ආයුධ පෙන්වීමේ නාටක අවශ්‍ය කාටද?

අත්අඩංගුවට ගත් සැකකරුවන් ‘අයුධ පෙන්වීමේ’ නාටක ජනතාවට පෙන්වා ඝාතනය කර සාක්කි විනාෂ කිරීමේ සාම්ප්‍රදායික පොලිස් සංස්කෘතිය පරාජය කළ යුතුය.

මාකඳුරේ මදූෂ් නම් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී ඝාතනය කළේ ඔහු පිටුපස තිබෙන පොලිස් සහ දේශපාලන හස්ථයන් ගැන තොරතුරු අනාවරණය වීම වැලැක්වීමට යන්න රහසක් නැත.

යාපනය විද්‍යා දැරිය ඝාතන සිදුවීමට අදාලව ස්විස් කුමාර් නම් සැකකරු ඇතුළු පිරිසට එරෙහිව මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදී සාක්කි මගින ස්විස් කුමාර්ට පැනයෑමට උදව් කළ ලලිත් ජයසිංහ ගැන කරුණු අනාවරණය විය. ඇතැම්විට විද්‍යා ඝාතකයන්ට නීත්‍යනුකූලව නඩු දානවා වෙනුවට ආයුධ පෙන්වීමට ගෙන ගොස් පරලොව ඇරියේ නම් නඩු විභාගයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයිසංහගේ සම්බන්ධතාවය දිග හැරෙන්නට ඉඩ නොතිබිණි.

ශ්‍රී ලංකාවේ අපරාධ සඳහා කඩිනම් නඩු විභාග ක්‍රමවේදයක් සකස් කර නීතිය මගින් දඩුවම් පැමිණවීමට ඉඩ හැරීම සහ බන්ධනාගාර ගතව අපරාධ කරන සංස්කෘතිය අවසන් කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද අනුමගමනය කරනවා වෙනුවට සැකකරුවන් නීතියට පිටින් ‘ආයුධ පෙන්වීමේ’ නාටකය රඟපා ඝාතනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. එයින් සිදුවන්නේ සැකකරුවන් පිටුපස සිටින කොන්ත්‍රාත්කරුවන්, දේශපාලනඥයන් සහ පොලිස් ලොක්කන් ගැන හෙළිදරව්වීම වැලැක්වීම පමණි.

එසේම ඇතැම් අවස්ථාවලදී පොලිසිය වැරදීමකින් අත්අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන් ද පොලිසියේ වැරදීම වසා ගැනීමට ආයුධ පෙන්වීම සඳහා රැගෙන ගොස් ඝාතනය කර ඔවුන් කළායැයි කියන අපරාධ කිහිපයක් ගැන මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ද දැක ඇත.

කොටහේනේ වෙඩි තැබීමට සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා ‘ආයුධ පෙන්වීමේ’ නාටකය පෙන්වා ඝාතනය කළේ කාගේ කොන්ත්‍රාත්තුවකටද යන්න පොලිසිය හෙළිදරව් කළ යුතුය. ‘අපි මෙතන හිටියා, මෙයා මෙතන හිටියා, මෙහෙමයි තුවක්කුව ඉදිරුවේ..’ වගේ සාම්ප්‍රදායික තිර පිටපත් එළියට දානවා වෙනුවට, බලහත්කාරයෙන් සමහර දේවල් කරන්න කියලා ගන්න වීඩියෝ එළියට දානවා වෙනුවට කොටහේනේ සැකකරුවන් ඝාතනය කිරීමේ සැබෑ අරමුණ ගැන රටට හෙළිදරව් කළ යුතුය.

කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා කවුද? ඔවුන් පැමිණියේ කාගේ කොන්ත්‍රාත්තුවකට ද? ඔවුන් පිටුපස සිටින පිරිස් කවුද? මෙය පොලිසියට සැකකරුවන් ඝාතනය කිරීම සදහා පාර කපා ගැනීමට ඔවුන් විසින්ම කළ වැඩක්ද ආදිය ගැන රටට හෙළිදරව් කළ යුතුය.

තරිඳු ජයවර්ධන

Share post:

Popular

More like this
Related

විසි දෙකේ තීන්දුව කතානායකට

විසි දෙකට පක්ෂ විපක්ෂව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් විභාගය...

විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් පෙරටුගාමින් යළි මහජන උපයෝගීතා කොමිසමට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද යළි මහජන උපයෝගීතා කොමිෂන් සභාව...

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...