පාස්කු ප්‍රහාරය – කොමිසමේ නිරේදේශ ක්‍රියාත්මක වෙන්න කොතරම් කල් යයිද?

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ලබාදී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කෙසේ නමුත්, මින් පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, එවැනි සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිසන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2021 වර්ෂයේ මැයි17 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

එහෙත්, එම නිර්දේශයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමානුකූල, විධිමත් සහ ස්ථාවර ක්‍රමවේදයක් මේ තාක් ස්ථාපිත වී නොමැති වීම හේතුවෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇගයීම සඳහා දැනට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව රජය විසින් අවබෝධ කරගනු ලැබ ඇත.

ඒ අනුව, එම නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන හා ජාතික ආරක්ෂාව පෙරදැරි කරගත් පුළුල් සංවිධානාත්මක ව්‍යූහයකින් යුත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබීමෙන් අනතුරුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ අදාළ අමාත්‍යාංශ හා ආයතනයන්හි නියෝජනයන්ගෙන් සහ ප්‍රති-ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මෙම යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද බව වාර්තා වේ.

අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස පත්වූ වහාම කටුවාපිටිය පල්ලියට ගොස් පොරොන්දු වූවේ ඊළඟ වසරේ අප්‍රේල් 21වනදාට පෙර මෙම සිදුවීම සම්බන්ධ යුක්තිය ඉටුකිරීමට මැදිහත් වෙන බවයි. දැන් නව ආණ්ඩුව පත්වී වසර දෙකකට ආසන්න කාලයක් ගතව තිබේ. ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ දැනුයි. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමද කොතරම් වේගයකින් ඉදිරියට යාවිද යන්න සැක සහිතය. මේ කැබිනට් තීරණයට අනුව ක්‍රියාත්මක වීම ඊළඟ වසරේ අප්‍රේල් 21 දක්වා ප්‍රමාද වුවහොත් පුදුම වෙන්නට දෙයක් නැත.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...