හොරකම් කළ මුදල් ගෙවන්න වෙන්නේ ජනතාවට බව මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් තහවුරුවක්

ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය මුදලකින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් විසින් ව්‍යාජ ගිණුමකට බැර කරවාගෙන පැහැරගැනීමේ සිදුවීම හේතුවෙන් අහිමි වූ මුදල නැවත අයකර ගැනීමට නොහැකි වුවහොත්, එම ණය පියවීම සඳහා අවසානයේ ‍රාජ්‍ය මුදල් භාවිත කිරීමට සිදුවන බව මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසා තිබේ.

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මුදල් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී මහා භාණ්ඩාගාරය විසින් ඕස්ට්‍රේලියාවට මෙම ණය මුදල ගෙවීමට උත්සාහ කළ අවස්ථාවේදී, එය ව්‍යාජ ගිණුමකට බැර කිරීමේ උත්සාහයන් කිහිපයක්ම අසාර්ථක වී තිබූ බව ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ පිළිබඳව මහ බැංකු නිලධාරීන් මෙන්ම මහා භාණ්ඩාගාර නිලධාරීන්ද දැනුවත්ව සිට ඇති බවත්, එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී විමර්ශනයක් ඇරඹුවේ නම් මෙම අතිවිශාල මුදලින් වැඩි කොටසක් බේරා ගැනීමට අවස්ථාව තිබූ බවත් හර්ෂණ සූරියප්පෙරුම අවධාරණය කර තිබේ.

ඩොලර් මිලියන 2.5ක ණය වාරික ගෙවීමේ ගනුදෙනුවේදී සිදුවූ සයිබර් අපරාධය සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාව විසින් සිදුකළ පරීක්ෂණයෙන් පසු ඉදිරිපත් කළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ඉහළ ම මට්ටමේ දී, භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා මෙවැනි තත්ත්වයන් ඇතිවීමට බලපෑ පරිපාලනමය හිඩැස් කිහිපයකට වගකිව යුතු බව ය. එසේම මෙම පද්ධති යාවත්කාලින නොකිරීම වැනි හේතු ගණනාවක් එහි සඳහන් වේ. මේ තොරතුරු අනුව මෙම වංචාව අත්වීමට බලපෑ තත්ත්වය නිර්මාණය කර ඇත්තේ ආණ්ඩුව සහ ආණ්ඩුවට සම්බන්ධ ඉහළ නිලධාරීන් වේ. නමුත් අවසානයේ එම බර පැටවෙනු ඇත්තේ ජනතාව මතයි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...