සොරාගත් මුදල්වල බරත් ජනතාවගේ කර මතට

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් අතුරුදහන් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව තිබේ. මෙම මුදල් ප්‍රමාණය ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරිකයක කොටසක් ලෙස බැර කිරීමට නියමිතව තිබූ මුදලකි. අදාළ මුදල් යළි සොයාගත නොහැකි වුවහොත්, එම ණය වගකීම ඉටු කිරීම සඳහා රජයේ අරමුදල් භාවිතා කිරීම සිදුවෙනු ඇති බවට මත පලවෙමින් තිබේ.

සයිබර් අපරාධකරුවන් විසින් මූල්‍ය ගනුදෙනු සිදුකරන ඊමේල් පද්ධතියට රිංගා මෙම මුදල් ඔවුන්ගේ ගිණුම්වලට හරවාගෙන ඇත. පොදු මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභාව (COPF) සිදු කළ විමර්ශනයකින් හෙළි වී ඇත්තේ, මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධති යාවත්කාලීන නොකිරීම සහ මූලික ආරක්ෂක පියවරයන් නොමැති වීම මෙම සොරකමට මග පෑදූ බවයි.

මෙම සොරකම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ පාලන මට්ටමේ බරපතල අසාර්ථකත්වයන් පැවති බව COPF වාර්තාවේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මේ වන විට අදාළ අංශවල නිලධාරීන් කිහිප දෙනෙකු වැඩතහනම් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශන සිදු කෙරේ.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත්තේ, මෙම ගෙවීම සිදු කිරීමේ සැලැස්මක් සහ කාලසීමාවක් පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් පවතින බවත්, ඉදිරි මාස කිහිපය තුළ ගැටලුව විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...