ළමා අපයෝජන නඩු 4,289ක් මහාධිකරණවල

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්, ළමා අපයෝජන සිදුවීම්වලට අදාළව මහාධිකරණවල ගොනුකර ඇති නඩු පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබේ.

එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ පවසා ඇත්තේ 2026 වසරේ ජනවාරි වනවිට ළමා අපයෝජන සම්බන්ධයෙන් මහාධිකරණවල ගොනුකර ඇති නඩු සහ මේ මාසයේ කැඳවීමට නියමිත නඩු සම්බන්ධයෙන් තොරතුරු එම වාර්තාවේ දැක්වෙන බවයි.

ඒ අනුව, 2026 වන විට ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ මහාධිකරණවල ගොනුකර ඇති නඩු සංඛ්‍යාව 4,289කි.

එම නඩු අතරින් නඩු 1,683ක් මේ මාසයේ කැඳවීමට නියමිතව ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.

වැඩිම නඩු ප්‍රමාණය ගාල්ලෙන්

වැඩිම ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු සංඛ්‍යාව, එනම් නඩු 442 ක් ගොනුකර ඇත්තේ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේයි.

ඒ අතරින් නඩු 101ක් මේ මාසය තුළ ගාල්ල මහාධිකරණයේදී කැඳවීමට නියමිතයි.

කුරුණෑගල මහාධිකරණයේ නඩු 423 ක්, මහනුවර මහාධිකරණයේ නඩු 414 ක්, බදුල්ල 206 ක්, ගම්පහ 220 ක්, කළුතර 229 ක්, කෑගල්ල 206 ක්, මාතර 216 ක් වශයෙන් ළමා අපයෝජනවලට එරෙහිව නඩු ගොනුකර ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කර ඇත.

ළමයින්ට එරෙහිව සිදුවන හිංසනයකදී නීතිය හරහා යුක්තිය ඉටුකරවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගණනාවක් මතුව තිබේ. එයට හේතුව මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාවලින් වසර ගණනාවක් ඇදී යාමයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...