විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ!

අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් 7දෙනෙකුගෙන් සමන්විත, නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ.

එම සමාගම් වන්නේ..

නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්,
නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්,
ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා
ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්කළ බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. ඒ සඳහා සභාපතිවරුන් පත් කිරීම ඉදිරි සතිය ඇතුළත් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩල සේවකයින්ට තම කැමැත්ත මත අදාළ සමාගම්වලට අනියුක්ත වීම සඳහා ලබන මස 27 වැනිදා දක්වා අවස්ථාව පවතින බවද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරන ලද අතර, ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය සාමාගම් 4 කට ප්‍රතිව්‍යුහත කර ඇත..

ජනන, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් පිහිටුවා ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර, එලෙස නව ආයතන සඳහා බැඳීමට අකමැති සේවකයින් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගත හැකි බවද වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...