2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වෙනිදා අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, එදින විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකරනු ලැබ ඇත.

අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වෙනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වේ.

අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වෙනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව ඇති අතර, එමගින් 2027 අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වේ.

අයවැය විවාද පැවැත්වෙන කාලය තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60කුත්, විපක්ෂයට සියයට 40කුත් ආදී ලෙස විවාද කාලයක් වෙන්කර ඇති අතර, කාරක සභා අවස්ථාවේදී එය ආණ්ඩු පක්ෂයට සියයට 40ක් සහ විපක්ෂයට සියයට 60ක් ආදී ලෙස වෙන්කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...