නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ පෙළපොත් පිටපත් නැවත මුද්‍රණය කිරීම සදහා රුපියල් විසිහත්කෝටි,අසුදෙලක්ෂ,දහදහස්එකසිය අසුහයක (278,210,186) මුදලක් වැය කිරීමට සිදුවේ ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

හය ශ්‍රේණිය සදහා වු ඉංග්‍රිසි මාධ්‍ය මොඩියුලයෙහි අන්තර්ගත කරුණු සම්බන්දයෙන් ඇතිවු ගැටළුකාරී තත්ත්වයන් හේතුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් හය ශ්‍රේණිය සදහා ක්‍රියාත්මක කිරීම කල් දැමිණි. මේ හේතුවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ පෙළපොත් පිටපත් විසිචක්ලක්ෂ, පන්සිය හතලිස් පහක් (2,100,545) නැවත මුද්‍රණය කොට තිබේ.

කෙසේ වුවද 2026 වර්ෂයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීම සදහා හය ශ්‍රේණියේ පළමු වාරයේ මෙඩියුල පිටපත් හැටඅටලක්ෂ, හතලිස් දහස් අටසියයක් (6,840,800) මුද්‍රණය කොට තිබුණි. අන්තර්ගතය. ගැටළුකාරීවු ඉංග්‍රිසි මාධ්‍ය මොඩියුලයේ මුද්‍රණ වියදම නිෂ්කාර්යය වියදමක් බවට පත්ව ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම නාස්තිය සිදුව ඇත්තේ ආණ්ඩුව කඩිකුලප්පුවකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක යාමට නිසයි. ජනතාවට කරුණු සඟවමින් නිසි අධ්‍යනයකින් තොරව කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් ගොස් තිබෙන්නේ ජනතා මුදල්ද විශාල වශයෙන් නාස්ති කරමිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...