ළමා අපයෝජන නඩු 4,289ක් මහාධිකරණවල

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්, ළමා අපයෝජන සිදුවීම්වලට අදාළව මහාධිකරණවල ගොනුකර ඇති නඩු පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබේ.

එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ පවසා ඇත්තේ 2026 වසරේ ජනවාරි වනවිට ළමා අපයෝජන සම්බන්ධයෙන් මහාධිකරණවල ගොනුකර ඇති නඩු සහ මේ මාසයේ කැඳවීමට නියමිත නඩු සම්බන්ධයෙන් තොරතුරු එම වාර්තාවේ දැක්වෙන බවයි.

ඒ අනුව, 2026 වන විට ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ මහාධිකරණවල ගොනුකර ඇති නඩු සංඛ්‍යාව 4,289කි.

එම නඩු අතරින් නඩු 1,683ක් මේ මාසයේ කැඳවීමට නියමිතව ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.

වැඩිම නඩු ප්‍රමාණය ගාල්ලෙන්

වැඩිම ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු සංඛ්‍යාව, එනම් නඩු 442 ක් ගොනුකර ඇත්තේ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේයි.

ඒ අතරින් නඩු 101ක් මේ මාසය තුළ ගාල්ල මහාධිකරණයේදී කැඳවීමට නියමිතයි.

කුරුණෑගල මහාධිකරණයේ නඩු 423 ක්, මහනුවර මහාධිකරණයේ නඩු 414 ක්, බදුල්ල 206 ක්, ගම්පහ 220 ක්, කළුතර 229 ක්, කෑගල්ල 206 ක්, මාතර 216 ක් වශයෙන් ළමා අපයෝජනවලට එරෙහිව නඩු ගොනුකර ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කර ඇත.

ළමයින්ට එරෙහිව සිදුවන හිංසනයකදී නීතිය හරහා යුක්තිය ඉටුකරවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගණනාවක් මතුව තිබේ. එයට හේතුව මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාවලින් වසර ගණනාවක් ඇදී යාමයි.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...