නව ව්‍යවස්ථාවක් ගෙන එනවනම් නීතිඥ සාලිය පීරිස්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? යන  තේමාව යටතේ අද පැවති සම්මන්ත්‍රණයකදී පහත අදහස් දැක්වීම සිදු කරනු ලැබුව ජනාධිපති නීතිඥයා සාලිය පීරිස් මහතායි.

 අපි  නව ව්‍යවස්ථාවක් ගැන ජනතාවාදී ව්‍යවස්ථාවක් ගැන  අවුරුදු හතළිහක පමණ සිට කතා කරනවා. 1994 සිට සෑම ජනාධිපතිවරයෙක්ම කතා කරලා තියෙනවා නව ව්‍යවස්ථාවක් ගැන. බොහෝ අවස්ථාවලදී අපි දැකලා තියෙනවා, අලුත් ව්‍යවස්ථාවක්, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න, විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න,  පොරොන්දු දුන්නා . බලයට පත්වුණයි පසු එහෙම නොකර සිටින්නට මේ 78 ව්‍යවස්ථාවේ මොනවා හරි ආකර්ෂණයක් තියෙනවා. ඒ ආකර්ෂණයෙන්  අපේ නායකයන්ට ගැලවෙන්න බැරිවෙලා තියෙනවා. 1978 ජේ.ආර් ජයවර්ධන මහත්තයා මේ  ව්‍යවස්ථාව ගෙනාවේ තනිකර තමුන්ගේ වුවමනාවට. ඔහු දැක්කේ තමුන්ගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න,  සිංගප්පූරු ක්‍රමයට රට හදන්න හිතාගෙනත් තමයි 78  ව්‍යවස්ථාව ගෙනාවේ. 

ඊට පස්සේ ආව හැම ජනාධිපති වරයෙක්ම පොරොන්දු වෙලා තියෙනවා මේක අයින් කරනවා, සංශෝධනය කරනවා, ප්‍රතිසංස්කරණය කරනවා කියලා .අපි බලන් ඉන්නවා කවද්ද මේක අයින් කරන්නේ කියලා. 

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය තුළ පොරොන්දුවක් තියෙනවා නව ව්‍යවස්ථාවක් ගෙන එනවා කියල. හැමදාම වගේ අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට කල්පනා වෙන දේ තමයි මේ රජයත් ප්‍රමාද වැඩිදෝ කියලා අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න .

මේ යන්නේ ආණ්ඩුවේ දෙවන වසර . අපිට පෙනෙන්න නැහැ නව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසන්න උත්සාහයක් ගන්නව කියල. අපි රජයෙන් ඉල්ලනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවනම්  22 වන  සංශෝධනය ගෙනාවා වගේ ගේන්න එපා කියලා . ඒ කියන්නේ සතියකින් දෙකකින් රහසේ ගෙනත් අපට කියන්න එපා මේං අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවා කියලා .

අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවනම් ඒ පිළිබඳව දැනගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා.  නව ව්‍යවස්ථාවේ ස්වරූපය හැඩරුව සහ ඒකෙන් වෙන්නේ මොනවද කියන එක ජනතාව දැනගත යුතුයි .

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...