නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ පෙළපොත් පිටපත් නැවත මුද්‍රණය කිරීම සදහා රුපියල් විසිහත්කෝටි,අසුදෙලක්ෂ,දහදහස්එකසිය අසුහයක (278,210,186) මුදලක් වැය කිරීමට සිදුවේ ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

හය ශ්‍රේණිය සදහා වු ඉංග්‍රිසි මාධ්‍ය මොඩියුලයෙහි අන්තර්ගත කරුණු සම්බන්දයෙන් ඇතිවු ගැටළුකාරී තත්ත්වයන් හේතුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් හය ශ්‍රේණිය සදහා ක්‍රියාත්මක කිරීම කල් දැමිණි. මේ හේතුවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ පෙළපොත් පිටපත් විසිචක්ලක්ෂ, පන්සිය හතලිස් පහක් (2,100,545) නැවත මුද්‍රණය කොට තිබේ.

කෙසේ වුවද 2026 වර්ෂයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීම සදහා හය ශ්‍රේණියේ පළමු වාරයේ මෙඩියුල පිටපත් හැටඅටලක්ෂ, හතලිස් දහස් අටසියයක් (6,840,800) මුද්‍රණය කොට තිබුණි. අන්තර්ගතය. ගැටළුකාරීවු ඉංග්‍රිසි මාධ්‍ය මොඩියුලයේ මුද්‍රණ වියදම නිෂ්කාර්යය වියදමක් බවට පත්ව ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම නාස්තිය සිදුව ඇත්තේ ආණ්ඩුව කඩිකුලප්පුවකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක යාමට නිසයි. ජනතාවට කරුණු සඟවමින් නිසි අධ්‍යනයකින් තොරව කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් ගොස් තිබෙන්නේ ජනතා මුදල්ද විශාල වශයෙන් නාස්ති කරමිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...