පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් කෘෂිකර්ම ඇමති කේ .ඩි.ලාල් කාන්තට එරෙහිව ගොවි සංවිධාන කිහිපයක නියෝජිතයින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය යල කන්නයේ ගොවීන්ට පොහොර ලබාදීමේ දී මෙම මහා පරිමාණ වංචාව සිදුව ඇති බවත් ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් පැමිණිල්ල ඉදිරිපත් කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් අල්ලස් කොමිසම වෙත දැනුම් දී තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගොවි සංවිධාන නියෝජිතයෙක් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ යල කන්නය සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් එකක් රුපියල් 9500 ට ගොවීන්ට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්,පොහොර සමාගම් සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරින් සාකච්ඡා කර තීරණයක් ගෙන තිබූ බවයි.

ඒ වන විට යුරියා පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ එක් දහසක් පමණ මෙරට ගබඩා කර තිබූ බව ඔහු අනාවරණය කළේය.
එලෙස පොහොර තිබියදී කෘෂිකර්ම ඇමතිවරයාගේ මැදිහත් වීම මත රුපියල් මිලියන ගණනක් පොහොර සමාගම් වෙත ලබාදීමේ දී මෙම මහා පරිමාණ වංචාව සිතුව ඇති බවට ඔවුන් චෝදනා කරයි.

මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් කඩිනමින් පවත්වන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් අල්ලස් කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...