‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඇයව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සිරිලිය සවිය සංවිධානය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයක් හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

එම විමර්ශනය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබේ.

‘සිරිලිය සවිය’ සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිගණකගත CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලින් අදාළ යන්ත්‍රය ලබා නොදී රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමෙන් දූෂණය සහ පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකිරීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගෙන ඇත. ‘සිරිලිය සවිය’ ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන පවත්වන අතර, කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසකදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකෙරිණි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක් ‘සිරිලිය සවිය’ වෙත ලබාදුන් බව සහ එය රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සඳහා වූ මුදලක් බවට සඳහන් විය. එම මුදලින් එවැනි යන්ත්‍රයක් මිලදීගෙන ඇති බව මෙතෙක් විමර්ශනයෙන් තහවුරු වී නොමැති බවද වාර්තා වී තිබිණි. එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම්ගෙන්ද FCID නිලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන අත් අඩංගුවට ගන්නා ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...