මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවත අරඹන්න ආණ්ඩුව සූදානම්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බලශක්ති අමාත්‍යාංශයට සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට “වහාම ක්‍රියාත්මක වන පරිදි මන්නාරම සුළං බල ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස” උපදෙස් ලබාදී තිබේ.

විනාශකාරී සුළං බලාගාර සහ වැලි කැණීම් ව්‍යාපෘතිවලට එරෙහිව මන්නාරම දූපතේ ජනතාව දින 50කට අධික කාලයක් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වෙමින් සිටියි. එම විරෝධතාවය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් මසකින් කල් දමමින් මන්නාරම ජනතාවට පොරොන්දු වූවේ ප්‍රජාව සමඟ තවදුරටත් සාකච්ඡා නොකර සුළං බල ව්‍යාපෘතිය නැවත ආරම්භ නොකරන බවයි. පසුගිය සතියේ (19) මන්නාරමේ නියෝජිතයින් හමුවූ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින්ද පොරොන්දු වී තිබුනේ රජය විසින් පත් කරන ලද කමිටුවේ එම වාර්තාවේ සොයාගැනීම් සහ නිර්දේශ මන්නාරම ජනතාව සමඟ බෙදාගෙන සාකච්ඡා කරනු ඇති බවයි.

සුළං බල සහ වැලි කැණීම් ව්‍යාපෘති දෙක හරහාම ජීවනෝපායන්, පරිසරය, සංක්‍රමණික පක්ෂි ජනගහනය සහ රැම්සාර් තෙත්බිම් භූමිය කෙරෙහි ඇති කරන බලපෑම සැලකිල්ලට ගනිමින්, සහ ප්‍රාදේශීය ප්‍රජාව, පාරිසරික කණ්ඩායම්, විද්වතුන් සහ ක්‍රියාකාරීන්ගේ දැවැන්ත විරෝධය නොතකා, හේලීස් ෆෙන්ටන් හි අනුබද්ධිත සමාගමක් වන හේවින්ඩ් වෙත ලබා දී ඇති සුළං බල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...