මත්ද්‍රවයවලට සම්බන්ධ දේශපාලනඥයෝ හෙළිකිරීම තව කල් යනවලු

Date:

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසද්දී ඒ පිළිබඳව නිසි තොරතුරු ජනතාවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ඊයේ (23) පැවති කැබිනට් තීරන දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා තිබේ.

ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ. වුට්ලර් පැවසුවේ, යම් හෙයකින් නමක් ගමක් විමර්ශනයකදී එළිදැක්වුවහොත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා වන බවයි.

එබැවින් ඉතාමත්ම සංවේදීව සහ පැහැදිලිව විමර්ශන කටයුතු සිදු කරමින් යන බවත් ඉදිරියේදී යහපත් ප්‍රතිඵල ලබා දීමට හැකි වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, පරීක්ෂණ අංශ කලබලයකින් තොරව වැඩකටයුතු කරගෙන යන බවත්, මෙය සුළුපටු කාරණයක් නොවන බවත් ය.

“මේ ජාලය සැලකිය යුතු පදාසයක විහිදිලා තියෙන්නේ. සමහර ආරක්ෂක අංශ, සමහර දේශපාලන යාන්ත්‍රණ මේවාට සම්බන්ධයි. ඒවා පරීක්ෂණවලින් හෙළිදරව් වෙමින් පවතිනවා,” යනුවෙන් පැවසූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, ජනතාව කලබල විය යුතු නැති බවත්, විශ්වාසයෙන් බලා සිටින ලෙසත් එහිදී ඉල්ලා ඇත.

මෙම ජාලය කෙතරම් දුරට විහිදී ඇත්දැයි පරීක්ෂණ ඔස්සේ සොයා ගන්නා බවත්, ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...