වතු වැටුප් ගැන සමාගම් සහ ආණ්ඩුව අතර කඹ ඇදීමක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ලබාදුන් පොරොන්දුවට වැවිලි සමාගම් විරෝධය පළ කර තිබේ. එම පියවරට ආර්ථික තර්කනයක් නොමැති බවත්, එමඟින් වසරකට රුපියල් බිලියන 13 ක අමතර බරක් එම අංශයට පැටවෙනු ඇති බවත් ඔවුන් අනතුරු අඟවා තිබේ.

මෙම වසර තුළ වතු කම්කරුවන්ට අවම දෛනික වැටුප රුපියල් 1,750 ක් ලැබෙන බව රජය සහතික කරන බව ජනාධිපති දිසානායක පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේ පැවති මලයගම් ප්‍රජාවට නිවාස හිමිකම් ඔප්පු බෙදා දීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ජනාධිපතිවරයා සහ වතු ක්ෂේත්‍රයේ සමාගම් නියෝජිතයින් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවති හමුවකින් පසුව මෙම අදහස් පලවී තිබේ. මෙම සාකච්ඡාව කේන්ද්‍රගත වී ඇත්තේ පසුගිය අයවැයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ලබා දුන් වැටුප් වැඩිවීම්වලට අනුකූලව යෝජිත වැටුප් වැඩි කිරීම කෙරෙහි ය.

ජනාධිපති වික්‍රමසිංහ යටතේ පැවති පසුගිය රජය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද වසර තුනක ගිවිසුමක් හරහා දෛනික වැටුප රුපියල් 1,350 ක් ලෙස නියම කිරීමෙන් වසරකටත් අඩු කාලයකට පසුව මෙම නව යෝජනාව ඉදිරිපත් කර ඇති බව සහ නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති තත්ත්වයකදී මෙම වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව වතු සමාගම්වල අදහස් වී තිබේ.

වතු වැටුප් වැඩිකරන බව නව ආණ්ඩුව මැතිවරණයට පෙර සිට ලබාදෙන ලද පොරොන්දුවකි. ආණ්ඩුවට වසරක් ගතවූ පසුත් තවමත් එය ඉටු කිරීමට නොහැකි වී තිබේ. එය ඉදිරි අයවැයෙන්වත් ඉටු කිරීමට හැකි වේවිද යන්න මේ අනුව සැක ඇතිවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...