පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් කෘෂිකර්ම ඇමති කේ .ඩි.ලාල් කාන්තට එරෙහිව ගොවි සංවිධාන කිහිපයක නියෝජිතයින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය යල කන්නයේ ගොවීන්ට පොහොර ලබාදීමේ දී මෙම මහා පරිමාණ වංචාව සිදුව ඇති බවත් ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් පැමිණිල්ල ඉදිරිපත් කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් අල්ලස් කොමිසම වෙත දැනුම් දී තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගොවි සංවිධාන නියෝජිතයෙක් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ යල කන්නය සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් එකක් රුපියල් 9500 ට ගොවීන්ට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්,පොහොර සමාගම් සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරින් සාකච්ඡා කර තීරණයක් ගෙන තිබූ බවයි.

ඒ වන විට යුරියා පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ එක් දහසක් පමණ මෙරට ගබඩා කර තිබූ බව ඔහු අනාවරණය කළේය.
එලෙස පොහොර තිබියදී කෘෂිකර්ම ඇමතිවරයාගේ මැදිහත් වීම මත රුපියල් මිලියන ගණනක් පොහොර සමාගම් වෙත ලබාදීමේ දී මෙම මහා පරිමාණ වංචාව සිතුව ඇති බවට ඔවුන් චෝදනා කරයි.

මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් කඩිනමින් පවත්වන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් අල්ලස් කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...