විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ!

අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් 7දෙනෙකුගෙන් සමන්විත, නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ.

එම සමාගම් වන්නේ..

නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්,
නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්,
ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා
ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්කළ බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. ඒ සඳහා සභාපතිවරුන් පත් කිරීම ඉදිරි සතිය ඇතුළත් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩල සේවකයින්ට තම කැමැත්ත මත අදාළ සමාගම්වලට අනියුක්ත වීම සඳහා ලබන මස 27 වැනිදා දක්වා අවස්ථාව පවතින බවද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරන ලද අතර, ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය සාමාගම් 4 කට ප්‍රතිව්‍යුහත කර ඇත..

ජනන, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් පිහිටුවා ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර, එලෙස නව ආයතන සඳහා බැඳීමට අකමැති සේවකයින් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගත හැකි බවද වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...