විදුලි බිල වැඩිවීම බලපාන්නේ 5%ට විතරලු

2026 වසරේ දෙවන හා තෙවන කාර්තුවල පිරිවැය පියවා ගැනීම සඳහා ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙම ගාස්තු සංශෝධනය හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

විදුලි උත්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාර්තුවලදී ඇති විය හැකි රුපියල් බිලියන 38ක මූල්‍ය හිඟය පියවා ගැනීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇතැයි පැවසේ.

කෙසේ වෙතත්, රජය රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබා දීමට එකඟ වීම නිසා සමස්ත පාරිභෝගිකයන්ගෙන් 95%කට මෙම ගාස්තු වැඩිවීම බලනොපාන බව කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.

ඒ අනුව, මෙම මිල ඉහළ යාම අදාළ වන්නේ සමස්ත පාරිභෝගික සංඛ්‍යාවෙන් 5%ක පිරිසකට පමණයි.

ඒ අනුව මාසික පරිභෝජනය ඒකක 180ට අඩු පාරිභෝගිකයන් සඳහා ගාස්තු ඉහළ නොයන අතර, ඒකක 180 සීමාව ඉක්මවන පාරිභෝගිකයන් සඳහා පමණක් 18%ක වැඩිවීමක් සිදු වේ.

සියලුම රාජ්‍ය ආයතන සඳහා 18%ක ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා තිබේ.

ඒකක 180ට අඩු කාණ්ඩ සඳහා වෙනසක් සිදු නොවන අතර, GP 2 සහ GP 3 කාණ්ඩ සඳහා 18%ක වැඩිවීමක් අදාළ වේ.

එමෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා පැරණි ගාස්තුම පවතින අතර, මහා පරිමාණ කර්මාන්ත සඳහා 18%ක වැඩිවීමක් සිදු වේ.

H1 සහ H2 කාණ්ඩවල අඩු පරිභෝජනයක් සහිත හෝටල් සඳහා ගාස්තු වැඩි නොවන නමුත්, අධික පරිභෝජනයක් සහිත හෝටල් සඳහා 18%කින් ගාස්තු ඉහළ යනු ඇති.

ඒකක 180ට අඩු පරිභෝජනයක් සහිත පූජනීය ස්ථාන සඳහා ගාස්තු වැඩි නොවන අතර, ඒකක 180 ඉක්මවන ස්ථාන සඳහා 18%ක වැඩිවීමක් ක්‍රියාත්මක වේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...