මන්නාරම සුළං බලාගාරය ගැන තීරණය කල් දාන්නේ මෝදි එනතුරුද?

මන්නාරම සුළං බලාගාරය සඳහා විකල්ප සලකා බැලීමට පෙර ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාවේ අදානි සමූහයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයට සති දෙකක කාලයක් ලබා දී ඇති බව ලංකාවේ බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබීම සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ.

ඉන්දීය අගමැති අප්‍රේල් මාසයේ මෙරට සංචාරය කිරීමට නියමිත බැවින් ඒ වනතුරු මේ සම්බන්ධ තීරණයක් ගැනීමට කල් මරමින් සිටින බවට අදහස් පලවෙමින් පවතියි.

පාර්ලිමේන්තුවේ බලශක්ති අමාත්‍යාංශය පිළිබඳ උපදේශන කාරක සභාවේදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණ ගැනීමට සති දෙකක කාලයක් ලබාදී ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ, අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවයි.

එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත් මේ අනුව ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවත් අමාත්‍යවරයා පවසයි. ආයෝජන මණ්ඩලය ලබාදෙන්නේ බදු සහන පමණක් බවත් , විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම සම්බන්ධ ඔවුන්ට බලතල නොමැති බවත් ඇමතිවරයා පවසයි.

“මෙම සති දෙක තුළ සෘණාත්මක ප්‍රතිචාරයක් ලැබුණහොත් පමණක් විකල්පයක් කරා යන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මීට අමතරව, අනාගතයේදී එවැනි ව්‍යාපෘති රජයෙන් රජයට (G2G) ගිවිසුම් සහ තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමයක් හරහා පමණක් සිදු කෙරෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.

Adani සමූහ ව්‍යාපාරය විදුලි ඒකකයක් සඳහා ඇමෙරිකානු ඩොලර් ශත 8.26 ක ගාස්තුවක් සඳහා එකඟ වී තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...