2025 වසරේ ළමුන්ට එරෙහි හිංසන ගැන පැමිණිලි 10,455ක්

2025 වසරේ දී ළමා ආරක්ෂණ අධිකාරියට ළමුන් සම්බන්ධ පැමිණිලි 10,455ක් ඉදිරිපත් වී තිබේ.

මෙයින් පැමිණිලි 8,514ක් ළමා ආරක්ෂණ අධිකාරි පනත යටතේ ඇති අතර පැමිණිලි 1,941ක් එහි සෘජු අධිකාරියෙන් පිටත පැමිණිලිය.

වාර්තා වූ සිඉධි අතර, පැමිණිලි 545ක් ලිංගික හිරිහැරවලට සම්බන්ධ වූ අතර පැමිණිලි 231ක් බරපතළ ලිංගික අපයෝජනවලට සම්බන්ධ විය.

අධිකාරිය පසුගිය වසරේ යොවුන් වියේ ගැබ්ගැනීම් 79ක් සහ ගබ්සා කිරීම් තුනක් ද වාර්තා කර තිබේ.

2025 දී ළමා විවාහ 9ක්, ස්ත්‍රී දූෂණ සිද්ධීන් 38ක්, ළමුන් ඉලක්ක කරගත් සයිබර් අපයෝජන සිද්ධීන් 150ක් සහ ළමා සියදිවි නසාගැනීමේ උත්සාහයන් 20ක් ද වාර්තා වූ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කියයි.

ඊට අමතරව, උප්පැන්න සහතික නොමැති දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි 42ක් සහ මාපියන් විදේශගත වන විට තනි වූ දරුවන් පිළිබඳ පැමිණිලි 9ක් ද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී ඇත.

මෙම සංඛ්‍යාලේඛන ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සම්බන්ධ අඛණ්ඩ විමසිල්ල හා මැදිහත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...