන ක්‍රමයක් සූදානම් කරන්න තිබුණා.

    අනෙක් කාරණය, ඇත්තටම මේක රටටම ක්‍රියාත්මක වෙනවද? පොලිසියෙන් පාරෙ යන් මිනිස්සුන්ට දොස් කියනවා, අවවාද කරනවා, දඩුවම් නෙවා, කැරම් බෝඩ් අරගෙන යන කෙනෙකුට උස්සගෙන දුවන්න කියනවා. පර්චස් එකක දෙකක හිරවෙලා ඉන්න මිනිහෙක් වෙන්න පුලුවන්. ඒක මාධ්‍යවල වාර්තා කරන ආකාරයෙන් හාස්‍ය ජනක දෙයක් නෙවෙයි. ඒක පීඩා කිරීමට හේතුවක් නෙවෙයි. මේ වගේම නීති ලොකු ලොක්කන්ට දේශපාලන බලවතුන්ට ක්‍රියාත්මක වෙනවද? අවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය. වෙනත් පහසුකම් ගන්න තියෙන දේශපාලන බලවතුන්, ධනවතුන් මේ විදියට පීඩාවකට ලක් වෙන්නෙ නෑ. ඒ අය කරන වංචා දූෂණ හේතුවෙන් මේ වගේ දඬුවම් දෙනවද? මහා පරිමාණ කොල්ලයන් සිදුකරන බලවත් පුද්ගලයන් නිදැල්ලෙ. ඒ අයට කොරෝනා බලපාන්නෙ මේ සාමාන්‍ය ජනතාවට බලපාන ආකාරයට නෙවෙයි. මේ මනුස්සයාට වෙන නීතියක්.

    අනෙක් පැත්තෙන් මේ වනවිට ඇගලුම් කම්හල්වල තත්වය මොකක්ද?මේ සංචරණ සීමා ඔවුන්ට අදාළ නෑ. කවුද ඒ තීරණය ගත්තෙ? මේ වනවිට කර්මාන්ත ආශ්‍රිතව මේ වසංගතය ව්‍යාප්ත වෙමින් තිබෙනව. ඒ අය මුහුණ දෙන අවදානමට කවුද වග කියන්නෙ. කම්කරුවන් දහස් ගනනින් වැඩකරන ආයෝජන කලාපවල ඒ අය වැඩ කරන්න කැඳවද්දි මොකක්ද තියෙන සහතිකය? ඒ අය මිය යන්නෙ නැති වෙන්න පුලුවන්. ඒ අයගේ ගෙවල්වල වැඩිහිටියන්, දරුවන් ඥාතීන් අවදානමට ලක් වෙනවා. මොකක්ද ඔවුන්ට දෙන සෞඛ්‍යාරක්ෂාව? ඒ කර්මාන්තවලට ඉබාගාතෙ යන්න කවුද වගකියන්නෙ, සංචඤරණ සීමා එහෙම පවත්වාගනෙ ගියාම වැඩක් වෙනවද? ඒ ආයතන ප්‍රධානින් කැමති නෑ වැඩ නවත්වලා පඩි ගෙවන්න. ඒ නිසා මුලු කම්හල්වල වැඩකරන ජනතාව බිල්ලට දීලා. ඒ අයුක්තිය සිදුවෙද්දි, ඔවුන් හරහා වසංගතය ව්‍යාප්ත. වෙන එකට මේ අමනෝඥ තීරණ ගත්ත පාලකයන් වග කියන්න ඕන. ආර්ථිකය පවත්වා ගෙන යන්න කියලා මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්ට, ඇගලුම් කම්හල්වල සහෝදරියන් බිලි දෙන මේ තත්වය සම්බන්ධයෙන් ඔවුන්ට කතා කරන්නවත් ඉඩක් නෑ. හමුදාවෙයන් ඩ්‍රෝන යානා දාලා තියෙනවා, සෞඛ්‍ය නීති කඩකරන අය අල්ලන්න කියලා. අපි කියනවා මේ බොරුව කරන්න එපා. ඇයි? කම්හල්වල දහස් ගණන් එකතු වෙද්දි ඒවා අල්ලන්න ඩ්‍රෝන යවනවද? ඊළඟට ක්ෂණික විහිදුම් බලකාය දාලා, මෝටර් සයිකල්වල ආයුද සන්ද්ධ සොල්දාදුවෝ යන්නෙ යුද්ධයකට යනවා වගේ. මේ කාට විරුද්ධවද? කොරෝනා වෛරසය මැඩ පවත්වන්න සෙබලු යවන්නෙ යුද්ධයකට වගේ. කවුද මේ තීරණ ගන්නෙ? මේ විහිලු සහගත මෙහෙයුම්වලින් වසංගතය අඩාල වෙනවද?

    පයින් ගිහින් අවශ්‍ය දේවල් ගන්න කියලා ජනතාවට කියන්න තීරන ගත්තෙ කවුද? ඒ තීරණ ගන්න තැන්වල අඩු ගානෙ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කතා කරන්න කෙනෙක් හිටියෙ වනැද්ද? තීරණ ගන්න අය මහ පොලොවෙ මිනිස්සු ජීවත් වෙන විදිය ගැන දන්නෙ නැති බව ඇත්ත. කවුරුවත්ම හිටියෙ නැද්ද මේක වැරදියි කියන්න.

    මේ වගේ තීරණ ගන්න පාලකයන් කොහොමද ජනතාවට වග කියන්නෙ? ජනතාව වසංගතයෙන් බේරාගන්න මේ තීරණවලට, මේ විකාරවලට පුලුවන්ද? අපි කියන්නෙ දැන්වත් සැලැස්මක් හදලා ඇත්තටම වසංගතය අවසන් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. අපි මේ වසංගතය සම්බන්ධයෙන් යෝජනා කරලා තියෙන කාරනා ගැන නැවත හිතන්න.”

  • ජීවිත බිල්ලට දීලා මේ කරන කෝවිඩ් මෙහෙයුම පිළිකුල් සහගත අමානුශීය ක්‍රියාවක්

    ජීවිත බිල්ලට දීලා මේ කරන කෝවිඩ් මෙහෙයුම පිළිකුල් සහගත අමානුශීය ක්‍රියාවක්

    ජීවිත බිල්ලට දීලා මෙහෙම අලුගෝසු වැඩ කරන වෙන රටක් නැහැ මෙසේ පවසන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි .

    කෝවිඩ් මර්දන බළකායේ ලොක්කා වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු රජයේ පාර්ශවයන් සහ සමහර වෛද්‍යවරුන් ඇතුළු පිරිස කරන්නේ පිළිකුල් සහගත අමානුශීය ක්‍රියාවක් බව ඇය චෝදනා නගනවා.

     

  • පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක 450ට කොවිඩ්

    පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක 450ට කොවිඩ්

    පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා එම ආයතනය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

    එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 2500කට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.

    එම පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යවා ඇති බව සඳහන් වේ.

  • කියුබාව තවමත් සායනික අත්හදා බැලීම්වල සිටින කොවිඩ් -19 එන්නත් දෙකක් නිකුත් කරයි

    කියුබාව තවමත් සායනික අත්හදා බැලීම්වල සිටින කොවිඩ් -19 එන්නත් දෙකක් නිකුත් කරයි

    කියුබාව තම රටවැසියන්ට ලෝකයේ කිසිදු රටකින් කොරෝනා වයිරස් එන්නත් මිලදී ගෙන හෝ ලබාගෙන නැත.
    කොරෝනා වයිරස් රෝගීන්ගේ වැඩිවීමකට මුහුන දී සිටින කියුබාව මේ සතියේ මහජනතාවට ප්‍රතිශක්තිකරණය ලබා දීම ආරම්භ කර ඇති අතර සායනික අත්හදා බැලීම් තවමත් අවසන් කර නොමැති දේශීයව නිපදවන එන්නත් දෙකක් එ සදහා භාවිතා කරයි . කියුබාවේ ඖෂධ අධිකාරිය විසින් අබ්දලා සහ සොබෙරානා 2 එන්නත් සඳහා නිල වශයෙන් අනුමැතිය ලබා දීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආශිර්වාදය ඇතිව මෙම ක්‍රියාමාර්ගය ආරම්භ විය.
    මේ වසරේ රටෙි සියලුම වැසියන්ට එන්නත් ලබා දීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති කොමියුනිස්ට් රාජ්‍යය, කොවිඩ් -19 වසංගතයෙන් සාපේක්ෂව බේරී ඇති අතර, මේ දක්වා වාර්තා වී ඇති සිද්ධීන් ගණන 119,000 ක් සහ මරණ 768 කි.

    මාර්තු මාසයේදී රට සෞඛ්‍ය සේවකයින්ට අබ්දලා සහ සොබෙරානා 2 එන්නත් කිරීම ආරම්භ කළේය.

    අබ්දාලා එහි තුන්වන අදියර අත්හදා බැලීම සම්පූර්ණ කර ඇති නමුත් ප්‍රතිපල තවමත් විශ්ලේෂණය කරමින් පවතී. සොබෙරානා 2 අවසන් අත්හදා බැලීමේ අදියර දින කිහිපයකින් අවසන් කිරීමට නියමිතය කියුබාව තම රටට අවශ්‍ය සියලුම එන්නත් වලින් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් දේශීයව නිපදවන අතර කොරෝනා වයිරස් එන්නත් පහක් සංවර්ධනය කරමින් හිදී. ඉන් එක් එන්නතකට හරිත ආලෝකය ලැබුණහොත් එය ලතින් ඇමරිකාවේ සංවර්ධනය කරන ලද පළමු කොරෝනා වයිරස් එන්නත වනු ඇත සහ කියුබාව තමන්ගේම කොවිඩ් -19 එන්නතක් නිපදවු ලොකයේ කුඩාම රට බවට පත්වනු ඇත
    පුපුරා යාමේ කේන්ද්‍රස්ථානය වන හවානාහි වෙසෙන මිලියන 2.1 ක ජනගහනයෙන් මිලියන 1.7 ක් අතර එන්නත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය ජෝස් ඒන්ජල් පවසයි.දිවයිනේ මුළු ජනගහනයෙන් සියයට 22.6 ක් ජුනි මාසය වන විටත්, ජූලි මාසය වන විට තවත් සියයට 33.5 ක් සහ අගෝස්තු වන විට ඉතිරි සියයට ගණනත් සමිපුර්න කල යුතුයැයි ඔහු පැවසීය.

    අත්හදා බැලීමේ ප්‍රතිපල ධනාත්මකව නැවත පැමිණියහොත් covid 19 සදහා 100% ක්ම. ගෙදර හැදූ එන්නත් භාවිතා කළ පළමු රට එය වනු ඇත.

  • ඝාතක රාජ්‍යකින් ජීවිතය අපේක්ෂා කිරීම

    ඝාතක රාජ්‍යකින් ජීවිතය අපේක්ෂා කිරීම

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජිවත්වන සියලුම ජනයා මේ මොහොතේ මුහුණ දෙන ප්‍රධාන අභියෝගය නම්, covid 19 ගෝලීය වසංගතයේ තර්ජනයෙන් තම ජීවිතය අරක්ශාකරගන්නේ කෙසේද යන්නය . ගෙවීගිය 2021 මැයි 10 වැනිදා වන විට 2624 ක් වන නව ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවන අතර ආණ්ඩුවේ වාර්තාවන්ට අනුව අහිමිවූ ජිවිත ප්‍රමාණය 850කි (https://www.hpb.health.gov.lk/en). මෙසේ අහිමිවන්නේ ඔබේ හෝ මගේ ළඟම ඥාති හෝ මිතුරැ/ මිතුරියක විය හැකිය . ආණ්ඩුවේ වසංගත මර්ධන ප්‍රතිපත්ති වෙත තදබල විවේචනයක් එල්ලවී තිබෙන නමුත් එම විවේචනය වැඩකරන ජනතාවගේ හර්ධසක්ෂියේම නියෝජනයක් ද යන්න නැවත විග්‍රහකරගත යුතුය. මන්දයත් විවේචන අනුයෝජිතයන් ගේ හර්ධසාක්ෂිය ජනතා කේන්ද්‍ර නොවීම ඉතිහාසය තුල වූ පාඩම් ඇසුරින් අනාවරණය වන හෙයිනි . එම අශිලාචාර මතකයක් අවධිකරමින් මෙම ලිපිය හරහා ස්ත්‍රී/ පුරුෂ පුරවැසියන් සහ ශ්‍රී ලංකා රාජ්‍ය අතර සම්බන්දතාවය විස්තර කරනු ඇත .

    2009 මැයි 19 වැනිදා යනු ශ්‍රී ලංකාට මෙන්ම ලෝක ඉතිහාසයට ද වැදගත් වේ . එනම් , ශ්‍රී ලංකා රාජ්‍ය සහ විමුක්ති කොටි සංවිධානය අතර වූ දිර්ඝකාලින යුද්ධය අවසාන වීමය. ජයග්‍රාහකයන් සහිත සාමයක පැවැත්ම ප්‍රශ්න කළ යුතු අවස්ථාවක , රාජ්‍යත්වයක් පුද්ගලයකු වෙත ආරෝපණය කරමින් , දකුණේ පොදු ස්ථානයන් හි කිරිබත් උයා බෙදාගනිමින් අශිෂ්ට පුරවැසියන් බවට ශ්‍රී ලාංකික බහුතරය පත් වූයේ 2009 මැයි 17 වන දිනය . සමබිම පක්ෂ නායක , දීප්ති කුමාර ගුණරත්න, එම මොහොතේ මහින්ද රාජපක්ෂ යනු , ප්‍රභාකරන් විසින් දකුණේ සිංහලයාට ලබාදුන් ‘තෑග්ග ‘ (https://www.youtube.com/watch?v=32tz7e36ITo)බව‍ට කරන නිර්වචනය හරහා පෙනී යන්නේ මෙම අශිලාචාර යුද්ධය උත්කර්ෂණයට නගමින් රාජපක්ෂ පවුල වටා එක්කරන බලයේ තරමවේ. රාජ්‍ය යනු මහින්ද රාජපක්ෂ බවට පත්වීම යනු අතිශය ත්‍රස්ත්‍ර ක්‍රියාවලිය ක් බවට ඒ ගෙවෙන මොහොතේ දී මෙරට බහුතර සිංහල ජනයා වෙත ප්‍රකාශ කිරීමට සමත් වූ විකල්ප – වාර්ගිකවාදී නොවන ව්‍යාපාරයක් ද සක්‍රය වී නොතිබුණි. එසේම පැවති ව්‍යපාර වුවද එම මොහොතේ දී ජනප්‍රිය දේශපාලනය සමඟ සම්මුඛ වීමට තරම් සවිමත් නොවිය. වික්‍රමබාහු කරුණාරත්නගේ නවසාමාජ පක්ෂය ට සහ යුද්ධයට විරුද්ධ වූ කඳවුර අවසානයේ දී රාජ්‍ය යාන්ත්‍රනය විසින් පිඩාවට පත්කරන විට , ජනතා විමුක්ති පෙරමුණ වැනි ක්‍රියාශීලි විකල්ප දේශපාලනික හඬ ද නිශ්සබ්ද වී තිබුණි. මක් නිසාද යත් , මානෙල් මල් ව්‍යපාර , හරහා යුද්ධය වෙනුවෙන් මුල්‍ය , මානව සහ සාමාජ ප්‍රාග්ධනය ඒකරාශී කිරීමේ ප්‍රධාන භූමිකාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාවට නංවා තිබීමත්, එය එම පෙරමුණේ “ජාතික වගකීම” ලෙස අර්ථකතන වී තිබීමත් හේතුවෙනි (https://www.refworld.org/pdfid/4b6fe28f0.pdf) .

    ඝාතනය කිරීම ජාතික වගකීමක් දේශපාලන සංවාදය ගොඩ නැගෙන විට අදටත් නිශ්චිත් සංඛාලේඛන නොමැතිව මරාදමන ලද, අතුරුදහන් කරන ලද , අවතැන් කරන ලද , දෙමළ ජනතාවක් පිඩාවට පත් වී තිබුණි. ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවන 09/11 ප්‍රහාරය සමඟ ලොව පුරා රාජ්‍යන් තුල වූ ගැටුම් විසදීමට “ත්‍රස්තවාදය ට එරෙහි යුද්ධ ” ප්‍රවේශය වේගවත්ව ප්‍රචලිත වන විට, ශ්‍රී ලංකා වේ දී මබ්බිම බේරාගැනීමට යුද්ධය හැර වෙනත් විකල්පයක් නොමැති බවට ප්‍රධාන දේශපාලන ධාරාවේ තීරණ ය විය.ඉතාම අමානුෂික , අශ්ශීල තීරණයක් වු, යුද්ධය, ජාතික අවශ්‍යතාවක් ලෙස සලකන ලෙසට ජනතාව වෙත පැවසුවේ විකල්ප දේශපාලනය තුල සිටි වාරිගික වාදී කණ්ඩායම්ය. එම ජාතික අවශ්‍යතාවය වෙත සංවේදී වී ප්‍රධාන සහ විකල්ප ධාරාවේ දේශපාලන නියෝජනය විසින් අමතක කළ / කිරීමට අදටත් බලකරන එක් අඛ්යනයක් මෙසේ හෙළිදරවු කරමි;

    “දෙමළ දරුවෙකු ලෙස මා, යාපනේදී උපන් අතර, දෙමළෙකු වීමේ පළමු ජිවන පිඩාව 1995 අත්දැකිය. ඒ යාපනයේ සිට වන්නිය වෙත ගමන් කිරීමෙනි. පසුදින නැවත යාපනයට පැමිණීමේ අපේක්ෂාවෙන් , ඇඳුම් කැබලි කිහිපයක් සහිතව මා , මිතුරන් සමඟ වන්නියට ගිය ගමනේ දී ප්‍රධාන කරුණු දෙකක් නිරන්තයෙන් සිතට වදදුනි. එනම් , ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඕනෑම අවස්ථාවක අප අත්අඩංගුවට ගත හැකි බව සහ නැවත යාපනය දෙනෙතට දැකිය හැකි වේද යන වේදනාය. නොයෙක් ශාරිරික සහ චෛතසික වේදනා දරා වන්නියට පැමිණි පසු නිදහසක් සහ ස්ථිර ජිවිතයක් පිලිබඳ මැවූ සිහින සුනු විසිනුව ගියේ යුධ පහර දීම් හේතුවෙන් නිරන්තරයෙන්ම අවතැන් වීමට සිදුවීම හේතුවෙනි. එහෙත්, අප ජනයාගේ පාලනයක් කවදා හෝ ඇතිව නිදහසේ සිටීමට හැකි වේ යන ප්‍රර්ථනාව සිතේ ගැඹුරුම තැනක වූ අතර එය ජිවත් වීමට විර්ර්ය සැපයිය. මැලේරියා වසංගතට ගොදුරු වෙමින් වුවද , වන්නි පොළවේ සිසිලසට ආදරය කරමින් නිදහස වෙනුවෙන් බලාසිටියෙමි. එහෙත් 2008-2009 වන විට සියලු බලාපොරොත්තු සුනු විසුනු විය. එක් අතකින් නොනවතින යුද්ධය. මල්ටිබැරල් ප්‍රහාර ඇද හැලෙන විට , සක්‍රය වූ මෝසම් වර්ෂාවේ සුළගෙන් , හිසට සෙවන දුන් ඉටිරෙදි කුඩාරම් ඇතට පියඹා ගියේය. දුඹුරු පැහැ ජලය තාවකාලික පැල්පත තුලට ගලන විට, කුසට අහාරක් නොමැතිව, බිය ගැන්වී සිටි අපට ඩයස්පෝරාව, ඉන්දියා, ඇමරිකා එක්සත් ජනපද සහ යුරෝපා මැදිහත් විමක් විශ්වාසයක් විය . එහෙත් දෑස් ඉදිරිපිට මවගේ ඇකයේ සිටි බිළින්දන් ද , වැඩිහිටියන් ද , ස්ත්‍රීන් ද , පුරුෂයන් ද මරාදමන මල්ටි බැරල් ප්‍රහාරහි අප සාක්ෂිකරුවන් විය. එය මෙතෙක් විඳි සියලු වේදනාවන්ට වඩා ප්‍රභලය (සාරාංශ අනුවාදනයකි : Daya Somasundaram ; Collective trauma in the Vanni- a qualitative
    inquiry into the mental health of the internally displaced due to the civil war in Sri Lanka, 2010 , pp , 8-10).”
    මෙවැනි ආඛ්‍යාන පමණක් නොව, ශ්‍රී ලංකා හමුදාව වෙත බාර වූ විමුක්ති කොටි සාමාජික / සාමාජිකාවන් සහ හමුදාව විසින් කිසිදු නීතිමය පදනමක් නොමැතිව රඳවා ගත පසු කරන අතුරුදහන් කරන ලද දෙමළ ස්ත්‍රී -පුරුෂයන් ද බිහිකළ , තමන් රාජ්‍ය බව සිතා සිටින රෙජිමයන් සමඟ එක්ව 2009 මැයි 17 වැනිදා වෙන් පසුව දකුණේ බහුතර සිංහල ජනයා සැණකෙළි පැවැත්විය .

    කෙසේ නමුත් ,රාජපක්ෂ රෙජීමයේ වූ පොදු දේපල කොල්ලකෑම හේතුවෙන් දකුණේ ප්‍රජාව තුල හටගන්නා අප්‍රසාදයේ ප්‍රතිපලයක් ලෙස , 2015 දී රෙජීමය මාරු විය. බලයට පත් වූ මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ විසින් බහුතරයේ ප්‍රජාතන්තවාදය වෙත යම් ශිෂ්ටකිරීමක් ගෙන ඒමට කරන ලද උත්සාහය අසාර්ථක වන්නේ, ගෝලීය සහ ප්‍රාදේශීය දේශපාලනික වෙනස්වීම්, රාජපක්ෂ රෙජීමයේ මුල්‍ය වංචාවෙත කරුණාව දැක්වීම් සහ වාර්ගික දේශපාලනය ප්‍රචණ්ඩකාරීව ගෙන යාමට අවස්තාව සැලසිමෙනි. නිදසුනක් ලෙස, ඒ වනවිට ආරම්භවන මුස්ලිම්-ජන විරෝධය මුලින් උපුටා දැමීමට සිරිසේන- වික්‍රමසිංහ මෙන්ම විකල්ප දේශපාලන ධාරා නියෝජිතයන් ද අපෝසත් විය . එසේම සිදු තිබු මනුෂ්‍ය ඝාතන වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම තවදුරටත් සැඟව ගිය අතර, වාර්ගිකවාදය පෝෂණය කිරීමට සියලුම රාජ්‍ය නියෝජිතයන් උත්සුක විය. එහි ප්‍රතිපලය වුයේ , රාජ්‍ය විසින් කරන මනුෂ්‍ය ඝාතන , දේශපාලන ධාරාවන් මඟින් සාධාරණය කරන වටපිටාවක් ඇති වීම බව මාගේ දේශපාලනික කියවීම වේ.

    මේ අනුව ඝාතක රාජ්‍ය ස්ථාවරව පවතාවගෙන යාමේ අවශ්‍යබව , ශ්‍රමය හැර වෙනත් නිෂ්පාදන මාධ්‍යක් නොමැතිව සිටින පිඩක පංතියට තහවුරු කරමින්, වාර්ගික අනෙකාව ත්‍රස්තකිරීමේන් හැර ඒකීයත්වය පවතාවත නොහැකි බව උදේ -සවස විවිධ ජනමාධ්‍ය මගින් පෙන්වා දෙමින් , වර්තමාන ජනාධිපතිවරයා බලයට ගෙන එන ලදී. එසේම දෙමළා ගෙන් ලෙසම , ඒ වනවිට ජාතික අවශ්‍යතාවය වූ මුස්ලිම් වාර්ගික කණ්ඩායමෙන් සිංහල- බෞද්ධ ආරක්ෂණය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ද 2/3 ක බලයක් ලබා දී , 20 වන සංශෝධය සම්මත කරවා සිංහල – බෞද්ධ රාජ්‍යෙයේ පුරවැසියකු (ස්ත්‍රී / පුරුෂ ) වීමේ කල්පානාව සාක්ෂාත් වී තිබුනේය. එහිදී සිදුවූ බරපතලම හානිය ලෙස මා දකින්නේ විද්‍යාව ආගමික සහ වාර්ගික බලපෑමට යටත් වීමය. මෙය කොතරම් ඛේදාන්තයක් වුයේ ද යත් , මුස්ලිම් වෙළඳ ප්‍රජාවගේ අලෙවි කිරීම් තුල වන්ද්‍යාකරනය සිදුවන බවත් , සිංහල- බෞද්ධ මව්වරුන් ගේ උත්පාදක හැකියාව මර්ධනය කිරීමට මුස්ලිම් වෛද්‍යවරයකු කටයුතු කරන බවට ප්‍රචාරණය වන විට , එයට විරුද්ධව ප්‍රබල මතයක් ගෙන ඒමට නොහැකි ව නිහඬ වූ වෛද්‍යවරුන්/වෛද්‍යවරියන් මුණ ගැසීමය. අමතර කරුණක් ලෙස පැවසිය යුත්තේ , රජයේ වෛද්‍යව නිලධාරීන්ගේ සංගමයේ තීරණ ගැනීමේ බලය සහිත කණ්ඩායමේ සංයුතිය නිරීක්ෂණයේ දී පෙනී යන්නේ, එහි වාර්ගික හෝ ලිංගික විවිධත්වයේ නියෝජනයක් නොමැති අංශයක් බවය.

    මෙම ඉතිහාසය වර්තමානයේ දී ශ්‍රී ලංකාවට බලපෑ තිබෙන්නේ කෙසේද ? හරිම සරලව කිව හැක්කේ, එදා No Fire Zone වෙනුවෙට අද No Lockdown හරහා, ආණ්ඩුව දැනුවත්වම ජනයා මිය යාමට ඉඩ දෙමින් ද සහ වාර්ගික සහ ආගමිකකරණයට යටපත් වූ විද්‍යාව විසින් පුරවැසියන් (ස්ත්‍රී / පුරුෂ ) ඝාතනය කරමින් සිටින බවය. දැනට පවතින ආර්ථික තත්වය , ශ්‍රී ලංකාව නැවත වසා දැමීමකට ඔරොත්තු නොදෙන බව මම පිලිගනිමි. නමුත් වසංගතය හේතුවෙන් මිය යන්නේ , රාජ්‍ය මමය සිතා සිටින කුලකයේ නියෝජිතයන් නොවේ. දෛනිකව ශ්‍රමය විකිණීම හැරුණු විට කිසිදු නිෂ්පාදන මාර්ගයක් හිමි නොවන ස්ත්‍රී / පුරුෂ කණ්ඩායම් හට වසංගයත සමඟ පොර බදිමින් ජීවිතය රැක ගැනීමට සිදු කණ්ඩායම් වේ . ඔවුන් ගේ ජිවිත හි වගකීමෙන් පලායාමට ආණ්ඩුවට නොහැකිය. එය නිසැකවම 2006 දී ඇරඹෙන යුධ ප්‍රහාර හේතුවෙන් , කුසගිනදර නිවීමට කුලියක් සොයාගන්නේ ද නැතිනම් ජීවිතය රැකගැනීමට වැලිබංකරයේ උක්කුටිකයෙන් වාඩි වෙනවා වාඩි වී සිටින්නේ ද ලෙස දෙමළ ජනයාට පැවති පිඩනයම නොවේද ? මුඛ ආවරණ නොමැතිව විට, බලහත්කාරයෙන් ඔසවාගෙන ගොස් , පොලිස් රියවෙත පටවා ගනු ලැබීම නිකුත් කරන සංකේතය වන්නේ, උතුරැ/ නැගෙනහිරදී බලහත්කාරයෙන් පැහැරගෙන යාම නොවේද ?

    එසේම ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසූ (https://www.youtube.com/watch?v=vvnnqhxybSM&t=4035s)ලෙස වසංගතයේ ගොදුරැ බවට පත්වන බිලිදු (ස්ත්‍රී / පුරුෂ ) ජිවිත හි වටිනාකම මෙම රාජ්‍ය නායක කුලකය ට එක් සංඛ්‍යාවක් පමණක් වන්නේ 2006 සිට මල්ටිබැරල් ප්‍රහාරයන්ගෙන් , මරාදමන ලද උතුරු / නැගෙනහිර දී බිලිදු ජිවිත වෙත වූ අසංවේදීත්වයේම දිගුවක්ලෙස නොවේද?

    ඝාතනය කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙසට අර්ථකතන කළ ප්‍රධාන සහ විකල්ප දේශපාලන ධාරාවට මේ මොහොතේ ජිවිත රැකීම ජාතික අවශ්‍යතාවක් බවට තේරුම්ගත යුතුවේ. අවම අවශයෙන් ඒ උදෙසා වාරිගික සහ ආගමික හරණයෙන් යුතු විද්‍යාව පදනම් වූ ක්‍රියාමාර්ග වෙත පිවිසීමට බලකරන පොදු බලවේගයක් අවශ්‍ය වේ. ශ්‍රමය හැරුණු විට කිසිදු නිෂ්පාදන මාර්ගයක් හිමි නොවන ස්ත්‍රී / පුරුෂ කණ්ඩායම් වෙතින් වාර්ගිකත්ව බලපෑම ඉවත්කර , මෙම වසංගත සමඟ බැදෙන ආර්ථික සහ සමාජ ගැටළු කියවා ගැනීමේ සාක්ෂරතා මාර්ගයක් ඉතා ඉක්මනින් හදුන්වා දිය යුතුය. එවිට , තමන් අයිතිවන ශ්‍රම පංතිය හඳුනාගැනීමට සහ, ඒ සමඟ වාර්ගික අනෙකා මරාදැමූ ලෙසම තමන් ද මරාදැමීමට මෙම ඝාතක රාජ්‍ය කටයුතු කිරීම ද ඔවුන් අවබෝධකරගනු ඇත

    අරුණි සමරකෝන්
  • දිනක ආසාදිතයන් සංඛ්‍යාව 2500 ඉක්මවද්දී සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 800දක්වා ඉහළට

    දිනක ආසාදිතයන් සංඛ්‍යාව 2500 ඉක්මවද්දී සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 800දක්වා ඉහළට

    අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් ඇත.

    එසේම මෙරටින් දිනක දී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන පළමුවරට 2000 ඉක්මවා ගොස් තිබේ.

    ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2659 දක්වා ඉහළට ගොස් ඇත.

  • අවසන් සතිය තුළ කොවිඩ් ආසාදිතයින් 13000ක්

    අවසන් සතිය තුළ කොවිඩ් ආසාදිතයින් 13000ක්

    අවසන් දින 07 තුළදී කොවිඩ් ආසාදිතයන් 12,940 ක් හඳුනාගෙන ඇති අතර ඊට පෙර සතියේදී වාර්තා වී තිබුනේ ආසාදිතයන් 7762 ක් පමණි. අවසන් දින 07 තුළ මරණ 84 ක් වාර්තා වී තිබේ. පෙර සතියේදී වාර්තා වී තිබුණේ මරණ 27 ක් පමණි.

    අද දිනයේදී හඳුනා ගත් කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 1914 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 121,338 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින හෝ පොරොත්තු ලේඛනයේ සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 18,830 ක් දක්වා ඉහළ ගොස් ඇත.

     

  • එන්නතක ආයු කාලය මාස හතයි. වසරක් ඇතුළත නැවත එන්නත් ලබාදිය යුතුයි 

    එන්නතක ආයු කාලය මාස හතයි. වසරක් ඇතුළත නැවත එන්නත් ලබාදිය යුතුයි 

    කොරෝනා වසංගතය මර්ධනය කිරීමට ඇති එකම උත්තරය එන්නත්කරණය බව පැවසුවද එය එසේ සාර්ථක කර ගැනීමට හැකි වේ ද යන පැනය දැන් අප හමුවේ පවතිනවා. ඊට බලපාන ප්‍රධාන හේතුව තමයි මේ එන්නත් වරින්වර ජනතාවට ලබා දීමට සිදුවීම.  පසුගියදා ජර්මනිය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමරිකානු ෆයිසර් සමඟ එක්ව කොවිඩ් මර්ධන  එන්නත නිපදවූ  බයෝටෙක් හි නිර්මාතෘවරයා හෙළි කරන්නේ මාස  හතත්  නවයත් අතර කාලයෙන් පසුව  එන්නතේ  ශක්තිය හීන වී යන බවයි.  දැනට පවතින එන්නත් උපරිම අවුරුද්දක කාලයක  ශක්තියක් ඇති අතර  අනිවාර්යෙන්ම වසරක් ඉක්ම යන්නට මත්තෙන් නැවතත් එන්නත් ලබාදීම සිදුකළ යුතු බවයි.

    මේ අනුව ඔවුන්ගේ අත්හදා බැලීම්වලින් තහවුරු කරගෙන තිබෙන්නේ බයෝ ටෙක්-ෆයිසර් එන්නතෙහි කාර්යක්ෂමතාව  91% සිට 95% දක්වා  බෙලහීන වීමට ඉඩකඩ ඇති බැවින්  නැවත සීයට සීයක් ප්‍රතිශක්තිකරණය ශරීරගත කිරීමට නම්  ප්‍රථම මාත්‍රා දෙක ලබාගත් සියලුම පුද්ගලයන්ට තුන්වන මාත්‍රාවක් ද ලබා දීමට සිදුවන බවයි.

    ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන නව ප්‍රභේද හමුවේ   එන්නත් කෙසේ ක්‍රියාකාරී වේවිද යන්න පිළිබඳව ද ගැටලු පවතින බව වාර්තා වෙනවා. ඒ අනුව ඉදිරියේ දී නිෂ්පාදනය කිරීමට නියමිත එන්නත් දැනට සොයාගෙන තිබෙන ුල් කොරෝනා වෛරස ප්‍රභේදයට  මෙන්ම  න් නිර්මාණය වූ විකෘති ප්‍රභේදයන් වලට ද එරෙහිව ක්‍රියාත්මක වන ආකාරයෙන්  නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙන බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.  අනුව ඉන්දියානු ප්‍රභේදය පිළිබඳව  තවමත් පවතින්නේ පර්යේෂණ සිදුකරන මට්ටමේ.

      මේ පවතින සියලු කරුණු සැලකිල්ලට ගත් කල අපට පෙනී යන්නේ කොරෝනා වසංගත මර්ධනය  එන්නත්කරනය  තුළින් පමණක්  කළ නොහැකි බවයි.

  • කිංස්ලි ,සුදේව සහ “ජනඝාතක” රෝගය

    කිංස්ලි ,සුදේව සහ “ජනඝාතක” රෝගය

    යම් “ආනන්දයක් “වෙිද
    එය විමසන කල
    කිංස්ලි ලාගෙ සුදේවලගෙ
    ඉස්සෙනු මිස මිළ
    ගෙදරක් පවුලක් ඇත්නම්
    ඉන්දියාව බල
    ජනඝාතක රෝගය දැන්
    ගේ දොර⁣කඩ බොල
    නව කොරෝනා වෛරසය හේතුවෙන් වැළඳෙන Covid 19 රෝගය “ජනඝාතක රෝගයක් ලෙස දේශීයව හෝ විදේශීය ව කිසිවෙක් හඳුන්වාදී නැති බව මගේ විශ්වාසය යි.
    සිදුවූ එකම⁣ දෙයනම් මෙතෙක් අප දැන සිටි epidemic (වසංගතය) යන වචනය වෙනුවට pandemic (මහා වසංගත⁣ය)යන වචනය භාවිත වීමයි.
    An epidemic became a pandemic .
    (මෙම රෝගය හේතුවෙන් ඇමෙරිකාවේ මියගිය සඛ්‍යාව ඔවුන් හා වියටිනාම් හමුදාව අතර යුද්ධ යෙන් මියගිය සංඛ්‍යාව ටද වඩා වැඩි බව කියවෙි)
    එය සැබැවින්ම ‘ජනඝාතක ය.” අප කලින් ඉතාලියෙන් ,ඇමෙරිකාවෙන් දුටුවාටද වඩා එය අල්ලපු වැටෙන්(ඉන්දියාව )ප්‍රත්‍යක්ෂ ව පෙනේ.”ජනඝාතක ‘ යන්න මා වැන්නෙකු නොව මෙරට සෞඛ්‍ය බලදරයෙකුගෙන් මේ අවස්ථාවේ පැවසේ නම් මා ඒ පිළිබඳ පෞද්ගලිකව සතුටු වෙමි.(එහි පේටන්ට් එක මට අවශ්‍ය නැත)මේ ගතව යන දවස ඉතාලියෙන් දැණුන භීතිය සමීපව දැනෙන්නේ මහත් වූ ශෝකයක්ද සමගිනි.ඒ බැත ගොඩවල් සේ දිස්වෙන ඉන්දියාවේ මළසිරුරු ආදාහන දැකීමෙනි.
    පළමු රැල්ලේදී මෙරට නාවික හමුදාවට වූ හදිය අපට වූ මහත් පසුබෑමකි.ඉන්පසුව කෙමෙන් රට තුළ පොකුරු බිහිවී දෙවන රැල්ලක්ද පැතිරිණි.රජයද, කවර විවේචන තිබුණද(අනෙක් කඳවුර රට පාලනය කළද මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක) අපේ හුදී ජනයාද විටෙක හිතුමතේ (රිසිසේ )හැසිරුණද අලුත් අවුරුද්දට පෙර ර⁣ටේ යමි සහනයක සේයාවක් නිර්මාණය කර තිබුණ බව පෙනෙන්නට තිබිණ.එය කිරිමුට්ටියක්ම නොවුණද ,දෙපාර්ශවයම යම් සහනශීලී පසුබිමක් රට තුළ ඇති කරන බව දක්කට තිබිණ
    (කෑගල්ලේ පැණිය යන ආතල්ද ඒ අතර පසෙකින් දර්ශනය වූ බව මතක් කළ යුතුය)
    .එහෙත් “සිරිලක පිරි අවුරුදු සිරි’ වැඩසටහනින් පසු පාලකයාද පාලිතයාද අමාරුවේ වැටුණා සේය.
    දැන් Lock කරන්නේ ගෙදර දොරට Covid knock කරන⁣ විටය.
    “අපි හිතුවෙ ජනතාව බුද්ධිමත් කියල,අපි ඔවුන්ව විශ්වාස කෙරුවා”ඒ ඔවුන් කියන අයුරුය
    (මට නම් ඒ ගැන හිනාය.ජනතාව බුද්ධිමත් නම් දැනට සිටින බොහෝ මැති
    ඇමතිවරු සිටිය යුත්තේ ගෙදරය)
    “අපරාදෙ රජයට තිබුණා ජනතාවට ඉවසල ඊළඟ අවුරුද්ද සමරන්න කියන්න”
    ඒ මැද මිනිසුන්ය.
    රජය සහ ජනතාවගේ අන්‍යොන්‍ය අවබෝධය(mutual understanding ) කෙසේද යන්න මින් තේරුම් ගැනීමද අපහසු නැත.
    කෙසේ වෙතත් සැමවිටම රජයට 5000 ගානෙ දීමට බැරි බවද ,එය නොසෑහෙන බවද නොරහසකි .
    එසේ හෙයින් රට වසා දැමීමද ගැටලුවකි.ඒ පිළිබඳව mutual understanding තිබුණාම් රජයත් වැසියාත් මෙසේ අමාරුවට පත් නොවෙනු ඇත.
    බහුතරයක් සේ පෙන්වන සුළුතරයක් වන මෙවන් absent minded මිනිස්සු අපට රාමසාන්,අපට නත්තල කියා අලුත් අවුරුද්ද දඩමීමා කරගැනීමටද බැරි
    නැත.
    විටෙක මෙම විපත ස්වභාවික උපත් පාලනයක් විය හැක.ලොව ජනගහනය කෝටි500වනවිට විනී හෙට්ටිගොඩ අැඳි කාටූන් චිත්‍රයක තිබුණේ එකිනෙකාගේ අත පය ඔලුව එළයට එන සේ නිර්මාණය කර තිබුණ ලෝක ගෝලයයි.දැන් ලෝක ජනගහනය කෝටි786කි.
    කෙසේ වෙතත් අපි සතුන් සේ මැරෙමුද?
    පාලිතයින් වූ පලියටම එසේවිය යුතුද?
    මේ ඉන්දියාවේ අද ඇහෙන අඳෝනා විළාප අතර කියවෙන දේ.”people die like animals ”
    ඇත්ත නම් අප එය දකින එකයි.
    දෙයි හාමුදුරුවනේ ඒත් ඇයි මේ
    පාලකයින්ගෙ ආතල් වලට වටිනාකම් දෙන අපේ ඈයින්ගෙ ලොකුම මාතෘකා
    කිංස්ලි සහ සුදේව
    In evey country ,rulers are very well aware of what must be done at the moment .They did it.No two words Kinsley will be the King ‘s.
    The king gave responsibility .Kinsley got its accountability .As usual the best goes to the best .
    එබැවින්
    ප්‍රශ්නය කිංස්ලිවත් සුදේව පිළිබඳවත් නොවන බව මගේ අදහස වන්නේ මගේ නම් ලොකුම ප්‍රශ්නය Covid බැවිනි.
    So,I am trying to survive .When talking about the biggest problem ,mine is Covid .
    බලදරයන්ගේ වගකීම් මහත්ය. එහෙත් කරුණ නම් ඔවුන් ඉන් සමහරක් අපටද දී ඇත.අපි ඊට වග වෙමු.

    ජගත් සී. ජයසිංහ