අල්ලස් ගත් කුරුණෑගල නි. නගරාධිපති රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කුරුණෑගල මහනගර සභාවේ නි. නගරාධිපති අසාර්දින් මොයිනුධීන්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ ඔහු, එම නගර සභාවේ බලය පිහිටුවීමේදී සිය සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට කටයුතු කර තිබුණි.

අනතුරුව එහි නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වී ඇත.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බව පැවසේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා බත්තරමුල්ල ප්‍රදේශයේදී අල්ලස් කොමිසම විසින් ඊයේ (8) අත්අඩංගුවට ගනු ලැබිණි. මේවනවිට ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

එමෙන්ම, කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍රද පසුගිය 06 වැනිදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණා.

රට පුරා පළාත් පාලන ආයතන රැසක ජාතික ජන බලවේගය සිය බලය තහවුරු කරගනු ලැබුවේ විපක්ෂය නියෝජනය කළ පක්ෂවල ජනතා නියෝජිතයන්ගේ සහයෙනි. එහිදී ආණ්ඩු පක්ෂයට නැගුනු චෝදනාවක් වූවේ එම නියෝජිතයන් අල්ලස් ලබාදීමෙන් තමන් පැත්තට බිලී බාගත් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...