රිමාන්ඩ් භාරයට පත්වූ පල්ලේගම හිමි නැවතත් රෝහල් ගතවෙයි

අත්අඩංගුවේ පසු වූ ස්ත්‍රී දූෂණ සහ ළමා අපයෝජන සැකකාර පල්ලේගම හේමරතන හිමිව 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකරුව 12 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කර තිබේ.

සැකකාර චීවරධාරියාව මැයි 8 වැනිදා රාත්‍රී කාලයේදී කොළඹ නවලෝක රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබුණි. මහේස්ත්‍රාත්වරයා ඔහුව පරීක්ෂාවට ලක් කළේ එම රෝහලේදී බව වාර්තා වේ.

කෙසේ වෙතත් සැකකරුව වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සදහා යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසු නවලෝක රෝහලේ තැබීමට නොහැකි බව වාර්තා වේ.

කුමන හෝ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී බලවත් පුද්ගලයන් රෝහල් ගතවීම පොදු තත්ත්වයක් ලෙස දක්නට ලැබේ. සමහරක් අවස්ථාවල ඔවුන් මුළු රිමාන්ඩ් ජීවිතයම ගතකරනු ලබන්නේ මෙවැනි රෝහලකයි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...