හොරකම් කළ මුදල් ගෙවන්න වෙන්නේ ජනතාවට බව මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් තහවුරුවක්

Date:

ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය මුදලකින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් විසින් ව්‍යාජ ගිණුමකට බැර කරවාගෙන පැහැරගැනීමේ සිදුවීම හේතුවෙන් අහිමි වූ මුදල නැවත අයකර ගැනීමට නොහැකි වුවහොත්, එම ණය පියවීම සඳහා අවසානයේ ‍රාජ්‍ය මුදල් භාවිත කිරීමට සිදුවන බව මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසා තිබේ.

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මුදල් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී මහා භාණ්ඩාගාරය විසින් ඕස්ට්‍රේලියාවට මෙම ණය මුදල ගෙවීමට උත්සාහ කළ අවස්ථාවේදී, එය ව්‍යාජ ගිණුමකට බැර කිරීමේ උත්සාහයන් කිහිපයක්ම අසාර්ථක වී තිබූ බව ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ පිළිබඳව මහ බැංකු නිලධාරීන් මෙන්ම මහා භාණ්ඩාගාර නිලධාරීන්ද දැනුවත්ව සිට ඇති බවත්, එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී විමර්ශනයක් ඇරඹුවේ නම් මෙම අතිවිශාල මුදලින් වැඩි කොටසක් බේරා ගැනීමට අවස්ථාව තිබූ බවත් හර්ෂණ සූරියප්පෙරුම අවධාරණය කර තිබේ.

ඩොලර් මිලියන 2.5ක ණය වාරික ගෙවීමේ ගනුදෙනුවේදී සිදුවූ සයිබර් අපරාධය සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාව විසින් සිදුකළ පරීක්ෂණයෙන් පසු ඉදිරිපත් කළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ඉහළ ම මට්ටමේ දී, භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා මෙවැනි තත්ත්වයන් ඇතිවීමට බලපෑ පරිපාලනමය හිඩැස් කිහිපයකට වගකිව යුතු බව ය. එසේම මෙම පද්ධති යාවත්කාලින නොකිරීම වැනි හේතු ගණනාවක් එහි සඳහන් වේ. මේ තොරතුරු අනුව මෙම වංචාව අත්වීමට බලපෑ තත්ත්වය නිර්මාණය කර ඇත්තේ ආණ්ඩුව සහ ආණ්ඩුවට සම්බන්ධ ඉහළ නිලධාරීන් වේ. නමුත් අවසානයේ එම බර පැටවෙනු ඇත්තේ ජනතාව මතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...