KDU සිසුන් ගොනුකළ නඩුවක් අවසන් කරයි

කොතලාවල විශ්ව විද්‍යාලය සඳහා දේශීය සිසුන් බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ ඒ සම්බන්ධව පැවති නඩුවක් සමතයකට පත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුළත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයට පත් කළ හැකි බව දෙපාර්ශවයේ නීතිඥවරු අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, මෙම පෙත්සම අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, මහින්ද සමය වර්ධන සහ මේනකා විජේසුන්දර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සනාථන සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් කවිතා ගිමානි පැපොල ඇතුළු සිසුන් දස දෙනෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කොට තිබුණා.

සිසුන් පෙත්සම මඟින් ඉල්ලා තිබුණේ, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට දේශීය සිසුන් බඳවා නොගැනීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා විදේශීය සිසුන් සහ ශිෂ්‍ය භට නිලධාරීන් වශයෙන් බඳවා ගන්නා සිසුන් හැර දේශීය සිසුන් බඳවා නොගන්නා බවට තීරණය කර ඇතැයි පසුගිය මැයි 23 වන දින දැනුම් දීමත් සමඟ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

සිසුන් පෙන්වා දී තිබුණේ මෙම ප්‍රකාශයෙන් පසුව විශ්වවිද්‍යාල වෙබ් අඩවියෙහි තවදුරටත් දේශීය සිසුන් වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා බඳවා නොගන්නා බවට දැනුම් දීමක් සිදු කර ඇති බවයි.

කෙසේවෙතත්, සති කිහිපයක කාලයක නතර වී තිබූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා දේශීය සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා සඳහන් කර ඇත.

එක් වර්ෂයක් සඳහා එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් බඳවා ගැනීම, එම බඳවා ගන්නා සමස්ත වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 150කට සීමා වීම මෙන්ම ගෙවීමේ පදනම මත බඳවා ගන්නා දේශීය සිවිල් වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම වශයෙන් 100ක් විය යුතු බව ආණ්ඩුව පත්කළ කමිටුවේ නිර්දේශය වී තිබේ.

වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමේ දී ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශීය සිසුන් සහ දේශීය සිසුන් යන අනුපිළිවෙලට ප්‍රමුඛතාවය ලබාදෙනු ලබන අතර මෙහි කළමනාකරණ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි වෛද්‍ය සිසුන් බඳවාගැනීමේ නිර්ණායකයක් වශයෙන් 1.4000ක හෝ ඊට ඉහළ අවම ඉසෙඩ් අගයක් පවත්වා ගැනීමට කටයුතු කරනු ඇති.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...