රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ නම් ගමේ . රොබෑර්තෝ මේ වන විට 79 වන වියේ පසු වෙනවා .1970 දී මිලානෝ ශුද්ධවූ හදවත කතෝලික විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධිය ලබා ගත්තා. උපාධියෙන් අනතුරුව ගුරුවරයකු , නළුවෙකු රූකඩ ශිල්පියෙකු ලෙස වෘත්තීන් කිහිපයකම වසර කිහිපයක් තුළ නියැලුණා . 1978 “මාලිගාවට ඇතුළු වූ ගැටවරයා” නමින් රොබෑර්තෝ ප්‍රථම ළමා සාහිත්‍ය කෘතිය එළි දක්වනවා. එම කෘතිය 1979 ළමා සාහිත්‍ය සම්මානයට පාත්‍ර වෙනවා . Premio Letteratura Ragazzi di Cento සම්මානය සඳහා නිර්දේශ වෙන්නේ ජාන්නි රෝදරී ගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් හමුවේදී යි .
එතැන් සිට රොබෑර්තෝ පියුමීණි

ළමා යොවුන් සාහිත්‍ය කෘති මෙන්ම 1990 සිට නවකතා හතරක්, කෙටිකතා එකතු පහක්, සාහිත්‍යමය උපහාසාත්මක ගීත සහ වැඩිහිටියන් සඳහා ආඛ්‍යාන කවි ප්‍රකාශයට පත් කරනවා . ඔහු ප්‍රකාශන ආයතන 80 පමණ එක්ව සුරංගනා කතා, කෙටිකතා සහ දිගු කතා, නවකතා, ළදරු ගීත, කවි, නාට්‍ය, ගීත පද රචනා, සංගීත නාට්‍ය සහ , පරිවර්තන, අනුවර්තන ඇතුළු නිර්මාණ රාශියක් ඉතාලි ළමා යොවුන් සාහිත්‍යයට එකතු කරනවා. එමෙන්ම ඔහු ළමා සඟරා සඳහා කවි, ගද්‍ය සහ නාට්‍ය නිර්මාණ දායක කර ඇති අතර, අධ්‍යාපනික සඟරා සහ පාසල් පෙළපොත් සඳහා ද නිර්මාණ ප්‍රකාශයට පත් කර තියනවා .
රොබෑර්තෝ පියුමීණි ගේ නිර්මාණ රාශියක් සම්මානයට සහ ඇගයුමට පාත්‍ර වී ඇති අතර ඔහුගේ ළමා යොවුන් සාහිත්‍ය කෘති වෙනත් භාෂාවන් වලට පරිවර්තනය වීම සඳහා මේ ඇගයුම් ඉවහල් වෙනවා .
අපි ඔහුගේ නිර්මාණ කිහිපයක් රස විඳිමු
►දෑත් සමඟ
මිට මොලවා තද කළ අත
මුහුණට හෝ නාසයට පහර දෙයි
සැහැල්ලු නිදහස් අත
පරිත්‍යාගයට හෝ සමාවට දිගු වෙයි
යමක් දැඩිව හිරවි පවතින විට
එහි කේන්තිය හෝ බිය රැඳෙයි
විවෘතව පවතින තැන කාරුණිකය
ආදරයෙන් මුරුදුව ස්පර්ශ කළ හැකිය
මිටමොලොවා ගත් අත ගලක්ය
ගැටුමට හෝ යුද්ධයට සූදානම්ය
විවෘත නිදහස් අත මලක්ය
මිත්‍රත්වයට ආදරයට දිගු ය
►සරත් සෘතුව
කවදද පෘථිවිය
නිදන්න සුදානම් වන්නේ
සැහැල්ලු පත්
පොරෝනාව යට .
ඒ විහඟ ගී ගායනා
නවතා දමන කළ .
කවදද මිනිසුන්
කුඩ මල් පුබුදන්නේ ,
කවදද ඇසෙන්නෙ
කෙනෙකුගේ කැස්සක් ,
කවදද දරුවෙකු
ශිෂ්‍යයෙකු වන්නේ,
“අන්න” සරත් ඍතුව!
• ඉතාලියේ නව පාසල් වාරය සැප්තැම්බර් මාසයේ ආරම්භ කරනවා. කුඩා දරුවන් ශිෂ්‍යයන්වී පාසල් ජීවිතය ආරම්භ කරන්නේ සැප්තැම්බර් මාසයේ .
► කක්කා ගීතය
මට දැනෙනවා තෙරපෙන බවක් මගේ බඩ ඇතුලේන්
සමහරවිට හිපපොටේමස් හෝ ප්‍රංශ රජෙක් වෙන්නට පුළුවන්
සමහරවිට තොටුපළෙන් යන විශාල නෞකාවක් වෙන්නට පුළුවන්
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
එළියට එන්න ඕන දෙයක් ඇතුලේ තියෙනවා
සමහරවිට සිරකරුවන් හෝ ඒ මල් වෙන්නට පුළුවන්
සමහරවිට මල්ලක දමා තදින් ගැට ගැසු කිකිළියන් වෙන්නට පුළුවන්
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
මට ඇතුළතින් දැනෙනවා නිදහස සොයන චලනයක්
සමහර විට ගැටී කැලඹෙන මුහුදු රළක් වෙන්නට පුළුවන්
සමහරවිට බලගතු හමුදාවක උද්දාමය වෙන්නට පුළුවන්
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
පුපුරා යන්නට ආසන්න කැළඹීමක් දැන් ඇතුලතින් දැනෙනවා
මුළු නගරයේම පොළොව යට වලවල් පුපුරා යන්නට පුළුවන්
සමහර විට භූමිකම්පාවක වගේ කැඞී බිඳී යන්නට පුළුවන්
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
සමහරවිට, සමහරවිට – එ මගේ කක්කා
• මේ ගීතය මුලින් 1992 දී සංගීත කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. වයස 5/7 දරුවන් සඳහා
►දරුවන් මල්ය …
බඳුන්වල බහාලන් නැති
මල්ය දරුවන්
ආලෝකය නාසය මතට වැටෙන විට
ඔවුන් හොඳින් වැඩෙන්නේ එළිමහනේය
ඔවුන්ගේ නළල මත හිරු පතිත වන විට
වාතාශ්‍රයෙන් පිරෙයි හිස කෙස්
දරුවන් යනු
තණබිම්වල වගා කළ යුතු මල් ය.
#හිල්මිසුපුන් | #තරුෂපෙරේරා

