රිමාන්ඩ් භාරයට පත්වූ පල්ලේගම හිමි නැවතත් රෝහල් ගතවෙයි

අත්අඩංගුවේ පසු වූ ස්ත්‍රී දූෂණ සහ ළමා අපයෝජන සැකකාර පල්ලේගම හේමරතන හිමිව 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකරුව 12 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කර තිබේ.

සැකකාර චීවරධාරියාව මැයි 8 වැනිදා රාත්‍රී කාලයේදී කොළඹ නවලෝක රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබුණි. මහේස්ත්‍රාත්වරයා ඔහුව පරීක්ෂාවට ලක් කළේ එම රෝහලේදී බව වාර්තා වේ.

කෙසේ වෙතත් සැකකරුව වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සදහා යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසු නවලෝක රෝහලේ තැබීමට නොහැකි බව වාර්තා වේ.

කුමන හෝ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී බලවත් පුද්ගලයන් රෝහල් ගතවීම පොදු තත්ත්වයක් ලෙස දක්නට ලැබේ. සමහරක් අවස්ථාවල ඔවුන් මුළු රිමාන්ඩ් ජීවිතයම ගතකරනු ලබන්නේ මෙවැනි රෝහලකයි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...