සජබ අර්බුදය නැවතත් මතුවෙයි

කොළඹ නගර සභාවේ බලය ගිලිහීයාම සහ තවත් පළාත් පාලන ආයතන කිහිපයකම බලය පිහිටුවීමට සමගි ජන බලවේගයේ නියෝජිතයන් ආණ්ඩු පක්ෂයට සහය දැක්වීම හරහා සජබය තුළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ.

විශේෂයෙන් කොළඹ බලය ගොඩනැගීමට අවස්ථාව තිබියදී ඒ සඳහා උත්සාහ නොකළ බව සහ මැතිවරණ මොහොතේ පවා සන්ධානයකට නොයා අවසන් මොහොතේ අනිත් විපක්ෂ බලවේග සමඟ සන්ධානගත වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ට විවේචන එල්ල වෙමින් ඇති බව වාර්තා වේ.

මේ අතර පළාත් පාලන ආයතන දෙකක ජාතික ජන බලවේගය වෙනුවෙන් සහය පලකළ සජබ නියෝජිතයන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් පක්ෂය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වේ.

එසේම කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව රංජිත් මද්දුම බණ්ඩාර ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...