සොරාගත් මුදල්වල බරත් ජනතාවගේ කර මතට

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් අතුරුදහන් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව තිබේ. මෙම මුදල් ප්‍රමාණය ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරිකයක කොටසක් ලෙස බැර කිරීමට නියමිතව තිබූ මුදලකි. අදාළ මුදල් යළි සොයාගත නොහැකි වුවහොත්, එම ණය වගකීම ඉටු කිරීම සඳහා රජයේ අරමුදල් භාවිතා කිරීම සිදුවෙනු ඇති බවට මත පලවෙමින් තිබේ.

සයිබර් අපරාධකරුවන් විසින් මූල්‍ය ගනුදෙනු සිදුකරන ඊමේල් පද්ධතියට රිංගා මෙම මුදල් ඔවුන්ගේ ගිණුම්වලට හරවාගෙන ඇත. පොදු මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභාව (COPF) සිදු කළ විමර්ශනයකින් හෙළි වී ඇත්තේ, මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධති යාවත්කාලීන නොකිරීම සහ මූලික ආරක්ෂක පියවරයන් නොමැති වීම මෙම සොරකමට මග පෑදූ බවයි.

මෙම සොරකම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ පාලන මට්ටමේ බරපතල අසාර්ථකත්වයන් පැවති බව COPF වාර්තාවේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මේ වන විට අදාළ අංශවල නිලධාරීන් කිහිප දෙනෙකු වැඩතහනම් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශන සිදු කෙරේ.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත්තේ, මෙම ගෙවීම සිදු කිරීමේ සැලැස්මක් සහ කාලසීමාවක් පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් පවතින බවත්, ඉදිරි මාස කිහිපය තුළ ගැටලුව විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...