තවත් සමූහ මිනිවලක තොරතුරු මුතූර් – සාම්පූර් මුහුදු වෙරළ තීරයෙන්

මුතූර් – සාම්පූර් මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් කිහිපයක් පසුගිය 20 වැනිදා සොයාගෙන තිබේ.

MAG නමැති බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ කණ්ඩායමක් පසුගිය දිනයක එම ප්‍රදේශයේ පිහි‌ටා ඇති ළමා උද්‍යානයට ආසන්නව ඇති මුහුදු වෙරළ ප්‍රදේශයේ කැණීම් සිදු කර ඇති අතර එහිදී එම ස්ථානයෙන් කැඩුණු හිස් කබලක් සහ පාදයක අස්ථි සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟ එම ස්ථානයට පැමිණ නිරීක්ෂණ කළ මුතූර් වැඩබලන මහේස්ත්‍රාත් එම්.එම්. නස්ලීම් අදාළ කැණීම් කටයුතු ලබන 23 වැනිදා දක්වා අත්අහිටුවීමට නියෝගය කළේය.

මහේස්ත්‍රාත්, අධිකරණ වෛද්‍ය නිලධාරි, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය යන දෙපාර්තමේන්තු නිලධාරින් ඉදිරියේ අදාළ කැණීම් කටයුතු 23 වැනිදා සිදු කරන ලෙසටත් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් යොදවන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කර ති‌බේ.

මෙම මිනිස් අස්ථි අවශේෂ සොයා ගත් ප්‍රදේශයේ සිට මීටර් 40ක පමණ දුරින් 1990 වර්ෂයේදී ශ්‍රී ලංකා හමුදා විසින් සිවිල් වැසියන් 56 දෙනෙකුගේ සමූහ ඝාතනය සිදු කළ ස්ථානය පිහිටා තිබේ.

Avathi

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...