ආණ්ඩුවට දරුවෝ ජෝක් එකක්ද?

වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවතිබේ.

ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවය.

වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව ඇති බව පැවසේ.

ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කරයි.

ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවිම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කර ඇත.

මේ වන විටත් ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට ද තීරණය කර ඇති අතර ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවිය.

ආණ්ඩුව මෙම තීරණ එක් පසෙකින් ගන්නා විට අනෙක් පසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ළමුන් මේ වයස් ඛාණ්ඩයේම ළමුන් අතර සමාජ මාධ්‍ය හා දුරකථන භාවිතය වැඩි කරන ආකාරයේ ක්‍රියාමර්ග යෝජනා කරමින් සිටියි. ආණ්ඩුවේ මුළු ප්‍රතිසංස්කරණය ම පදනම් වී ඇත්තේ පාසල් පෙළපොත්වලින් තොර වැඩිදුර කියවීම් QR කෝඩ් මතයි. එවැනි තත්ත්වයකදී දරුවන් ජංගම දුරකථන භාවිතය අවම කිරීම ගැනද ආණ්ඩුව තීරණ ගනිමින් සිටියි. මෙහිදී ජනතාව ඇසිය යුතු ප්‍රශ්නයක් වන්නේ ආණ්ඩුවට අපේ රටේ දරුවන් ජෝක් එකක් වී ඇතිද යන්නයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...